☰
පින්වත් මහණෙනි, කරුණු තුනකින් සමන්විත වූ ස්ත්රිය බොහෝ සෙයින් ම කය බිඳී මරණින් මතු අපාය නම් වූ, දුගතිය නම් වූ, විනිපාතය නම් වූ නිරයේ උපදිනවා. කවර කරුණු තුනකින්ද යත්? පින්වත් මහණෙනි, මෙහිලා ස්ත්රිය උදේ වරුවේ මසුරුමලයෙන් (තමා සතු දෙයක් තව කෙනෙක් පරිභෝග කොට සැප විඳිනවාට ඇති අකමැත්ත මසුරුකමයි. එයින් වැසී ගිය සිතක් ඇති විට මසුරුමල (මලකඩ) නම් වේ) යට වූ සිතින් යුතුව ගෙදර වසයි. දහවල් කාලයෙහි ඊර්ෂ්යාවෙන් යට වූ සිතින් යුතුව ගෙදර වසයි. රාත්රී කාලයෙහි කාමරාගයෙන් යට වූ සිතින් යුතුව ගෙදර වසයි. පින්වත් මහණෙනි, මේ කරුණු තුනෙන් සමන්විත වූ ස්ත්රිය බොහෝ සෙයින් ම කය බිඳී මරණින් අපාය නම් වූ, දුගතිය නම් වූ, විනිපාතය නම් වූ නිරයේ උපදිනවා.
සාදු! සාදු!! සාදු!!!
තීහිධම්මේහි සූත්රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_3-1-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M