සංයුත්ත නිකාය

සළායතන වග්ගෝ

3.1.5. අනුරුද්ධ සුත්තං

3.1.5. අනුරුද්ධ තෙරුන්ට වදාළ දෙසුම

එදා ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන් භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි තැනට පැමිණුනා. ….(පෙ)…. එකත්පස්ව වාඩිවුණ ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන් භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ සැළකළා.

ස්වාමීනී, මෙහි මං මිනිස් ඇස ඉක්මවා ගිය පිරිසිදු දිවැසින් ස්ත්‍රියක් දැක්කා. ඈ කය බිඳී මරණින් මතු අපාය නම් වූ, දුගතිය නම් වූ, විනිපාත නම් වූ නිරයේ උපන්නා. ස්වාමීනී, කොතෙක් කරුණු වලින් සමන්විත වූ ස්ත්‍රියද කය බිඳී මරණින් මතු අපාය නම් වූ, දුගතිය නම් වූ, විනිපාතය නම් වූ නිරයේ උපදින්නේ?

පින්වත් අනුරුද්ධ, කරුණු පහකින් සමන්විත වූ ස්ත්‍රිය කය බිඳී මරණින් මතු අපාය නම් වූ, දුගතිය නම් වූ, විනිපාතය නම් වූ නිරයේ උපදිනවා. කවර කරුණු පහකින්ද යත්? ශ්‍රද්ධාවකින් තොරව ඉන්නවා. පවට ලැජ්ජාවක් නැතුව ඉන්නවා. විපාකයට භයක් නැතුව ඉන්නවා. ක්‍රෝධ කරනවා. ප්‍රඥාවකින් තොරව ඉන්නවා. පින්වත් අනුරුද්ධ, මේ කරුණු පහෙන් සමන්විත වූ ස්ත්‍රිය කය බිඳී මරණින් මතු අපාය නම් වූ, දුගතිය නම් වූ, විනිපාතය නම් වූ නිරයේ උපදිනවා.

සාදු! සාදු!! සාදු!!!

අනුරුද්ධ සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_3-1-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M