සංයුත්ත නිකාය

සළායතන වග්ගෝ

3.1.3. ආවේණිකදුක්ඛ සුත්තං

3.1.3. ස්ත්‍රියට ආවේණික වූ දුක ගැන වදාළ දෙසුම

පින්වත් මහණෙනි, පුරුෂයන්ට අයත් නැති යම් දුකක් ස්ත්‍රිය විඳවනවා නම්, ස්ත්‍රියට පමණක් ආවේණික වූ දුක් පහක් තියෙනවා. කවර දුක් පහක් ද යත්?

පින්වත් මහණෙනි, මෙහිලා ස්ත්‍රිය තරුණ කාලයේදී ම ස්වාමියාගේ ගෙදරට යනවා. නෑදෑයින්ගෙන් වෙන් වෙනවා. පින්වත් මහණෙනි, පුරුෂයන්ට අයත් නැති යම් දුකක් ස්ත්‍රිය විඳවනවා නම්, ස්ත්‍රියට පමණක් ආවේණික වූ පළමු දුක මෙය යි.

පින්වත් මහණෙනි, නැවත අනෙකක් කියමි. ස්ත්‍රිය ඔසප් වෙයි. පින්වත් මහණෙනි, පුරුෂයන්ට අයත් නැති යම් දුකක් ස්ත්‍රිය විඳවනවා නම්, ස්ත්‍රියට පමණක් ආවේණික වූ දෙවෙනි දුක මෙයයි.

පින්වත් මහණෙනි, නැවත අනෙකක් කියමි. ස්ත්‍රිය ගැබ් ගන්නවා. පින්වත් මහණෙනි, පුරුෂයන්ට අයත් නැති යම් දුකක් ස්ත්‍රිය විඳවනවා නම්, ස්ත්‍රියට පමණක් ආවේණික වූ තුන්වෙනි දුක මෙයයි.

පින්වත් මහණෙනි, නැවත අනෙකක් කියමි. ස්ත්‍රිය දරුවන් වදනවා. පින්වත් මහණෙනි, පුරුෂයන්ට අයත් නැති යම් දුකක් ස්ත්‍රිය විඳවනවා නම්, ස්ත්‍රියට පමණක් ආවේණික වූ සිව්වෙනි දුක මෙයයි.

පින්වත් මහණෙනි, නැවත අනෙකක් කියමි. ස්ත්‍රිය පුරුෂයාගේ උපස්ථානයට එළඹෙනවා. පින්වත් මහණෙනි, පුරුෂයන්ට අයත් නැති යම් දුකක් ස්ත්‍රිය විඳවනවා නම්, ස්ත්‍රියට පමණක් ආවේණික වූ පස්වෙනි දුක මෙයයි.

පින්වත් මහණෙනි, පුරුෂයන්ට අයත් නැති යම් දුකක් ස්ත්‍රිය විඳවනවා නම්, ස්ත්‍රියට පමණක් ආවේණික වූ දුක් පහ මෙයයි.

සාදු! සාදු!! සාදු!!!

ආවේණිකදුක්ඛ සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_3-1-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M