☰
පින්වත් මහණෙනි, අංග පහකින් සමන්විත වූ පුරුෂයා ඒකාන්තයෙන් ම ස්ත්‍රියට අමනාපය ඇති කරවනවා. කවර පහකින්ද යත්? ඔහු රූපවත් නෑ. භෝග සම්පත් නෑ. සිල්වත් නෑ. අලසයි. ඔහු නිසා දරුවන් ලබන්නේ නෑ. පින්වත් මහණෙනි, මේ කරුණු පහෙන් සමන්විත වූ පුරුෂයා ඒකාන්තයෙන් ම ස්ත්‍රියට අමනාපය ඇති කරවනවා.
පින්වත් මහණෙනි, අංග පහකින් සමන්විත වූ පුරුෂයා ඒකාන්තයෙන් ම ස්ත්‍රියට මනාපය ඇති කරවනවා. කවර පහකින්ද යත්? ඔහු රූපවත්. භෝග සම්පත් තියෙනවා. සිල්වත්ව ඉන්නවා. දක්‍ෂයි, අලස නෑ. ඔහු නිසා දරුවන් ලබනවා. පින්වත් මහණෙනි, මේ කරුණු පහෙන් සමන්විත වූ පුරුෂයා ඒකාන්තයෙන් ම ස්ත්‍රියට මනාපය ඇති කරවනවා.
සාදු! සාදු!! සාදු!!!
පුරිස සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_3-1-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M