සංයුත්ත නිකාය

සළායතන වග්ගෝ

3.1.1. මාතුගාම සුත්තං

3.1.1. ස්ත්‍රිය ගැන වදාළ දෙසුම

පින්වත් මහණෙනි, අංග පහකින් සමන්විත වූ ස්ත්‍රිය පුරුෂයාට ඒකාන්තයෙන් ම අමනාපය ඇති කරවනවා. කවර පහකින්ද යත්? ඈ රූපවත් නෑ. භෝග සම්පත් නෑ. සිල්වත් නෑ. අලසයි. පුරුෂයා නිසා දරුවන් ලබන්නේ නෑ. පින්වත් මහණෙනි, මේ කරුණු පහෙන් සමන්විත වූ ස්ත්‍රිය ඒකාන්තයෙන් ම පුරුෂයාට අමනාපය ඇති කරවනවා.

පින්වත් මහණෙනි, අංග පහකින් සමන්විත වූ ස්ත්‍රිය පුරුෂයාට ඒකාන්තයෙන් ම මනාපය ඇති කරවනවා. කවර පහකින්ද යත්? ඈ රූපවත්. භෝග සම්පත් තියෙනවා. සිල්වත්ව ඉන්නවා. දක්‍ෂයි, අලස නෑ. පුරුෂයා නිසා දරුවන් ලබනවා. පින්වත් මහණෙනි, මේ කරුණු පහෙන් සමන්විත වූ ස්ත්‍රිය ඒකාන්තයෙන් ම පුරුෂයාට මනාපය ඇති කරවනවා.

සාදු! සාදු!! සාදු!!!

මාතුගාම සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_3-1-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M