සංයුත්ත නිකාය

සළායතන වග්ගෝ

2.3.4. පුබ්බේ සුත්තං

2.3.4. ‘සම්බුද්ධත්වයට පෙර’ යන්න ගැන වදාළ දෙසුම

පින්වත් මහණෙනි, සම්බුද්ධත්වයට පෙර ම, සම්බුදු නොවී සිටියදී ම, බෝධිසත්වයන් වශයෙන් (බෝධි මූලයේදී) සිටියදී ම මට මේ අදහස ඇති වුණා. වේදනාව යනු කුමක්ද? වේදනාවේ හටගැනීම යනු කුමක්ද? වේදනාව හටගැනීම පිණිස පවතින ප්‍රතිපදාව යනු කුමක්ද? වේදනාව නිරුද්ධ වීම යනු කුමක්ද? වේදනාව නිරුද්ධ වීම පිණිස පවතින වැඩපිළිවෙළ යනු කුමක්ද? වේදනාවේ ආශ්වාදය කුමක්ද? වේදනාවේ ආදීනවය කුමක්ද? වේදනාවේ නිස්සරණය කුමක්ද? කියලා.

එතකොට මට පින්වත් මහණෙනි, මේ අදහස ඇති වුණා. මේ වේදනා තුනක් තියෙනවා. සැප වේදනාව, දුක් වේදනාව හා දුක් සැප රහිත වේදනාවයි. වේදනාව කියන්නේ මෙයටයි. ස්පර්ශය හටගැනීමෙනුයි වේදනාව හටගන්නේ. වේදනාව හටගැනීම පිණිස පවතින වැඩපිළිවෙළ වනාහී තණ්හාව යි ….(පෙ)…. වේදනාව කෙරෙහි ඇති ඡන්දරාගයේ යම් දුරුවීමක් ඇද්ද, ඡන්දරාගයේ ප්‍රහාණයක් ඇද්ද මේක වේදනාවේ නිස්සරණය යි.

සාදු! සාදු!! සාදු!!!

පුබ්බේ සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_2-3-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M