සංයුත්ත නිකාය

සළායතන වග්ගෝ

2.3.5. ඤාණ සුත්තං

2.3.5. ඤාණය ගැන වදාළ දෙසුම

පින්වත් මහණෙනි, මේවා තමයි වේදනාවන් කියලා මා හට පෙර නොඇසූ විරූ ධර්මයන්හි දහම් ඇස පහළ වුණා. ඤාණය පහළ වුණා. ප්‍රඥාව පහළ වුණා. විද්‍යාව පහළ වුණා. ආලෝකය පහළ වුණා. මෙය තමයි වේදනාවේ හටගැනීම කියලා මා හට පෙර නොඇසූ විරූ ධර්මයන්හි දහම් ඇස පහළ වුණා ….(පෙ)…. ආලෝකය පහළ වුණා. මෙය තමයි වේදනාවන් හටගන්නා වූ වැඩපිළිවෙළ කියලා මා හට පෙර නොඇසූ විරූ ධර්මයන්හි දහම් ඇස පහළ වුණා ….(පෙ)…. ආලෝකය පහළ වුණා. මෙය තමයි වේදනාවන් නිරුද්ධ වීම කියලා මා හට පෙර නොඇසූ විරූ ධර්මයන්හි දහම් ඇස පහළ වුණා ….(පෙ)…. ආලෝකය පහළ වුණා. මෙය තමයි වේදනාවන් නිරුද්ධ වීම පිණිස පවතින වැඩපිළිවෙළ කියලා මා හට පෙර නොඇසූ විරූ ධර්මයන්හි දහම් ඇස පහළ වුණා ….(පෙ)…. ආලෝකය පහළ වුණා. මෙය තමයි වේදනාවේ ආශ්වාදය කියලා මා හට පෙර නොඇසූ විරූ ධර්මයන්හි දහම් ඇස පහළ වුණා ….(පෙ)…. ආලෝකය පහළ වුණා. මෙය තමයි වේදනාවේ ආදීනවය කියලා මා හට පෙර නොඇසූ විරූ ධර්මයන්හි දහම් ඇස පහළ වුණා ….(පෙ)…. ආලෝකය පහළ වුණා. මෙය තමයි වේදනාවේ නිස්සරණය කියලා මා හට පෙර නොඇසූ විරූ ධර්මයන්හි දහම් ඇස පහළ වුණා. ඤාණය පහළ වුණා. ප්‍රඥාව පහළ වුණා. විද්‍යාව පහළ වුණා. ආලෝකය පහළ වුණා.

සාදු! සාදු!! සාදු!!!

ඤාණ සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_2-3-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M