එදා එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි තැනට පැමිණුනා. ….(පෙ)…. එකත්පස්ව වාඩිවුණ ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේ ගෙන් මෙකරුණ විමසුවා. ස්වාමීනී, වේදනාව යනු කුමක්ද? වේදනාවේ හටගැනීම යනු කුමක්ද? වේදනාව හටගැනීම පිණිස පවතින ප්‍රතිපදාව යනු කුමක්ද? වේදනාව නිරුද්ධ වීම යනු කුමක්ද? වේදනාව නිරුද්ධ වීම පිණිස පවතින ප්‍රතිපදාව යනු කුමක්ද? වේදනාවේ ආශ්වාදය කුමක්ද? වේදනාවේ ආදීනවය කුමක්ද? වේදනාවේ නිස්සරණය කුමක්ද?
පින්වත් භික්ෂුව, මේ වේදනා තුනක් තියෙනවා. සැප වේදනාව, දුක් වේදනාව හා දුක් සැප රහිත වේදනාව. පින්වත් භික්ෂුව, වේදනාව කියන්නේ මෙයටයි. ස්පර්ශය හටගැනීමෙනුයි වේදනාව හටගන්නේ. වේදනාව හටගැනීම පිණිස පවතින වැඩපිළිවෙළ වනාහී තණ්හාව යි. ස්පර්ශය නිරුද්ධ වීමෙන් වේදනාව නිරුද්ධ වෙනවා. ඒ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය යනු වේදනාව නිරුද්ධ වීම පිණිස පවතින ප්‍රතිපදාව යි. ඒ කියන්නේ: සම්මා දිට්ඨි ….(පෙ)…. සම්මා සමාධි. වේදනාව නිසා යම් සැපයක්, සොම්නසක් උපදිනවා නම්, මේක තමයි වේදනාවේ ආශ්වාදය. යම් වේදනාවක් අනිත්‍යයි ද, දුකයි ද, වෙනස් වන ස්වභාවයෙන් යුක්තයි ද, මේක වේදනාවේ ආදීනවය යි. වේදනාව කෙරෙහි ඇති ඡන්දරාගයේ යම් දුරුවීමක් ඇද්ද, ඡන්දරාගයේ ප්‍රහාණයක් ඇද්ද මේක වේදනාවේ නිස්සරණය යි.
සාදු! සාදු!! සාදු!!!
භික්ඛු සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_2-3-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M