සංයුත්ත නිකාය

සළායතන වග්ගෝ

2.2.8. දුතිය අට්ඨක සුත්තං

2.2.8. වේදනාව පිළිබඳ අට කරුණකින් වදාළ දෙවෙනි දෙසුම

එදා බොහෝ භික්‍ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි තැනට පැමිණුනා. ….(පෙ)…. එකත්පස්ව වාඩිවුණ ඒ භික්‍ෂූන් වහන්සේලා ගෙන් භාග්‍යවතුන් වහන්සේ මෙකරුණ විමසුවා. පින්වත් මහණෙනි, වේදනාව යනු කුමක්ද? වේදනාවේ හටගැනීම යනු කුමක්ද? වේදනාව නිරුද්ධ වීම යනු කුමක්ද? වේදනාව නිරුද්ධ වීම පිණිස පවතින ප්‍රතිපදාව යනු කුමක්ද? වේදනාවේ ආශ්වාදය කුමක්ද? වේදනාවේ ආදීනවය කුමක්ද? වේදනාවේ නිස්සරණය කුමක්ද?

ස්වාමීනී, අපගේ ශ්‍රී සද්ධර්මය වනාහී භාග්‍යවතුන් වහන්සේ ම මුල් කොට ඇති සේක. ….(පෙ)…. පින්වත් මහණෙනි, මේ වේදනා තුනක් තියෙනවා. සැප වේදනාව, දුක් වේදනාව හා දුක් සැප රහිත වේදනාවයි. පින්වත් මහණෙනි, වේදනාව කියන්නේ මෙයටයි. ස්පර්ශය හටගැනීමෙනුයි වේදනාව හටගන්නේ. ….(පෙ)….

(පෙර සූත්‍රයේ පරිදි ම විස්තර කළ යුතුයි)

සාදු! සාදු!! සාදු!!!

දුතිය අට්ඨක සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_2-2-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M