☰
පින්වත් මහණෙනි, මේ වේදනා තුන අනිත්‍යයි. සංඛතයි. පටිච්චසමුප්පාදයෙන් හැදුණු දෙයක්. ක්‍ෂය වෙන ස්වභාවයෙන් යුක්තයි. නැසෙන ස්වභාවයෙන් යුක්තයි. ඇල්ම දුරු කළ යුතු ස්වභාවයෙන් යුක්තයි. ඇල්ම නිරුද්ධ කළ යුතු ස්වභාවයෙන් යුක්තයි. ඒ වේදනා තුන කුමක්ද? සැප වේදනාව, දුක් වේදනාව හා දුක් සැප රහිත වේදනාවයි. පින්වත් මහණෙනි, අනිත්‍ය වන්නේත්, සංඛත වන්නේත්, පටිච්චසමුප්පාදයෙන් හැදුණු දෙයක් වන්නේත්, ක්‍ෂය වෙන ස්වභාවයෙන් යුක්ත වන්නේත්, නැසෙන ස්වභාවයෙන් යුක්ත වන්නේත්, ඇල්ම දුරු කළ යුතු ස්වභාවයෙන් යුක්ත වන්නේත්, ඇල්ම නිරුද්ධ කළ යුතු ස්වභාවයෙන් යුක්ත වන්නේත්, මේ වේදනා තුන තමයි.
සාදු! සාදු!! සාදු!!!
අනිච්ච සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_2-1-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M