එදා වච්ඡගොත්ත පිරිවැජියා භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි තැනට පැමිණුනා. පැමිණිලා භාග්‍යවතුන් වහන්සේ සමඟ සතුටු වුණා. සතුටු විය යුතු පිළිසඳර කතාබහේ යෙදිලා එකත්පස්ව වාඩි වුණා. එකත්පස්ව වාඩිවුණ වච්ඡගොත්ත පිරිවැජියා භාග්‍යවතුන් වහන්සේගෙන් මෙකරුණ විමසුවා. භවත් ගෞතමයන් වහන්ස, ඇත්තෙන්ම ලෝකය සදාකාලිකද? පින්වත් වච්ඡ, ලෝකය සදාකාලික ද යන ඔය කාරණය මා විසින් නොවදාළ දෙයක් ….(පෙ)…. භවත් ගෞතමයන් වහන්ස, එහෙම නම් තථාගතයන් වහන්සේ මරණින් මතු ඉන්නෙත් නැද්ද?, නැත්තෙත් නැද්ද?” පින්වත් වච්ඡ, තථාගතයන් වහන්සේ මරණින් මතු ඉන්නේ නැත, නැත්තේ නැත ය යන කරුණ මා විසින් නොවදාළ දෙයක්.
භවත් ගෞතමයන් වහන්ස, මේ අයුරින් විමසූ විට අන්‍යාගමික පිරිවැජියන් “ලෝකය ශාස්වතයි කියා හෝ, ….(පෙ)…. තථාගතයන් වහන්සේ මරණින් මතු ඉන්නේත් නැත නැත්තේත් නැත කියා හෝ” ඔය අයුරින් පිළිතුරු දෙන්නට හේතුව කුමක්ද? ප්‍රත්‍යය කුමක්ද? භවත් ගෞතමයන් වහන්ස, මේ අයුරින් විමසූ විට භවත් ගෞතමයන් වහන්සේ “ලෝකය ශාස්වතයි කියා ද, ….(පෙ)…. තථාගතයන් වහන්සේ මරණින් මතු ඉන්නේත් නැත නැත්තේත් නැත කියා ද ඔය අයුරින් පිළිතුරක් නොදෙන්නට හේතුව කුමක්ද? ප්‍රත්‍යය කුමක්ද?
පින්වත් වච්ඡ, අන්‍යාගමික පිරිවැජියන් “රූපය ආත්මය වශයෙන් දකිනවා. රූපයෙන් හැදුනු ආත්මයක් දකිනවා. ආත්මයක් තුළ රූපය දකිනවා. රූපය තුළ ආත්මයක් දකිනවා. වේදනාව ආත්මය වශයෙන් දකිනවා. ….(පෙ)…. සඤ්ඤාව ….(පෙ)…. සංස්කාර ….(පෙ)…. විඤ්ඤාණය ආත්මය වශයෙන් දකිනවා. විඤ්ඤාණයෙන් හැදුනු ආත්මයක් දකිනවා. ආත්මයක් තුළ විඤ්ඤාණය දකිනවා. විඤ්ඤාණය තුළ ආත්මයක් දකිනවා. ඒ නිසයි මේ අයුරින් විමසූ විට අන්‍යාගමික පිරිවැජියන් “ලෝකය ශාස්වතයි කියා හෝ ….(පෙ)…. තථාගතයන් වහන්සේ මරණින් මතු ඇත්තේත් නැත නැත්තේත් නැත කියා හෝ ඔය අයුරින් පිළිතුරු දෙන්නේ.
පින්වත් වච්ඡ, තථාගත වූ අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ රූපය ආත්මය වශයෙන් දකින්නේ නෑ. රූපයෙන් හැදුණු ආත්මයක් දකින්නේ නෑ. ආත්මයක් තුළ රූපය දකින්නේ නෑ. රූපය තුළ ආත්මයක් දකින්නේ නෑ. වේදනාව ආත්මය වශයෙන් දකින්නේ නෑ ….(පෙ)…. සඤ්ඤාව ….(පෙ)…. දකින්නේ නෑ. සංස්කාර ….(පෙ)…. දකින්නේ නෑ. විඤ්ඤාණය ආත්මය වශයෙන් දකින්නේ නෑ. විඤ්ඤාණයෙන් හැදුණු ආත්මයක් දකින්නේ නෑ. ආත්මයක් තුළ විඤ්ඤාණය දකින්නේ නෑ. විඤ්ඤාණය තුළ ආත්මයක් දකින්නේ නෑ. ඒ නිසයි මේ අයුරින් විමසූ විට තථාගතයන් වහන්සේ “ලෝකය ශාස්වතයි කියාද ….(පෙ)…. තථාගතයන් වහන්සේ මරණින් මතු ඇත්තේත් නැත නැත්තේත් නැත කියාද ඔය අයුරින් පිළිතුරු නොදෙන්නේ.
එතකොට වච්ඡගොත්ත පිරිවැජියා අසුනෙන් නැගිට ආයුෂ්මත් මහා මොග්ගල්ලානයන් වහන්සේ වැඩසිටි තැනට ගියා. ගිහින් ආයුෂ්මත් මහා මොග්ගල්ලානයන් වහන්සේ සමඟ සතුටු වුණා. සතුටු විය යුතු පිළිසඳර කතාබහේ යෙදිලා එකත්පස්ව වාඩි වුණා. එකත්පස්ව වාඩිවුණ වච්ඡගොත්ත පිරිවැජියා ආයුෂ්මත් මහා මොග්ගල්ලානයන් වහන්සේගෙන් මෙකරුණ විමසුවා. භවත් මොග්ගල්ලානයෙනි, ඇත්තෙන්ම ලෝකය සදාකාලිකද? පින්වත් වච්ඡ, ලෝකය සදාකාලිකද යන ඔය කාරණය භාග්‍යවතුන් වහන්සේ විසින් නොවදාළ දෙයක්. භවත් මොග්ගල්ලානයෙනි, එහෙම නම් ලෝකය සදාකාලික නැද්ද? ….(පෙ)…. භවත් මොග්ගල්ලානයෙනි, එහෙම නම් තථාගතයන් වහන්සේ මරණින් මතු ඉන්නෙත් නැද්ද? නැත්තෙත් නැද්ද? පින්වත් වච්ඡ, තථාගතයන් වහන්සේ මරණින් මතු ඉන්නේ නැත, නැත්තේ නැත ය යන කරුණත් භාග්‍යවතුන් වහන්සේ විසින් නොවදාළ දෙයක්.
භවත් මොග්ගල්ලානයෙනි, මේ අයුරින් විමසූ විට අන්‍යාගමික පිරිවැජියන් “ලෝකය ශාස්වතයි කියා හෝ, ….(පෙ)… තථාගතයන් වහන්සේ මරණින් මතු ඉන්නේත් නැත නැත්තේත් නැත” කියා හෝ ඔය අයුරින් පිළිතුරු දෙන්නට හේතුව කුමක්ද? ප්‍රත්‍යය කුමක්ද? භවත් මොග්ගල්ලානයෙනි, මේ අයුරින් විමසූ විට ශ්‍රමණ ගෞතමයන් වහන්සේ “ලෝකය ශාස්වතයි කියා ද, ….(පෙ)…. තථාගතයන් වහන්සේ මරණින් මතු ඉන්නේත් නැත නැත්තේත් නැත” කියා ද ඔය අයුරින් පිළිතුරක් නොදෙන්නට හේතුව කුමක්ද? ප්‍රත්‍යය කුමක්ද?
පින්වත් වච්ඡ, අන්‍යාගමික පිරිවැජියන් “රූපය ආත්මය වශයෙන් දකිනවා. රූපයෙන් හැදුණු ආත්මයක් දකිනවා. ආත්මයක් තුළ රූපය දකිනවා. රූපය තුළ ආත්මයක් දකිනවා. වේදනාව ආත්මය වශයෙන් දකිනවා ….(පෙ)…. සඤ්ඤාව ….(පෙ)…. සංස්කාර ….(පෙ)…. විඤ්ඤාණය ආත්මය වශයෙන් දකිනවා. විඤ්ඤාණයෙන් හැදුණු ආත්මයක් දකිනවා. ආත්මයක් තුළ විඤ්ඤාණය දකිනවා. විඤ්ඤාණය තුළ ආත්මයක් දකිනවා. ඒ නිසයි මේ අයුරින් විමසූ විට අන්‍යාගමික පිරිවැජියන් “ලෝකය ශාස්වතයි කියා හෝ ….(පෙ)…. තථාගතයන් වහන්සේ මරණින් මතු ඇත්තේත් නැත නැත්තේත් නැත කියා හෝ ඔය අයුරින් පිළිතුරු දෙන්නේ.
පින්වත් වච්ඡ, තථාගත වූ අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ රූපය ආත්මය වශයෙන් දකින්නේ නෑ. රූපයෙන් හැදුණු ආත්මයක් දකින්නේ නෑ. ආත්මයක් තුළ රූපය දකින්නේ නෑ. රූපය තුළ ආත්මයක් දකින්නේ නෑ. වේදනාව ආත්මය වශයෙන් දකින්නේ නෑ ….(පෙ)…. සඤ්ඤාව ….(පෙ)…. දකින්නේ නෑ. සංස්කාර ….(පෙ)…. දකින්නේ නෑ. විඤ්ඤාණය ආත්මය වශයෙන් දකින්නේ නෑ. විඤ්ඤාණයෙන් හැදුණු ආත්මයක් දකින්නේ නෑ. ආත්මයක් තුළ විඤ්ඤාණය දකින්නේ නෑ. විඤ්ඤාණය තුළ ආත්මයක් දකින්නේ නෑ. ඒ නිසයි මේ අයුරින් විමසූ විට තථාගතයන් වහන්සේ “ලෝකය ශාස්වතයි කියා ද, ලෝකය අශාස්වතයි කියා ද, ලෝකය අන්තවත්ය කියා ද, ලෝකය අනන්තවත්ය කියා ද, ජීවයත් එයයි ශරීරයත් එයයි කියා ද, ජීවය අනෙකක් ශරීරයත් අනෙකක් කියා ද, තථාගතයන් වහන්සේ මරණින් මතු ඉන්නවා කියා ද, තථාගතයන් වහන්සේ මරණින් මතු නැත කියා ද, තථාගතයන් වහන්සේ මරණින් මතු ඇත නැත කියා ද, තථාගතයන් වහන්සේ මරණින් මතු ඉන්නේත් නැත නැත්තේත් නැත” කියා ද ඔය අයුරින් පිළිතුරු නොදෙන්නේ.
භවත් මොග්ගල්ලානයෙනි, ආශ්චර්යයි. භවත් මොග්ගල්ලානයෙනි, පුදුම සහගතයි. යම් හෙයකින් ශාස්තෘන් වහන්සේගේත් ශ්රාවකයෙකුගේත් මේ උතුම් දහම් කථාව තුළ අර්ථයෙන් අර්ථය, වචනයෙන් වචනය සැසඳිලා යනවා. ගැළපිලා යනවා. නොවෙනස් වෙලා යනවා. භවත් මොග්ගල්ලානයෙනි, දැන් මං ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ළඟට ගිහින් ඔය කාරණය ම ඇසුවා. ඒ ශ්‍රමණ ගෞතමයන් වහන්සේත් ඔය පදවලින් ම, ඔය වචන ප්‍රකාශ කිරීම් වලින් ම මේ කාරණාව භවත් මොග්ගල්ලානයන් වහන්සේ වදාළ පරිදිම පැහැදිලි කළා. භවත් මොග්ගල්ලානයෙනි, ආශ්චර්යයි. භවත් මොග්ගල්ලානයෙනි, පුදුම සහගතයි. යම් හෙයකින් ශාස්තෘන් වහන්සේගේත් ශ්රාවකයෙකුගේත් මේ උතුම් දහම් කථාව තුළ අර්ථයෙන් අර්ථය, වචනයෙන් වචනය සැසඳිලා යනවා. ගැළපිලා යනවා. නොවෙනස් වෙලා යනවා.
සාදු ! සාදු !! සාදු !!!
ඛන්ධ සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_10-1-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M