ඒ දිනවල ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේත්, ආයුෂ්මත් මහාකොට්ඨිතයන් වහන්සේත් වැඩසිටියේ බරණැස් නුවර ඉසිපතන නම් වූ මුවන්ගේ අභය භූමියේ. එදා ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ සවස් කාලයේ භාවනාවෙන් නැගිටලා, ආයුෂ්මත් මහාකොට්ඨිතයන් වහන්සේ වැඩසිටි තැනට පැමිණුනා. පැමිණිලා ආයුෂ්මත් මහාකොට්ඨිතයන් වහන්සේ සමඟ සතුටු විය යුතු පිළිසඳර කතාබහේ යෙදිලා එකත්පස්ව වාඩිවුණා. එකත්පස්ව වාඩිවුණු ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ ආයුෂ්මත් මහාකොට්ඨිතයන් වහන්සේගෙන් මෙකරුණ විමසුවා.
ප්‍රිය ආයුෂ්මත් කොට්ඨිතයෙනි, ඇත්තෙන්ම තථාගතයන් වහන්සේ මරණින් මතු ඉන්නවාද? ….(පෙ)…. ඒ වගේම ඇයි ප්‍රිය ආයුෂ්මතුනි, එහෙම නම් තථාගතයන් වහන්සේ මරණින් මතු ඉන්නේත් නැද්ද? නැත්තේත් නැද්ද? කියලා ඇසූ විට ප්‍රිය ආයුෂ්මතුනි, තථාගතයන් වහන්සේ මරණින් මතු ඉන්නේත් නැත, නැත්තේත් නැත ය යන කරුණ භාග්‍යවතුන් වහන්සේ විසින් නොවදාළ දෙයක් කියලා කිව්වේ? ප්‍රිය ආයුෂ්මතුනි, භාග්‍යවතුන් වහන්සේ විසින් එය නොවදාළ හේතුව මොකක්ද? ප්‍රත්‍යය මොකක්ද?
ප්‍රිය ආයුෂ්මතුනි, රූපය තුළ සිටින, රූපයට ඇලී සිටින, රූපයෙන් සතුටු වන, රූපයෙහි නිරුද්ධ වීම ඒ වූ ආකාරයෙන් ම නොදන්නා, නොදක්නා කෙනෙකුට තමයි “තථාගතයන් වහන්සේ මරණින් මතු ඇත” යන දෘෂ්ටිය ඇති වන්නේ. “තථාගතයන් වහන්සේ මරණින් මතු නැත” යන දෘෂ්ටිය ඇති වන්නේ. “තථාගතයන් වහන්සේ මරණින් මතු ඇත, නැත” යන දෘෂ්ටිය ඇති වන්නේ. “තථාගතයන් වහන්සේ මරණින් මතු ඇත්තේත් නැත, නැත්තේත් නැත” යන දෘෂ්ටිය ඇති වන්නේ. ප්‍රිය ආයුෂ්මතුනි, විඳීම තුළ සිටින, විඳීමට ඇලී සිටින, විදීමෙන් සතුටු වන, විදීමෙහි නිරුද්ධ වීම ඒ වූ ආකාරයෙන් ම නොදන්නා, නොදක්නා කෙනෙකුට තමයි “තථාගතයන් වහන්සේ මරණින් මතු ඇත” යන දෘෂ්ටිය ඇති වන්නේ ….(පෙ)…. ප්‍රිය ආයුෂ්මතුනි, සඤ්ඤාව තුළ සිටින ….(පෙ)…. ප්‍රිය ආයුෂ්මතුනි, සංස්කාර තුළ සිටින ….(පෙ)…. ප්‍රිය ආයුෂ්මතුනි, විඤ්ඤාණය තුළ සිටින, විඤ්ඤාණයට ඇලී සිටින, විඤ්ඤාණයෙන් සතුටු වන, විඤ්ඤාණයෙහි නිරුද්ධ වීම ඒ වූ ආකාරයෙන් ම නොදන්නා, නොදක්නා කෙනෙකුට තමයි “තථාගතයන් වහන්සේ මරණින් මතු ඇත” යන දෘෂ්ටිය ඇති වන්නේ ….(පෙ)…. “තථාගතයන් වහන්සේ මරණින් මතු ඇත්තේත් නැත, නැත්තේත් නැත” යන දෘෂ්ටිය ඇති වන්නේ.
ප්‍රිය ආයුෂ්මතුනි, රූපය තුළ නොසිටින, රූපයට ඇලී නොසිටින, රූපයෙන් සතුටු නොවන, රූපයෙහි නිරුද්ධ වීම ඒ වූ ආකාරයෙන් ම දන්නා, දක්නා කෙනෙකුට තමයි “තථාගතයන් වහන්සේ මරණින් මතු ඇත” යන දෘෂ්ටිය ඇති නොවන්නේ ….(පෙ)…. “තථාගතයන් වහන්සේ මරණින් මතු ඇත්තේත් නැත, නැත්තේත් නැත” යන දෘෂ්ටිය ඇති නොවන්නේ. ප්‍රිය ආයුෂ්මතුනි, විඳීම තුළ නොසිටින, විඳීමට ඇලී නොසිටින, විඳීමෙන් සතුටු නොවන, විදීමෙහි නිරුද්ධ වීම ඒ වූ ආකාරයෙන් ම දන්නා, දක්නා කෙනෙකුට තමයි “තථාගතයන් වහන්සේ මරණින් මතු ඇත” යන දෘෂ්ටිය ඇති නොවන්නේ ….(පෙ)…. ප්‍රිය ආයුෂ්මතුනි, සඤ්ඤාව තුළ නොසිටින ….(පෙ)…. ප්‍රිය ආයුෂ්මතුනි, සංස්කාරය තුළ නොසිටින ….(පෙ)…. ප්‍රිය ආයුෂ්මතුනි, විඤ්ඤාණය තුළ නොසිටින, විඤ්ඤාණයට ඇලී නොසිටින, විඤ්ඤාණයෙන් සතුටු නොවන, විඤ්ඤාණයෙහි නිරුද්ධ වීම ඒ වූ ආකාරයෙන් ම දන්නා, දක්නා කෙනෙකුට තමයි “තථාගතයන් වහන්සේ මරණින් මතු ඇත” යන දෘෂ්ටිය ඇති නොවන්නේ ….(පෙ)…. “තථාගතයන් වහන්සේ මරණින් මතු ඇත්තේත් නැත, නැත්තේත් නැත” යන දෘෂ්ටිය ඇති නොවන්නේ. ප්‍රිය ආයුෂ්මතුනි, යම් කරුණක් නිසා භාග්‍යවතුන් වහන්සේ විසින් මෙයට පිළිතුරු නොදුන්නා නම් එයට හේතුව මෙයයි. ප්‍රත්‍යය මෙයයි.
ප්‍රිය ආයුෂ්මතුනි, යම් කරුණකින් භාග්‍යවතුන් වහන්සේ විසින් එය නොවදාරළ තියෙන බව වෙනත් දහම් ක්‍රමයකින් කියන්න පුළුවන්ද? ප්‍රිය ආයුෂ්මතුනි, එසේ කිය හැකිය. ප්‍රිය ආයුෂ්මතුනි, භවය තුළ සිටින, භවයට ඇලී සිටින, භවයෙන් සතුටු වන, භවයෙහි නිරුද්ධ වීම ඒ වූ ආකාරයෙන්ම නොදන්නා, නොදක්නා කෙනෙකුට තමයි “තථාගතයන් වහන්සේ මරණින් මතු ඇත” යන දෘෂ්ටිය ඇති වන්නේ ….(පෙ)…. “තථාගතයන් වහන්සේ මරණින් මතු ඇත්තේත් නැත, නැත්තේත් නැත” යන දෘෂ්ටිය ඇති වන්නේ. ප්‍රිය ආයුෂ්මතුනි, භවය තුළ නොසිටින, භවයට ඇලී නොසිටින, භවයෙන් සතුටු නොවන, භවයෙහි නිරුද්ධ වීම ඒ වූ ආකාරයෙන් ම දන්නා, දක්නා කෙනෙකුට තමයි “තථාගතයන් වහන්සේ මරණින් මතු ඇත” යන දෘෂ්ටිය ඇති නොවන්නේ ….(පෙ)…. “තථාගතයන් වහන්සේ මරණින් මතු ඇත්තේත් නැත, නැත්තේත් නැත” යන දෘෂ්ටිය ඇති නොවන්නේ. ප්‍රිය ආයුෂ්මතුනි, යම් කරුණකින් භාග්‍යවතුන් වහන්සේ විසින් එය නොවදාරළ තියෙන බව දැන ගැනීමට මෙයත් දහම් ක්‍රමයකි.
ප්‍රිය ආයුෂ්මතුනි, යම් කරුණකින් භාග්‍යවතුන් වහන්සේ විසින් එය නොවදාරළ තියෙන බව වෙනත් දහම් ක්‍රමයකින් කියන්න පුළුවන්ද? ප්‍රිය ආයුෂ්මතුනි, එසේ කිය හැකිය. ප්‍රිය ආයුෂ්මතුනි, උපාදාන තුළ සිටින, උපාදානයට ඇලී සිටින, උපාදානයෙන් සතුටු වන, උපාදානයෙහි නිරුද්ධ වීම ඒ වූ ආකාරයෙන් ම නොදන්නා, නොදක්නා කෙනෙකුට තමයි “තථාගතයන් වහන්සේ මරණින් මතු ඇත” යන දෘෂ්ටිය ඇති වන්නේ ….(පෙ)…. “තථාගතයන් වහන්සේ මරණින් මතු ඇත්තේත් නැත, නැත්තේත් නැත” යන දෘෂ්ටිය ඇති වන්නේ. ප්‍රිය ආයුෂ්මතුනි, උපාදාන තුළ නොසිටින, උපාදානයට ඇලී නොසිටින, උපාදානයෙන් සතුටු නොවන, උපාදානයෙහි නිරුද්ධ වීම ඒ වූ ආකාරයෙන් ම දන්නා, දක්නා කෙනෙකුට තමයි “තථාගතයන් වහන්සේ මරණින් මතු ඇත” යන දෘෂ්ටිය ඇති නොවන්නේ ….(පෙ)…. “තථාගතයන් වහන්සේ මරණින් මතු ඇත්තේත් නැත, නැත්තේත් නැත” යන දෘෂ්ටිය ඇති නොවන්නේ. ප්‍රිය ආයුෂ්මතුනි, යම් කරුණකින් භාග්‍යවතුන් වහන්සේ විසින් එය නොවදාරළ තියෙන බව දැන ගැනීමට මෙයත් දහම් ක්‍රමයකි.
ප්‍රිය ආයුෂ්මතුනි, යම් කරුණකින් භාග්‍යවතුන් වහන්සේ විසින් එය නොවදාරළ තියෙන බව වෙනත් දහම් ක්‍රමයකින් කියන්න පුළුවන්ද? ප්‍රිය ආයුෂ්මතුනි, එසේ කිය හැකිය. ප්‍රිය ආයුෂ්මතුනි, තණ්හාව තුළ සිටින, තණ්හාවට ඇලී සිටින, තණ්හාවෙන් සතුටු වන, තණ්හාවෙහි නිරුද්ධ වීම ඒ වූ ආකාරයෙන් ම නොදන්නා, නොදක්නා කෙනෙකුට තමයි “තථාගතයන් වහන්සේ මරණින් මතු ඇත” යන දෘෂ්ටිය ඇති වන්නේ ….(පෙ)…. “තථාගතයන් වහන්සේ මරණින් මතු ඇත්තේත් නැත, නැත්තේත් නැත” යන දෘෂ්ටිය ඇති වන්නේ. ප්‍රිය ආයුෂ්මතුනි, තණ්හාව තුළ නොසිටින, තණ්හාවට ඇලී නොසිටින, තණ්හාවෙන් සතුටු නොවන, තණ්හාවෙහි නිරුද්ධ වීම ඒ වූ ආකාරයෙන් ම දන්නා, දක්නා කෙනෙකුට තමයි “තථාගතයන් වහන්සේ මරණින් මතු ඇත” යන දෘෂ්ටිය ඇති නොවන්නේ ….(පෙ)…. “තථාගතයන් වහන්සේ මරණින් මතු ඇත්තේත් නැත, නැත්තේත් නැත” යන දෘෂ්ටිය ඇති නොවන්නේ. ප්‍රිය ආයුෂ්මතුනි, යම් කරුණකින් භාග්‍යවතුන් වහන්සේ විසින් එය නොවදාරළ තියෙන බව දැන ගැනීමට මෙයත් දහම් ක්‍රමයකි.
ප්‍රිය ආයුෂ්මතුනි, යම් කරුණකින් භාග්‍යවතුන් වහන්සේ විසින් එය නොවදාරළ තියෙන බව වෙනත් දහම් ක්‍රමයකින් කියන්න පුළුවන්ද? ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්තයෙනි, මෙකරුණ පිළිබඳව දැන් මෙයින් මතුවටත් කවර දෙයක්ද කැමති වන්නේ? ප්‍රිය ආයුෂ්මත් සාරිපුත්තයෙනි, තණ්හාව ක්ෂය වීම නිසා කෙලෙසුන්ගෙන් නිදහස් වූ භික්ෂුවට සසරෙහි සැරිසැරීමක් නම් නෑ.
සාදු ! සාදු !! සාදු !!!
ආරාම සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_10-1-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M