සංයුත්ත නිකාය

සළායතන වග්ගෝ

10.1.5. පේම සුත්තං

10.1.5. ප්‍රේමය ගැන වදාළ දෙසුම

ඒ දිනවල ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේත්, ආයුෂ්මත් මහාකොට්ඨිතයන් වහන්සේත් වැඩසිටියේ බරණැස් නුවර ඉසිපතන නම් වූ මුවන්ගේ අභය භූමියේ ….(පෙ)…. ප්‍රිය ආයුෂ්මතුනි, භාග්‍යවතුන් වහන්සේ විසින් එය නොවදාළ හේතුව මොකක්ද? ප්‍රත්‍යය මොකක්ද? ප්‍රිය ආයුෂ්මතුනි, රූපය කෙරෙහි රාගය දුරු නොකළ, කැමැත්ත දුරු නොකළ, ප්‍රේමය දුරු නොකළ, පිපාසය දුරු නොකළ, දාහය දුරු නොකළ, තණ්හාව දුරු නොකළ කෙනාට තමයි “තථාගතයන් වහන්සේ මරණින් මතු ඇත” යන දෘෂ්ටිය ඇති වන්නේ ….(පෙ)…. “තථාගතයන් වහන්සේ මරණින් මතු ඇත්තේත් නැත, නැත්තේත් නැත” යන දෘෂ්ටිය ඇති වන්නේ.

විඳීම කෙරෙහි රාගය දුරු නොකළ, කැමැත්ත දුරු නොකළ, ප්‍රේමය දුරු නොකළ, පිපාසය දුරු නොකළ, දාහය දුරු නොකළ, තණ්හාව දුරු නොකළ කෙනාට තමයි ….(පෙ)…. සඤ්ඤාව ….(පෙ)…. සංස්කාර ….(පෙ)…. විඤ්ඤාණය කෙරෙහි රාගය දුරු නොකළ, කැමැත්ත දුරු නොකළ, ප්‍රේමය දුරු නොකළ, පිපාසය දුරු නොකළ, දාහය දුරු නොකළ, තණ්හාව දුරු නොකළ කෙනාට තමයි “තථාගතයන් වහන්සේ මරණින් මතු ඇත” යන දෘෂ්ටිය ඇති වන්නේ ….(පෙ)…. “තථාගතයන් වහන්සේ මරණින් මතු ඇත්තේත් නැත, නැත්තේත් නැත” යන දෘෂ්ටිය ඇති වන්නේ.

ප්‍රිය ආයුෂ්මතුනි, රූපය කෙරෙහි රාගය දුරු කළ, කැමැත්ත දුරු කළ, ප්‍රේමය දුරු කළ, පිපාසය දුරු කළ, දාහය දුරු කළ, තණ්හාව දුරු කළ කෙනාට තමයි “තථාගතයන් වහන්සේ මරණින් මතු ඇත” යන දෘෂ්ටිය ඇති නොවන්නේ. ….(පෙ)…. “තථාගතයන් වහන්සේ මරණින් මතු ඇත්තේත් නැත, නැත්තේත් නැත” යන දෘෂ්ටිය ඇති නොවන්නේ. විඳීම ….(පෙ)…. සඤ්ඤාව ….(පෙ)…. සංස්කාර ….(පෙ)…. විඤ්ඤාණය කෙරෙහි රාගය දුරු කළ, කැමැත්ත දුරු කළ, ප්‍රේමය දුරු කළ, පිපාසය දුරු කළ, දාහය දුරු කළ, තණ්හාව දුරු කළ කෙනාට තමයි “තථාගතයන් වහන්සේ මරණින් මතු ඇත” යන දෘෂ්ටිය ඇති නොවන්නේ. ….(පෙ)…. “තථාගතයන් වහන්සේ මරණින් මතු ඇත්තේත් නැත, නැත්තේත් නැත” යන දෘෂ්ටිය ඇති නොවන්නේ. ප්‍රිය ආයුෂ්මතුනි, යම් කරුණක් නිසා භාග්‍යවතුන් වහන්සේ විසින් මෙයට පිළිතුරු නොදුන්නා නම් එයට හේතුව මෙයයි. ප්‍රත්‍යය මෙයයි.

සාදු ! සාදු !! සාදු !!!

පේම සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_10-1-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M