සංයුත්ත නිකාය

සළායතන වග්ගෝ

10.1.4. සමුදය සුත්තං

10.1.4. හටගැනීම ගැන වදාළ දෙසුම

ඒ දිනවල ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේත්, ආයුෂ්මත් මහාකොට්ඨිතයන් වහන්සේත් වැඩසිටියේ බරණැස් නුවර ඉසිපතන නම් වූ මුවන්ගේ අභය භූමියේ ….(පෙ)…. ප්‍රිය ආයුෂ්මතුනි, භාග්‍යවතුන් වහන්සේ විසින් එය නොවදාළ හේතුව මොකක්ද? ප්‍රත්‍යය මොකක්ද? ප්‍රිය ආයුෂ්මතුනි, ඒ වූ ආකාරයෙන් ම රූපය ගැන නොදන්නා විට, නොදක්නා විට තමයි, ඒ වූ ආකාරයෙන් ම රූපයේ හටගැනීම ගැන නොදන්නා විට, නොදක්නා විට තමයි, ඒ වූ ආකාරයෙන් ම රූපය නිරුද්ධ වීම ගැන නොදන්නා විට, නොදක්නා විට තමයි, ඒ වූ ආකාරයෙන් ම රූපය නිරුද්ධ වන්නා වූ මාර්ගය ගැන නොදන්නා විට, නොදක්නා විට තමයි ඔහුට “තථාගතයන් වහන්සේ මරණින් මතු ඇත” යන දෘෂ්ටිය ඇති වන්නේ. “තථාගතයන් වහන්සේ මරණින් මතු නැත” යන දෘෂ්ටිය ඇති වන්නේ. “තථාගතයන් වහන්සේ මරණින් මතු ඇත, නැත” යන දෘෂ්ටිය ඇති වන්නේ. “තථාගතයන් වහන්සේ මරණින් මතු ඇත්තේත් නැත, නැත්තේත් නැත” යන දෘෂ්ටිය ඇති වන්නේ.

ඒ වූ ආකාරයෙන් ම විඳීම ගැන නොදන්නා විට, නොදක්නා විට තමයි, ඒ වූ ආකාරයෙන් ම විඳීම හටගැනීම ගැන ….(පෙ)…. සඤ්ඤාව ….(පෙ)…. සංස්කාර ….(පෙ)…. ඒ වූ ආකාරයෙන් ම විඤ්ඤාණය ගැන නොදන්නා විට, නොදක්නා විට තමයි, ඒ වූ ආකාරයෙන් ම විඤ්ඤාණයේ හටගැනීම ගැන නොදන්නා විට, නොදක්නා විට තමයි, ඒ වූ ආකාරයෙන් ම විඤ්ඤාණය නිරුද්ධ වීම ගැන නොදන්නා විට, නොදක්නා විට තමයි, ඒ වූ ආකාරයෙන් ම විඤ්ඤාණය නිරුද්ධ වන්නා වූ මාර්ගය ගැන නොදන්නා විට, නොදක්නා විට තමයි ඔහුට “තථාගතයන් වහන්සේ මරණින් මතු ඇත” යන දෘෂ්ටිය ඇති වන්නේ. “තථාගතයන් වහන්සේ මරණින් මතු නැත” යන දෘෂ්ටිය ඇති වන්නේ. “තථාගතයන් වහන්සේ මරණින් මතු ඇත, නැත” යන දෘෂ්ටිය ඇති වන්නේ. “තථාගතයන් වහන්සේ මරණින් මතු ඇත්තේත් නැත, නැත්තේත් නැත” යන දෘෂ්ටිය ඇති වන්නේ.

ඒ වගේම ප්‍රිය ආයුෂ්මතුනි, ඒ වූ ආකාරයෙන් ම රූපය ගැන දන්නා විට, දක්නා විට තමයි, ඒ වූ ආකාරයෙන් ම රූපයේ හටගැනීම ගැන දන්නා විට, දක්නා විට තමයි, ඒ වූ ආකාරයෙන් ම රූපය නිරුද්ධ වීම ගැන දන්නා විට, දක්නා විට තමයි, ඒ වූ ආකාරයෙන් ම රූපය නිරුද්ධ වන්නා වූ මාර්ගය ගැන දන්නා විට, දක්නා විට තමයි ඔහුට “තථාගතයන් වහන්සේ මරණින් මතු ඇත” යන දෘෂ්ටිය ඇති නොවන්නේ ….(පෙ)…. “තථාගතයන් වහන්සේ මරණින් මතු ඇත්තේත් නැත, නැත්තේත් නැත” යන දෘෂ්ටිය ඇති නොවන්නේ. ඒ වූ ආකාරයෙන් ම විඳීම ගැන දන්නා විට, දක්නා විට තමයි, ඒ වූ ආකාරයෙන් ම විඳීම හටගැනීම ගැන ….(පෙ)…. සඤ්ඤාව ….(පෙ)…. සංස්කාර ….(පෙ)…. ඒ වූ ආකාරයෙන් ම විඤ්ඤාණය ගැන දන්නා විට, දක්නා විට තමයි, ඒ වූ ආකාරයෙන් ම විඤ්ඤාණයේ හටගැනීම ගැන දන්නා විට, දක්නා විට තමයි, ඒ වූ ආකාරයෙන් ම විඤ්ඤාණය නිරුද්ධ වීම ගැන දන්නා විට, දක්නා විට තමයි, ඒ වූ ආකාරයෙන් ම විඤ්ඤාණය නිරුද්ධ වන්නා වූ මාර්ගය ගැන දන්නා විට, දක්නා විට තමයි ඔහුට “තථාගතයන් වහන්සේ මරණින් මතු ඇත” යන දෘෂ්ටිය ඇති නොවන්නේ. “තථාගතයන් වහන්සේ මරණින් මතු නැත” යන දෘෂ්ටිය ඇති නොවන්නේ. “තථාගතයන් වහන්සේ මරණින් මතු ඇත, නැත” යන දෘෂ්ටිය ඇති නොවන්නේ. “තථාගතයන් වහන්සේ මරණින් මතු ඇත්තේත් නැත, නැත්තේත් නැත” යන දෘෂ්ටිය ඇති නොවන්නේ. ප්‍රිය ආයුෂ්මතුනි, යම් කරුණක් නිසා භාග්‍යවතුන් වහන්සේ විසින් මෙයට පිළිතුරු නොදුන්නා නම් එයට හේතුව මෙයයි. ප්‍රත්‍යය මෙයයි.

සාදු ! සාදු !! සාදු !!!

සමුදය සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_10-1-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M