පින්වත් මහණෙනි, දෙකක් හේතු කරගෙනයි විඤ්ඤාණය හටගන්නේ. පින්වත් මහණෙනි, දෙකක් හේතු කරගෙන විඤ්ඤාණය හටගන්නේ කොහොමද? ඇසත් රූපත් නිසා ඇසේ විඤ්ඤාණය උපදිනවා. ඇස අනිත්‍යයි. වෙනස් වෙනවා. වෙනත් ස්වභාවයකට පත්වෙනවා. රූප අනිත්‍යයි. වෙනස් වෙනවා. වෙනත් ස්වභාවයකට පත්වෙනවා. ඔය විදිහට මේ දෙක ම සැලෙනවා. වැනසෙනවා. අනිත්‍යයි. වෙනස් වෙනවා. වෙනත් ස්වභාවයකට පත්වෙනවා. ඇසේ විඤ්ඤාණය අනිත්‍යයි. වෙනස් වෙනවා. වෙනත් ස්වභාවයකට පත් වෙනවා. ඇසේ විඤ්ඤාණය හටගැනීම පිණිස යමක් හේතු වුණා ද, යමක් ප්‍රත්‍ය වුණා ද, ඒ හේතුවත්, ඒ ප්‍රත්‍යයත් අනිත්‍යයි. වෙනස් වෙනවා. වෙනත් ස්වභාවයකට පත් වෙනවා. පින්වත් මහණෙනි, අනිත්‍ය වූ හේතූන්ගෙන් උපන් ඇසේ විඤ්ඤාණය කොහොම නම් නිත්‍ය වන්ටද?
පින්වත් මහණෙනි, (ඇසත්, රූපත්, ඇසේ විඤ්ඤාණයත් යන) මේ කරුණු තුනේ යම් එකතුවක්, එක්රැස් වීමක්, එකට එක් වීමක් ඇත්ද, පින්වත් මහණෙනි, මෙයට තමයි ඇසේ ස්පර්ශය කියලා කියන්නේ. ඇසේ ස්පර්ශයත් අනිත්‍යයි. වෙනස් වෙනවා. වෙනත් ස්වභාවයකට පත්වෙනවා. ඇසේ ස්පර්ශය හටගැනීම පිණිස යමක් හේතු වුණා ද, යමක් ප්‍රත්‍ය වුණා ද, ඒ හේතුවත්, ඒ ප්‍රත්‍යයත් අනිත්‍යයි. වෙනස් වෙනවා. වෙනත් ස්වභාවයකට පත් වෙනවා. පින්වත් මහණෙනි, අනිත්‍ය වූ හේතූන්ගෙන් උපන් ඇසේ ස්පර්ශය කොහොම නම් නිත්‍ය වන්ටද? පින්වත් මහණෙනි, ස්පර්ශය ඇති වුණාම තමයි විඳින්නේ. ස්පර්ශය ඇති වුණාම තමයි හඳුනාගන්නේ. ස්පර්ශය ඇති වුණාම තමයි චේතනා පහළ කරන්නේ. ඔය විදිහට මේ දේවලුත් සැලෙනවා. වැනසෙනවා. අනිත්‍යයි, වෙනස් වෙනවා, වෙනත් ස්වභාවයකට පත් වෙනවා.
කනත්, ශබ්දත් නිසා කනේ විඤ්ඤාණය උපදිනවා ….(පෙ)…. නාසයත්, ගඳ-සුවඳත් නිසා නාසයේ විඤ්ඤාණය උපදිනවා ….(පෙ)…. දිවත්, රසත් නිසා දිවේ විඤ්ඤාණය උපදිනවා. දිව අනිත්‍යයි. වෙනස් වෙනවා. වෙනත් ස්වභාවයකට පත්වෙනවා. රස අනිත්‍යයි. වෙනස් වෙනවා. වෙනත් ස්වභාවයකට පත් වෙනවා. ඔය විදිහට මේ දෙක ම සැලෙනවා. වැනසෙනවා. අනිත්‍යයි. වෙනස් වෙනවා. වෙනත් ස්වභාවයකට පත්වෙනවා. දිවේ විඤ්ඤාණය අනිත්‍යයි. වෙනස් වෙනවා. වෙනත් ස්වභාවයකට පත් වෙනවා. දිවේ විඤ්ඤාණය හටගැනීම පිණිස යමක් හේතු වුණාද, යමක් ප්‍රත්‍ය වුණාද, ඒ හේතුවත්, ඒ ප්‍රත්‍යයත් අනිත්‍යයි. වෙනස් වෙනවා. වෙනත් ස්වභාවයකට පත් වෙනවා. පින්වත් මහණෙනි, අනිත්‍ය වූ හේතූන්ගෙන් උපන් දිවේ විඤ්ඤාණය කොහොම නම් නිත්‍ය වන්ටද?
පින්වත් මහණෙනි, මේ කරුණු තුනේ යම් එකතුවක්, එක්රැස් වීමක්, එකට එක්වීමක් ඇත්ද, පින්වත් මහණෙනි, මෙයට තමයි දිවේ ස්පර්ශය කියලා කියන්නේ. දිවේ ස්පර්ශයත් අනිත්‍යයි. වෙනස් වෙනවා. වෙනත් ස්වභාවයකට පත්වෙනවා. දිවේ ස්පර්ශය හටගැනීම පිණිස යමක් හේතු වුණා ද, යමක් ප්‍රත්‍ය වුණාද, ඒ හේතුවත්, ඒ ප්‍රත්‍යයත් අනිත්‍යයි. වෙනස් වෙනවා. වෙනත් ස්වභාවයකට පත් වෙනවා. පින්වත් මහණෙනි, අනිත්‍ය වූ හේතූන්ගෙන් උපන් දිවේ ස්පර්ශය කොහොම නම් නිත්‍ය වන්ටද? පින්වත් මහණෙනි, ස්පර්ශය ඇති වුණාම තමයි විඳින්නේ. ස්පර්ශය ඇති වුණාම තමයි හඳුනා ගන්නේ. ස්පර්ශය ඇති වුණාම තමයි චේතනා පහළ කරන්නේ. ඔය විදිහට මේ දේවලුත් සැලෙනවා. වැනසෙනවා. අනිත්‍යයි, වෙනස් වෙනවා, වෙනත් ස්වභාවයකට පත් වෙනවා.
කයත්, පහසත් නිසා කයේ විඤ්ඤාණය උපදිනවා ….(පෙ)…. මනසත්, මනසට සිතෙන අරමුණුත් නිසා මනසේ විඤ්ඤාණය උපදිනවා. මනස අනිත්‍යයි. වෙනස් වෙනවා. වෙනත් ස්වභාවයකට පත්වෙනවා. මනසට සිතෙන අරමුණු අනිත්‍යයි. වෙනස් වෙනවා. වෙනත් ස්වභාවයකට පත් වෙනවා. ඔය විදිහට මේ දෙක ම සැලෙනවා. වැනසෙනවා. අනිත්‍යයි. වෙනස් වෙනවා. වෙනත් ස්වභාවයකට පත්වෙනවා. මනසේ විඤ්ඤාණය අනිත්‍යයි. වෙනස් වෙනවා. වෙනත් ස්වභාවයකට පත් වෙනවා. මනසේ විඤ්ඤාණය හටගැනීම පිණිස යමක් හේතු වුණා ද, යමක් ප්‍රත්‍ය වුණා ද, ඒ හේතුවත්, ඒ ප්‍රත්‍යයත් අනිත්‍යයි. වෙනස් වෙනවා. වෙනත් ස්වභාවයකට පත් වෙනවා. පින්වත් මහණෙනි, අනිත්‍ය වූ හේතූන්ගෙන් උපන් මනසේ විඤ්ඤාණය කොහොම නම් නිත්‍ය වන්ටද?
පින්වත් මහණෙනි, (මනසත්, මනසට සිතෙන අරමුණුත්, මනසේ විඤ්ඤාණයත් යන) මේ කරුණු තුනේ යම් එකතුවක්, එක්රැස් වීමක්, එකට එක්වීමක් ඇත්ද, පින්වත් මහණෙනි, මෙයට තමයි මනසේ ස්පර්ශය කියලා කියන්නේ. මනසේ ස්පර්ශයත් අනිත්‍යයි. වෙනස් වෙනවා. වෙනත් ස්වභාවයකට පත්වෙනවා. මනසේ ස්පර්ශය හටගැනීම පිණිස යමක් හේතු වුණා ද, යමක් ප්‍රත්‍ය වුණා ද, ඒ හේතුවත්, ඒ ප්‍රත්‍යයත් අනිත්‍යයි. වෙනස් වෙනවා. වෙනත් ස්වභාවයකට පත් වෙනවා. පින්වත් මහණෙනි, අනිත්‍ය වූ හේතූන්ගෙන් උපන් මනසේ ස්පර්ශය කොහොම නම් නිත්‍ය වන්ටද? පින්වත් මහණෙනි, ස්පර්ශය ඇති වුණාම තමයි විඳින්නේ. ස්පර්ශය ඇති වුණාම තමයි හඳුනාගන්නේ. ස්පර්ශය ඇති වුණාම තමයි චේතනා පහළ කරන්නේ. ඔය විදිහට මේ දේවලුත් සැලෙනවා. වැනසෙනවා. අනිත්‍යයි, වෙනස් වෙනවා, වෙනත් ස්වභාවයකට පත් වෙනවා. පින්වත් මහණෙනි, දෙකක් හේතු කරගෙන විඤ්ඤාණය හටගන්නේ ඔය ආකාරයට යි.
සාදු! සාදු!! සාදු!!!
දුතිය ද්වය සූත්‍රය නිමා විය.
නවවෙනි ඡන්න වර්ගය යි.
එහි පිළිවෙළ උද්දානය යි.
පලෝක සූත්‍රය, සුඤ්ඤලෝක සූත්‍රය, සංඛිත්තධම්ම සූත්‍රය, ඡන්න සූත්‍රය, පුණ්ණ සුත්‍රය, බාහිය සූත්‍රය, ඒජා සූත්‍ර දෙක, ද්වය සූත්‍ර දෙක වශයෙන් මෙම වර්ගය යුක්ත ය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_1-9-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M