☰
පින්වත් මහණෙනි, මා ඔබට දේශනා කරන්නට යන්නේ දෙකක් ගැනයි. එය සවන් යොමා අසන්න. පින්වත් මහණෙනි, දෙක යනු කුමක්ද? ඇසත් රූපත් ය, කනත් ශබ්දත් ය, නාසයත් ගඳ-සුවඳත් ය, දිවත් රසයත් ය, කයත් පහසත් ය, මනසත් මනසට අරමුණු වන දේත් ය. පින්වත් මහණෙනි, දෙකයි කියන්නේ මෙයට යි.
පින්වත් මහණෙනි, යම් කෙනෙක් මේ විදිහට කිව්වොත්, ‘මම මේ දෙක ප්රතික්ෂේප කොට වෙන දෙකක් පණවන්නෙමි’ කියා, එය සීමා වෙන්නේ ඔහුගේ වචනවලට විතරයි. කරුණු විමසද්දි පිළිතුරු සොයා ගන්ට බැරිව යනවා. ඉස්සරහට ලොකු කරදරයක වැටෙනවා. එයට හේතුව කුමක්ද? පින්වත් මහණෙනි, තමන්ට විෂය නැති දේවල් කතා කරන්න ගියහම ඒක තමයි සිදුවන්නේ.
සාදු! සාදු!! සාදු!!!
ද්වය සූත්රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_1-9-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M