☰
එදා එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි තැනට පැමිණුනා ….(පෙ)…. එකත්පස්ව වාඩිවුණ ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේගෙන් මෙකරුණ විමසුවා. ස්වාමීනී, ලෝකය, ලෝකය කියලා කියනවා. ස්වාමීනී, ලෝකය කියලා කියන්නේ කවර කරුණු මත ද?
පින්වත් භික්ෂුව, “සිඳී බිඳී යයි” යන අරුතෙන් තමයි ලෝකය කියලා කියන්නේ. කුමක්ද සිඳී බිඳී යන්නේ? පින්වත් භික්ෂුව, ඇස යි සිඳී බිඳී යන්නේ. රූප යි සිඳී බිඳී යන්නේ. ඇසේ විඤ්ඤාණය යි සිඳී බිඳී යන්නේ. ඇසේ ස්පර්ශය යි සිඳී බිඳී යන්නේ. ඇසේ ස්පර්ශයෙන් උපදින්නා වූ සැප වේවා, දුක් වේවා, දුක්සැප රහිත වේවා යම් විඳීමක් ඇද්ද එය යි සිඳී බිඳී යන්නේ ….(පෙ)…. පින්වත් භික්ෂුව, “සිඳී බිඳී යයි” යන අරුතෙන් තමයි ලෝකය කියලා කියන්නේ.
සාදු! සාදු!! සාදු!!!
ලෝක සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_1-8-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M