එදා එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි තැනට පැමිණුනා ….(පෙ)…. එකත්පස්ව වාඩි වුණ ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ සැල කළා. ස්වාමීනී, යම් දෙයක් ප්රහාණය වීමෙන් භික්ෂුව තුළ අවිද්‍යාව ප්රහාණය වී යනවා නම්, විද්‍යාව උපදිනවා නම්, එබඳු එක ම ධර්මයක් තියෙනවාද? පින්වත් භික්ෂුව, යම් දෙයක් ප්රහාණය වීමෙන් භික්ෂුව තුළ අවිද්‍යාව ප්රහාණය වී යනවා නම්, විද්‍යාව උපදිනවා නම්, එබඳු එකම ධර්මයක් තියෙනවා.
ස්වාමීනී, යම් දෙයක් ප්රහාණය වීමෙන් භික්ෂුව තුළ අවිද්‍යාව ප්රහාණය වී යනවා නම්, විද්‍යාව උපදිනවා නම්, එබඳු එකම ධර්මයක් තියෙනවා නම් ඒ කුමක්ද? පින්වත් භික්ෂුව, යම් දෙයක් ප්රහාණය වීමෙන් භික්ෂුව තුළ අවිද්‍යාව ප්රහාණය වී යනවා නම්, විද්‍යාව උපදිනවා නම්, ඒ එකම ධර්මය නම් අවිද්‍යාව ම යි.
ස්වාමීනී, කොයි විදිහට දන්නා විට ද, කොයි විදිහට දකිනා විටද භික්ෂුව තුළ අවිද්‍යාව ප්රහාණය වන්නේ? විද්‍යාව උපදින්නේ? පින්වත් භික්ෂුව, මෙහි භික්ෂුවට අසන්ට ලැබෙනවා කිසිම දෙයකට ඇල්ම ඇති කරගන්ට සුදුසු නෑ කියලා. ඉදින් පින්වත් භික්ෂුව, ඔය විදිහට මෙහි භික්ෂුවට අසන්ට ලැබෙනවා නම් කිසිම දෙයකට ඇල්ම ඇති කරගන්ට සුදුසු නෑ කියලා. එතකොට ඔහු සියලු දෙය ම විශේෂ නුවණින් අවබෝධ කරගන්නවා. සියලු දෙය ම විශේෂ නුවණින් අවබෝධ කරගෙන සියලු දෙය ම පිරිසිඳ දකිනවා. සියලු දෙය ම පිරිසිඳ දැකලා සෑම නිමිත්තක් ම වෙනත් ස්වභාවයකින් (සාමාන්‍ය කෙනෙක් දකින නිත්‍ය, සුඛ, ආත්ම වෙනුවට අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන්) දකිනවා. ඇස වෙනත් ස්වභාවයකින් දකිනවා. රූප වෙනත් ස්වභාවයකින් දකිනවා. ඇසේ විඤ්ඤාණය වෙනත් ස්වභාවයකින් දකිනවා. ඇසේ ස්පර්ශය වෙනත් ස්වභාවයකින් දකිනවා. ඇසේ ස්පර්ශයෙන් උපදින්නා වූ සැප වේවා, දුක් වේවා, දුක් සැප රහිත වේවා යම් විඳීමක් ඇද්ද එයත් වෙනත් ස්වභාවයකින් දකිනවා. ….(පෙ)….
මනසේ ස්පර්ශයෙන් උපදින්නා වූ සැප වේවා, දුක් වේවා, දුක් සැප රහිත වේවා යම් විඳීමක් ඇද්ද එයත් වෙනත් ස්වභාවයකින් දකිනවා. පින්වත් භික්ෂුව, ඔය විදිහට දන්නා විට, ඔය විදිහට දකිනා විට තමයි අවිද්‍යාව ප්රහාණය වන්නේත්, විද්‍යාව උපදින්නේත්.
සාදු! සාදු!! සාදු!!!
දුතිය අවිජ්ජා සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_1-8-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M