එදා එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි තැනට පැමිණුනා ….(පෙ)…. එකත්පස්ව වාඩි වුණ ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ සැල කළා. ස්වාමීනී, යම් දෙයක් ප්‍රහාණය වීමෙන් භික්ෂුව තුළ අවිද්‍යාව ප්‍රහාණය වී යනවා නම්, විද්‍යාව උපදිනවා නම්, එබඳු එක ම ධර්මයක් තියෙනවාද? පින්වත් භික්ෂුව, යම් දෙයක් ප්‍රහාණය වීමෙන් භික්ෂුව තුළ අවිද්‍යාව ප්‍රහාණය වී යනවා නම්, විද්‍යාව උපදිනවා නම්, එබඳු එකම ධර්මයක් තියෙනවා.
ස්වාමීනී, යම් දෙයක් ප්‍රහාණය වීමෙන් භික්ෂුව තුළ අවිද්‍යාව ප්‍රහාණය වී යනවා නම්, විද්‍යාව උපදිනවා නම්, එබඳු එකම ධර්මයක් තියෙනවා නම් ඒ කුමක්ද? පින්වත් භික්ෂුව, යම් දෙයක් ප්‍රහාණය වීමෙන් භික්ෂුව තුළ අවිද්‍යාව ප්‍රහාණය වී යනවා නම්, විද්‍යාව උපදිනවා නම්, ඒ එකම ධර්මය නම් අවිද්‍යාව ම යි.
ස්වාමීනී, කොයි විදිහට දන්නා විට ද, කොයි විදිහට දකිනා විට ද භික්ෂුව තුළ අවිද්‍යාව ප්‍රහාණය වන්නේ? විද්‍යාව උපදින්නේ? පින්වත් භික්ෂුව, ඇස අනිත්‍ය වශයෙන් දන්නා විට, දකිනා විට තමයි භික්ෂුව තුළ අවිද්‍යාව ප්‍රහාණය වන්නේ. විද්‍යාව උපදින්නේ. රූප අනිත්‍ය වශයෙන් දන්නා විට, දකිනා විට තමයි භික්ෂුව තුළ අවිද්‍යාව ප්‍රහාණය වන්නේ. විද්‍යාව උපදින්නේ. ඇසේ විඤ්ඤාණය අනිත්‍ය වශයෙන් දන්නා විට, දකිනා විට තමයි භික්ෂුව තුළ අවිද්‍යාව ප්‍රහාණය වන්නේ. විද්‍යාව උපදින්නේ. ඇසේ ස්පර්ශය අනිත්‍ය වශයෙන් දන්නා විට, දකිනා විට තමයි භික්ෂුව තුළ අවිද්‍යාව ප්‍රහාණය වන්නේ. විද්‍යාව උපදින්නේ. ඇසේ ස්පර්ශයෙන් උපදින්නා වූ සැප වේවා, දුක් වේවා, දුක් සැප රහිත වේවා යම් විඳීමක් ඇද්ද එයත් අනිත්‍ය වශයෙන් දන්නා විට, දකිනා විට තමයි භික්ෂුව තුළ අවිද්‍යාව ප්‍රහාණය වන්නේ. විද්‍යාව උපදින්නේ ….(පෙ)….
දිව අනිත්‍ය වශයෙන් දන්නා විට, දකිනා විට තමයි භික්ෂුව තුළ අවිද්‍යාව ප්‍රහාණය වන්නේ. විද්‍යාව උපදින්නේ. රස ….(පෙ)…. දිවේ විඤ්ඤාණය ….(පෙ)…. දිවේ ස්පර්ශය ….(පෙ)…. දිවේ ස්පර්ශයෙන් උපදින්නා වූ සැප වේවා, දුක් වේවා, දුක් සැප රහිත වේවා යම් විඳීමක් ඇද්ද එයත් අනිත්‍ය වශයෙන් දන්නා විට, දකිනා විට තමයි භික්ෂුව තුළ අවිද්‍යාව ප්‍රහාණය වන්නේ. විද්‍යාව උපදින්නේ ….(පෙ)….
මනස අනිත්‍ය වශයෙන් දන්නා විට, දකිනා විට තමයි භික්ෂුව තුළ අවිද්‍යාව ප්‍රහාණය වන්නේ. විද්‍යාව උපදින්නේ. මනසට අරමුණු වන දේ ….(පෙ)…. මනසේ විඤ්ඤාණය ….(පෙ)…. මනසේ ස්පර්ශය ….(පෙ)…. මනසේ ස්පර්ශයෙන් උපදින්නා වූ සැප වේවා, දුක් වේවා, දුක් සැප රහිත වේවා යම් විඳීමක් ඇද්ද එයත් අනිත්‍ය වශයෙන් දන්නා විට, දකිනා විට තමයි භික්ෂුව තුළ අවිද්‍යාව ප්‍රහාණය වන්නේ. විද්‍යාව උපදින්නේ. පින්වත් භික්ෂුව, මේ ආකාරයට දන්නා විට, මේ ආකාරයට දකිනා විට තමයි භික්ෂුව තුළ අවිද්‍යාව ප්‍රහාණය වන්නේ. විද්‍යාව උපදින්නේ.
සාදු! සාදු!! සාදු!!!
අවිජ්ජා සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_1-8-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M