සංයුත්ත නිකාය

සළායතන වග්ගෝ

1.8.5. අනත්ත සුත්තං

1.8.5. අනාත්මය ගැන වදාළ දෙසුම

එදා ආයුෂ්මත් රාධ තෙරුන් භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි තැනට පැමිණුනා ….(පෙ)…. පින්වත් රාධ, යමක් අනාත්ම නම් අන්න ඒ ගැන තිබෙන ඔබේ කැමැත්ත යි ප්‍රහාණය කළ යුත්තේ. පින්වත් රාධ, කුමක්ද අනාත්ම? පින්වත් රාධ, ඇස අනාත්මයි. ඒ ගැන තිබෙන ඔබේ කැමැත්ත යි ප්‍රහාණය කළ යුත්තේ. රූප අනාත්මයි. ඒ ගැන තිබෙන ඔබේ කැමැත්ත යි ප්‍රහාණය කළ යුත්තේ. ඇසේ විඤ්ඤාණය අනාත්මයි. ඒ ගැන තිබෙන ඔබේ කැමැත්ත යි ප්‍රහාණය කළ යුත්තේ. ඇසේ ස්පර්ශය අනාත්මයි. ඒ ගැන තිබෙන ඔබේ කැමැත්ත යි ප්‍රහාණය කළ යුත්තේ. ඇසේ ස්පර්ශයෙන් උපදින්නා වූ සැප වේවා, දුක් වේවා, දුක් සැප රහිත වේවා යම් කිසි විඳීමක් ඇද්ද එයත් අනාත්මයි. ඒ ගැන තිබෙන ඔබේ කැමැත්ත යි ප්‍රහාණය කළ යුත්තේ ….(පෙ)….

දිව අනාත්මයි. ඒ ගැන තිබෙන ඔබේ කැමැත්ත යි ප්‍රහාණය කළ යුත්තේ ….(පෙ)…. රස ….(පෙ)…. දිවේ විඤ්ඤාණය ….(පෙ)…. දිවේ ස්පර්ශය ….(පෙ)…. දිවේ ස්පර්ශයෙන් උපදින්නා වූ සැප වේවා, දුක් වේවා, දුක් සැප රහිත වේවා යම් කිසි විඳීමක් ඇද්ද එයත් ….(පෙ)…. මනස අනාත්මයි. ඒ ගැන තිබෙන ඔබේ කැමැත්ත යි ප්‍රහාණය කළ යුත්තේ. මනසට අරමුණු වන දේ ….(පෙ)…. මනසේ විඤ්ඤාණය ….(පෙ)…. මනසේ ස්පර්ශය ….(පෙ)…. මනසේ ස්පර්ශයෙන් උපදින්නා වූ සැප වේවා, දුක් වේවා, දුක් සැප රහිත වේවා යම් කිසි විඳීමක් ඇද්ද එයත් අනාත්මයි. ඒ ගැන තිබෙන ඔබේ කැමැත්ත යි ප්‍රහාණය කළ යුත්තේ. පින්වත් රාධ, යමක් අනාත්ම නම් අන්න ඒ ගැන තිබෙන ඔබේ කැමැත්තයි ප්‍රහාණය කළ යුත්තේ.

සාදු! සාදු!! සාදු!!!

අනත්ත සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_1-8-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M