පින්වත් මහණෙනි, යම් කිසි භික්ෂුවක් ස්පර්ශ ආයතන හයේ හටගැනීමත්, නැතිවීමත්, ආශ්වාදයත්, ආදීනවයත්, නිස්සරණයත් ඒ ආකාරයෙන් ම දන්නේ නැතිනම්, ඒ භික්ෂුව විසින් බඹසර නම් වසලා නෑ. ඔහු මේ ධර්ම විනයෙන් ඈත් වෙලා ම යි ඉන්නේ.
මෙසේ වදාළ විට එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ පැවසුවා. “අනේ ස්වාමීනී, ඔය ආයතන හය පිළිබඳව (අවබෝධය ගැන) මං සෑහීමකට පත් වෙන්නේ නෑ. අනේ ස්වාමීනී, මං ස්පර්ශ ආයතන හයේ හටගැනීමත්, නැතිවීමත්, ආශ්වාදයත්, ආදීනවයත්, නිස්සරණයත් ඒ ආකාරයෙන් ම දන්නේ නෑ.
පින්වත් භික්ෂුව, මේ ගැන ඔබ කුමක්ද හිතන්නේ? ඇස “මේක මගේ, මේ තමයි මම, මේක මගේ ආත්මය” කියලා ඔබ දකිනවා ද? ස්වාමීනී, එසේ නැත්තේ ම ය. ඉතා හොඳයි පින්වත් භික්ෂුව. ඔය කරුණ පිළිබඳව පින්වත් භික්ෂුව, ඔබට ඇස “මේක මගේ නොවෙයි, මේක මමත් නොවෙයි, මේක මගේ ආත්මයත් නොවෙයි” කියලා ඔය විදිහට ඒ ආකාරයෙන් ම දියුණු කරපු ප්‍රඥාවකින් පැහැදිලි දැක්මක් ඇති වෙනවා නම්, ඒක තමයි මේ දුකෙහි අවසන් වීම ….(පෙ)….
දිව “මේක මගේ, මේ තමයි මම, මේක මගේ ආත්මය” කියලා ඔබ දකිනවා ද? ස්වාමීනී, එසේ නැත්තේම ය. ඉතා හොඳයි පින්වත් භික්ෂුව. ඔය කරුණ පිළිබඳව පින්වත් භික්ෂුව, ඔබට දිව “මේක මගේ නොවෙයි, මේක මමත් නොවෙයි, මේක මගේ ආත්මයත් නොවෙයි” කියලා ඔය විදිහට ඒ ආකාරයෙන් ම දියුණු කරපු ප්‍රඥාවකින් පැහැදිලි දැක්මක් ඇති වෙනවා නම්, ඒක තමයි මේ දුකෙහි අවසන් වීම ….(පෙ)….
මනස “මේක මගේ, මේ තමයි මම, මේක මගේ ආත්මය” කියලා ඔබ දකිනවා ද? ස්වාමීනී, එසේ නැත්තේම ය. ඉතා හොඳයි පින්වත් භික්ෂුව. ඔය කරුණ පිළිබඳව පින්වත් භික්ෂුව, ඔබට මනස “මේක මගේ නොවෙයි, මේක මමත් නොවෙයි, මේක මගේ ආත්මයත් නොවෙයි” කියලා ඔය විදිහට ඒ ආකාරයෙන් ම දියුණු කරපු ප්‍රඥාවකින් පැහැදිලි දැක්මක් ඇති වෙනවා නම්, ඒක තමයි මේ දුකෙහි අවසන් වීම.
සාදු! සාදු!! සාදු!!!
පඨම ඡඵස්සායතන සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_1-7-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M