පින්වත් මහණෙනි, මා ඔබට සියලු උපාදාන පිරිසිඳ දැනීම පිණිස පවතින ධර්මයක් දේශනා කරන්ටයි යන්නේ. එය සවන් යොමා අසන්න. පින්වත් මහණෙනි, සියලු උපාදාන පිරිසිඳ දැනීම පිණිස පවතින ධර්මය යනු කුමක්ද?
ඇසත්, රූපත් නිසා ඇසේ විඤ්ඤාණය උපදිනවා. ඔය තුනේ එකතු වීම ස්පර්ශයයි. ස්පර්ශය හේතුවෙන් විඳීම ඇති වෙනවා. පින්වත් මහණෙනි, ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා ඔය අයුරින් දකින විට ඇස ගැනත් සත්‍ය ස්වභාවය අවබෝධ වීම තුළින් ම කලකිරෙනවා. රූප ගැනත් සත්‍ය ස්වභාවය අවබෝධ වීම තුළින් ම කලකිරෙනවා. ඇසේ විඤ්ඤාණය ගැනත් සත්‍ය ස්වභාවය අවබෝධ වීම තුළින් ම කලකිරෙනවා. ඇසේ ස්පර්ශය ගැනත් සත්‍ය ස්වභාවය අවබෝධ වීම තුළින් ම කලකිරෙනවා. විඳීම ගැනත් සත්‍ය ස්වභාවය අවබෝධ වීම තුළින් ම කලකිරෙනවා. කලකිරුණු විට ඒ කෙරෙහි තිබුණ ඇල්ම නැතුව යනවා. ඇල්ම නැතිවීම නිසා එයින් නිදහස් වෙනවා. එසේ නිදහස් වීම නිසා “මා විසින් කෙලෙස් නැති වී යන අයුරින් උපාදාන පිරිසිඳ දැනගත්තා” යි යන කරුණ අවබෝධ කර ගන්නවා.
කනත්, ශබ්දත් නිසා කනේ විඤ්ඤාණය උපදිනවා. ඔය තුනේ එකතු වීම ස්පර්ශයයි. ස්පර්ශය හේතුවෙන් විඳීම ඇති වෙනවා. පින්වත් මහණෙනි, ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා ඔය අයුරින් දකින විට කන ගැනත් සත්‍ය ස්වභාවය අවබෝධ වීම තුළින් ම කලකිරෙනවා. ශබ්ද ගැනත් සත්‍ය ස්වභාවය අවබෝධ වීම තුළින් ම කලකිරෙනවා. කනේ විඤ්ඤාණය ගැනත් සත්‍ය ස්වභාවය අවබෝධ වීම තුළින් ම කලකිරෙනවා. කනේ ස්පර්ශය ගැනත් සත්‍ය ස්වභාවය අවබෝධ වීම තුළින් ම කලකිරෙනවා. විඳීම ගැනත් සත්‍ය ස්වභාවය අවබෝධ වීම තුළින් ම කලකිරෙනවා. කලකිරුණු විට ඒ කෙරෙහි තිබුණ ඇල්ම නැතුව යනවා. ඇල්ම නැතිවීම නිසා එයින් නිදහස් වෙනවා. එසේ නිදහස් වීම නිසා “මා විසින් කෙලෙස් නැති වී යන අයුරින් උපාදාන පිරිසිඳ දැනගත්තා ”යි යන කරුණ අවබෝධ කර ගන්නවා.
නාසයත්, ගඳ-සුවඳත් නිසා නාසයේ විඤ්ඤාණය උපදිනවා. ඔය තුනේ එකතු වීම ස්පර්ශයයි. ස්පර්ශය හේතුවෙන් විඳීම ඇති වෙනවා. පින්වත් මහණෙනි, ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා ඔය අයුරින් දකින විට නාසය ගැනත් සත්‍ය ස්වභාවය අවබෝධ වීම තුළින් ම කලකිරෙනවා. ගඳ-සුවඳ ගැනත් සත්‍ය ස්වභාවය අවබෝධ වීම තුළින් ම කලකිරෙනවා. නාසයේ විඤ්ඤාණය ගැනත් සත්‍ය ස්වභාවය අවබෝධ වීම තුළින් ම කලකිරෙනවා. නාසයේ ස්පර්ශය ගැනත් සත්‍ය ස්වභාවය අවබෝධ වීම තුළින් ම කලකිරෙනවා. විඳීම ගැනත් සත්‍ය ස්වභාවය අවබෝධ වීම තුළින් ම කලකිරෙනවා. කලකිරුණු විට ඒ කෙරෙහි තිබුණ ඇල්ම නැතුව යනවා. ඇල්ම නැතිවීම නිසා එයින් නිදහස් වෙනවා. එසේ නිදහස් වීම නිසා “මා විසින් කෙලෙස් නැති වී යන අයුරින් උපාදාන පිරිසිඳ දැනගත්තා” යි යන කරුණ අවබෝධ කර ගන්නවා.
දිවත්, රසත් නිසා දිවේ විඤ්ඤාණය උපදිනවා. ඔය තුනේ එකතු වීම ස්පර්ශයයි. ස්පර්ශය හේතුවෙන් විඳීම ඇති වෙනවා. පින්වත් මහණෙනි, ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා ඔය අයුරින් දකින විට දිව ගැනත් සත්‍ය ස්වභාවය අවබෝධ වීම තුළින් ම කලකිරෙනවා. රස ගැනත් සත්‍ය ස්වභාවය අවබෝධ වීම තුළින් ම කලකිරෙනවා. දිවේ විඤ්ඤාණය ගැනත් සත්‍ය ස්වභාවය අවබෝධ වීම තුළින් ම කලකිරෙනවා. දිවේ ස්පර්ශය ගැනත් සත්‍ය ස්වභාවය අවබෝධ වීම තුළින් ම කලකිරෙනවා. විඳීම ගැනත් සත්‍ය ස්වභාවය අවබෝධ වීම තුළින් ම කලකිරෙනවා. කලකිරුණු විට ඒ කෙරෙහි තිබුණ ඇල්ම නැතුව යනවා. ඇල්ම නැතිවීම නිසා එයින් නිදහස් වෙනවා. එසේ නිදහස් වීම නිසා “මා විසින් කෙලෙස් නැති වී යන අයුරින් උපාදාන පිරිසිඳ දැනගත්තා” යි යන කරුණ අවබෝධ කර ගන්නවා.
කයත්, පහසත් නිසා කයේ විඤ්ඤාණය උපදිනවා. ඔය තුනේ එකතු වීම ස්පර්ශයයි. ස්පර්ශය හේතුවෙන් විඳීම ඇති වෙනවා. පින්වත් මහණෙනි, ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා ඔය අයුරින් දකින විට කය ගැනත් සත්‍ය ස්වභාවය අවබෝධ වීම තුළින් ම කලකිරෙනවා. පහස ගැනත් සත්‍ය ස්වභාවය අවබෝධ වීම තුළින් ම කලකිරෙනවා. කයේ විඤ්ඤාණය ගැනත් සත්‍ය ස්වභාවය අවබෝධ වීම තුළින් ම කලකිරෙනවා. කයේ ස්පර්ශය ගැනත් සත්‍ය ස්වභාවය අවබෝධ වීම තුළින් ම කලකිරෙනවා. විඳීම ගැනත් සත්‍ය ස්වභාවය අවබෝධ වීම තුළින් ම කලකිරෙනවා. කලකිරුණු විට ඒ කෙරෙහි තිබුණ ඇල්ම නැතුව යනවා. ඇල්ම නැතිවීම නිසා එයින් නිදහස් වෙනවා. එසේ නිදහස් වීම නිසා “මා විසින් කෙලෙස් නැති වී යන අයුරින් උපාදාන පිරිසිඳ දැනගත්තා” යි යන කරුණ අවබෝධ කර ගන්නවා.
මනසත්, මනසට අරමුණු වන දේත් නිසා මනසේ විඤ්ඤාණය උපදිනවා. ඔය තුනේ එකතු වීම ස්පර්ශයයි. ස්පර්ශය හේතුවෙන් විඳීම ඇති වෙනවා. පින්වත් මහණෙනි, ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා ඔය අයුරින් දකින විට මනස ගැනත් සත්‍ය ස්වභාවය අවබෝධ වීම තුළින් ම කලකිරෙනවා. මනසට අරමුණු වන දේ ගැනත් සත්‍ය ස්වභාවය අවබෝධ වීම තුළින් ම කලකිරෙනවා. මනසේ විඤ්ඤාණය ගැනත් සත්‍ය ස්වභාවය අවබෝධ වීම තුළින් ම කලකිරෙනවා. මනසේ ස්පර්ශය ගැනත් සත්‍ය ස්වභාවය අවබෝධ වීම තුළින් ම කලකිරෙනවා. විඳීම ගැනත් සත්‍ය ස්වභාවය අවබෝධ වීම තුළින් ම කලකිරෙනවා. කලකිරුණු විට ඒ කෙරෙහි තිබුණ ඇල්ම නැතුව යනවා. ඇල්ම නැතිවීම නිසා එයින් නිදහස් වෙනවා. එසේ නිදහස් වීම නිසා “මා විසින් කෙලෙස් නැති වී යන අයුරින් උපාදාන පිරිසිඳ දැනගත්තා” යි යන කරුණ අවබෝධ කර ගන්නවා. පින්වත් මහණෙනි, සියලු බැඳීම් පිරිසිඳ දැනීම පිණිස පවතින ධර්මය යනු මෙය යි.
සාදු! සාදු!! සාදු!!!
සබ්බූපාදානපරිඤ්ඤා සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_1-6-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M