☰
“ස්වාමීනී, කොයි විදිහට දන්නා විට ද, කොයි විදිහට දකිනා විට ද අභ්‍යන්තර කෙලෙස් මුලින් ම වැනසී යන්නේ?”
පින්වත් භික්ෂුව, ඇස අනාත්ම වශයෙන් දන්නා විට, දකිනා විට තමයි අභ්‍යන්තර කෙලෙස් මුලින් ම වැනසී යන්නේ. රූප ….(පෙ)…. ඇසේ විඤ්ඤාණය ….(පෙ)…. ඇසේ ස්පර්ශය ….(පෙ)…. ඇසේ ස්පර්ශයෙන් උපදින්නා වූ සැප වේවා, දුක් වේවා, දුක් සැප රහිත වේවා යම් විඳීමක් ඇද්ද එයත් අනාත්ම වශයෙන් දන්නා විට, දකිනා විට තමයි අභ්‍යන්තර කෙලෙස් මුලින් ම වැනසී යන්නේ. ….(පෙ)…. මනසේ ස්පර්ශයෙන් උපදින්නා වූ සැප වේවා, දුක් වේවා, දුක් සැප රහිත වේවා යම් විඳීමක් ඇද්ද එයත් අනාත්ම වශයෙන් දන්නා විට, දකිනා විට තමයි අභ්‍යන්තර කෙලෙස් මුලින් ම වැනසී යන්නේ.
පින්වත් භික්ෂුව, ඔය විදිහට දන්නා විට, ඔය විදිහට දකිනා විට තමයි අභ්‍යන්තර කෙලෙස් මුලින් ම වැනසී යන්නේ.
සාදු! සාදු!! සාදු!!!
අනුසයසමුග්ඝාත සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_1-6-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M