සැවැත් නුවර දී ….
පින්වත් මහණෙනි, මා ඔබට සියලු උපාදාන අවසන් කිරීම පිණිස පවතින ධර්මයක් දේශනා කරන්ටයි යන්නේ. එය සවන් යොමා අසන්න. පින්වත් මහණෙනි, සියලු උපාදාන අවසන් කිරීම පිණිස පවතින ධර්මය යනු කුමක්ද?
පින්වත් මහණෙනි, මේ ගැන ඔබ කුමක්ද සිතන්නේ? ඇස නිත්‍ය යි ද? අනිත්‍ය යි ද? ස්වාමීනී, අනිත්‍යයි. යමක් වනාහී අනිත්‍ය නම්, එය දුකයි ද? සැපයි ද? ස්වාමීනී, දුකයි. යමක් වනාහී අනිත්‍ය නම්, දුක නම්, වෙනස් වන ස්වභාවයෙන් යුතු නම්, එය “මේක මගේ, මේක තමයි මම, මේ තමයි මගේ ආත්මය” වශයෙන් දකින එක සුදුසුද? ස්වාමීනී, එය සුදුසු නැත.
රූප නිත්‍යයි ද? අනිත්‍ය යි ද? ස්වාමීනී, අනිත්‍ය යි ….(පෙ)…. ඇසේ විඤ්ඤාණය ….(පෙ)…. ඇසේ ස්පර්ශය ….(පෙ)…. ඇසේ ස්පර්ශයෙන් උපදින්නා වූ යම් විඳීමක් ඇද්ද ….(පෙ)…. එයත් ….(පෙ)…. කන ….(පෙ)…. ශබ්ද ….(පෙ)…. කනේ විඤ්ඤාණය ….(පෙ)…. කනේ ස්පර්ශය ….(පෙ)…. කනේ ස්පර්ශයෙන් උපදින්නා වූ යම් විඳීමක් ඇද්ද ….(පෙ)…. එයත් ….(පෙ)…. නාසය ….(පෙ)…. ගඳ-සුවඳ ….(පෙ)…. නාසයේ විඤ්ඤාණය ….(පෙ)…. නාසයේ ස්පර්ශය ….(පෙ)…. නාසයේ ස්පර්ශයෙන් උපදින්නා වූ යම් විඳීමක් ඇද්ද ….(පෙ)…. එයත් ….(පෙ)…. දිව ….(පෙ)…. රස ….(පෙ)…. දිවේ විඤ්ඤාණය ….(පෙ)…. දිවේ ස්පර්ශය ….(පෙ)…. දිවේ ස්පර්ශයෙන් උපදින්නා වූ යම් විඳීමක් ඇද්ද ….(පෙ)…. එයත් ….(පෙ)…. කය ….(පෙ)…. පහස ….(පෙ)…. කයේ විඤ්ඤාණය ….(පෙ)…. කයේ ස්පර්ශය ….(පෙ)…. කයේ ස්පර්ශයෙන් උපදින්නා වූ යම් විඳීමක් ඇද්ද ….(පෙ)…. එයත් ….(පෙ)…. මනස ….(පෙ)…. මනසට අරමුණු වන දේ ….(පෙ)…. මනෝ විඤ්ඤාණය ….(පෙ)…. මනසේ ස්පර්ශය ….(පෙ)…. මනසේ ස්පර්ශයෙන් උපදින්නා වූ සැප වේවා, දුක් වේවා, දුක් සැප රහිත වේවා යම් විඳීමක් ඇද්ද එයත් නිත්‍ය යි ද? අනිත්‍ය යි ද? ස්වාමීනී, අනිත්‍යයි. යමක් වනාහී අනිත්‍ය නම්, එය දුකයි ද? සැපයි ද? ස්වාමීනී, දුකයි. යමක් වනාහී අනිත්‍ය නම්, දුක නම්, වෙනස් වන ස්වභාවයෙන් යුතු නම්, එය “මේක මගේ, මේක තමයි මම, මේ තමයි මගේ ආත්මය” වශයෙන් දකින එක සුදුසුද? ස්වාමීනී, එය සුදුසු නැත.
පින්වත් මහණෙනි, ශ්‍රැතවත් ආර්ය ශ්රාවකයා ඔය අයුරින් දකින විට ඇස ගැන සත්‍ය ස්වභාවය අවබෝධ වීම තුළින් ම කලකිරෙනවා. රූප ගැනත් සත්‍ය ස්වභාවය අවබෝධ වීම තුළින් ම කලකිරෙනවා. ඇසේ විඤ්ඤාණය ගැනත් සත්‍ය ස්වභාවය අවබෝධ වීම තුළින් ම කලකිරෙනවා. ඇසේ ස්පර්ශය ගැනත් සත්‍ය ස්වභාවය අවබෝධ වීම තුළින් ම කලකිරෙනවා. ඇසේ ස්පර්ශයෙන් උපදින්නා වූ සැපක් වේවා, දුකක් වේවා, දුක් සැප රහිත වේවා යම් විඳීමක් ඇත්නම් ඒ ගැනත් සත්‍ය ස්වභාවය අවබෝධ වීම තුළින් ම කලකිරෙනවා ….(පෙ)…. මනසේ ස්පර්ශයෙන් උපදින්නා වූ සැපක් වේවා, දුකක් වේවා, දුක් සැප රහිත වේවා යම් විඳීමක් ඇත්නම් ඒ ගැනත් සත්‍ය ස්වභාවය අවබෝධ වීම තුළින් ම කලකිරෙනවා. කලකිරුණු විට ඒ කෙරෙහි තිබුණ ඇල්ම නැතුව යනවා. ඇල්ම නැතිවීම නිසා එයින් නිදහස් වෙනවා. නිදහස් වූ විට නිදහස් වූ බවට අවබෝධ ඤාණය ඇති වෙනවා. “ඉපදීම ක්ෂය වුණා. බඹසර වාසය සම්පූර්ණ කළා. නිවන පිණිස කළ යුතු දෙය කළා. නිවන පිණිස කළ යුතු වෙන දෙයක් නැත්තේම” යැයි අවබෝධයෙන් ම දැනගන්නවා. පින්වත් මහණෙනි, සියලු උපාදාන අවසන් කිරීම පිණිස පවතින ධර්මය යනු මෙය යි.
සාදු! සාදු!! සාදු!!!
දුතිය සබ්බූපාදානපරියාදාන සූත්‍රය නිමා විය.
හයවෙනි අවිජ්ජා වර්ගය යි.
එහි පිළිවෙළ උද්දානය යි.
අවිජ්ජා සූත්‍රය, සංයෝජන සූත්‍ර දෙක, ආසව සූත්‍ර දෙක, අනුසය සූත්‍ර දෙක, පරිඤ්ඤා සූත්‍රය, පරියාදින්න සූත්‍ර දෙක යන මෙයින් මේ වර්ගය සමන්විත වෙයි.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_1-6-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M