ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ දහසක් භික්ෂූන් පිරිවරා ගයාවෙහි ගයා ශීර්ෂයෙහි වැඩසිටියා. එකල්හී භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් අමතා වදාළා.
පින්වත් මහණෙනි, සෑම දෙයක් ම ගිනි ඇවිලිල යි තියෙන්නේ. පින්වත් මහණෙනි, ගිනි ඇවිලිලා තියෙන සියලු දේ මොනවා ද? පින්වත් මහණෙනි, ඇස ගිනි අරගෙනයි තියෙන්නේ. රූප ගිනි අරගෙනයි තියෙන්නේ. ඇසේ විඤ්ඤාණය ගිනි අරගෙනයි තියෙන්නේ. ඇසේ ස්පර්ශය ගිනි අරගෙනයි තියෙන්නේ. ඇසේ ස්පර්ශයෙන් උපදින්නා වූ සැප හෝ වේවා, දුක් හෝ වේවා, දුක් සැප රහිත හෝ වේවා යම් විඳීමක් ඇත්නම් එයත් ගිනි අරගෙනයි තියෙන්නේ. කුමකින් ද ගිනි අරගෙන තියෙන්නේ? ගිනි අරගෙන තියෙන්නේ රාග ගින්නෙනුයි, ද්වේෂ ගින්නෙනුයි, මෝහ ගින්නෙනුයි. ගිනි අරගෙන තියෙන්නේ ඉපදීමෙනුයි, ජරා මරණයෙනුයි. සෝක වැලපීම්වලින්, දුක් දොම්නස්වලින්, සුසුම් හෙළීම්වලින් ගිනි අරගෙන තියෙනවා කියල යි මා කියන්නේ.
කන ගිනි අරගෙනයි තියෙන්නේ. ශබ්ද ගිනි අරගෙනයි තියෙන්නේ. කනේ විඤ්ඤාණය ගිනි අරගෙනයි තියෙන්නේ. කනේ ස්පර්ශය ගිනි අරගෙනයි තියෙන්නේ. කනේ ස්පර්ශයෙන් උපදින්නා වූ සැප හෝ වේවා, දුක් හෝ වේවා, දුක් සැප රහිත හෝ වේවා යම් විඳීමක් ඇත්නම් එයත් ගිනි අරගෙනයි තියෙන්නේ. කුමකින් ද ගිනි අරගෙන තියෙන්නේ? ගිනි අරගෙන තියෙන්නේ රාග ගින්නෙනුයි, ද්වේෂ ගින්නෙනුයි, මෝහ ගින්නෙනුයි. ගිනි අරගෙන තියෙන්නේ ඉපදීමෙනුයි, ජරා මරණයෙනුයි. සෝක වැලපීම්වලින්, දුක් දොම්නස්වලින්, සුසුම් හෙළීම්වලින් ගිනි අරගෙන තියෙනවා කියල යි මා කියන්නේ.
නාසය ගිනි අරගෙනයි තියෙන්නේ. ගඳ-සුවඳ ගිනි අරගෙනයි තියෙන්නේ. නාසයේ විඤ්ඤාණය ගිනි අරගෙනයි තියෙන්නේ. නාසයේ ස්පර්ශය ගිනි අරගෙනයි තියෙන්නේ. නාසයේ ස්පර්ශයෙන් උපදින්නා වූ සැප හෝ වේවා, දුක් හෝ වේවා, දුක් සැප රහිත හෝ වේවා යම් විඳීමක් ඇත්නම් එයත් ගිනි අරගෙනයි තියෙන්නේ. කුමකින් ද ගිනි අරගෙන තියෙන්නේ? ගිනි අරගෙන තියෙන්නේ රාග ගින්නෙනුයි, ද්වේෂ ගින්නෙනුයි, මෝහ ගින්නෙනුයි. ගිනි අරගෙන තියෙන්නේ ඉපදීමෙනුයි, ජරා මරණයෙනුයි. සෝක වැලපීම්වලින්, දුක් දොම්නස්වලින්, සුසුම් හෙළීම්වලින් ගිනි අරගෙන තියෙනවා කියල යි මා කියන්නේ.
දිව ගිනි අරගෙනයි තියෙන්නේ. රස ගිනි අරගෙනයි තියෙන්නේ. දිවේ විඤ්ඤාණය ගිනි අරගෙනයි තියෙන්නේ. දිවේ ස්පර්ශය ගිනි අරගෙනයි තියෙන්නේ. දිවේ ස්පර්ශයෙන් උපදින්නා වූ සැප හෝ වේවා, දුක් හෝ වේවා, දුක් සැප රහිත හෝ වේවා යම් විඳීමක් ඇත්නම් එයත් ගිනි අරගෙනයි තියෙන්නේ. කුමකින් ද ගිනි අරගෙන තියෙන්නේ? ගිනි අරගෙන තියෙන්නේ රාග ගින්නෙනුයි, ද්වේෂ ගින්නෙනුයි, මෝහ ගින්නෙනුයි. ගිනි අරගෙන තියෙන්නේ ඉපදීමෙනුයි, ජරා මරණයෙනුයි. සෝක වැලපීම්වලින්, දුක් දොම්නස්වලින්, සුසුම් හෙළීම්වලින් ගිනි අරගෙන තියෙනවා කියල යි මා කියන්නේ.
කය ගිනි අරගෙනයි තියෙන්නේ. පහස ගිනි අරගෙනයි තියෙන්නේ. කයේ විඤ්ඤාණය ගිනි අරගෙනයි තියෙන්නේ. කයේ ස්පර්ශය ගිනි අරගෙනයි තියෙන්නේ. කයේ ස්පර්ශයෙන් උපදින්නා වූ සැප හෝ වේවා, දුක් හෝ වේවා, දුක් සැප රහිත හෝ වේවා යම් විඳීමක් ඇත්නම් එයත් ගිනි අරගෙනයි තියෙන්නේ. කුමකින් ද ගිනි අරගෙන තියෙන්නේ? ගිනි අරගෙන තියෙන්නේ රාග ගින්නෙනුයි, ද්වේෂ ගින්නෙනුයි, මෝහ ගින්නෙනුයි. ගිනි අරගෙන තියෙන්නේ ඉපදීමෙනුයි, ජරා මරණයෙනුයි. සෝක වැලපීම්වලින්, දුක් දොම්නස්වලින්, සුසුම් හෙළීම්වලින් ගිනි අරගෙන තියෙනවා කියල යි මා කියන්නේ.
මනස ගිනි අරගෙනයි තියෙන්නේ. මනසට අරමුණු වන දේ ගිනි අරගෙනයි තියෙන්නේ. මනසේ විඤ්ඤාණය ගිනි අරගෙනයි තියෙන්නේ. මනසේ ස්පර්ශය ගිනි අරගෙනයි තියෙන්නේ. මනසේ ස්පර්ශයෙන් උපදින්නා වූ සැප හෝ වේවා, දුක් හෝ වේවා, දුක් සැප රහිත හෝ වේවා යම් විඳීමක් ඇත්නම් එයත් ගිනි අරගෙනයි තියෙන්නේ. කුමකින් ද ගිනි අරගෙන තියෙන්නේ? ගිනි අරගෙන තියෙන්නේ රාග ගින්නෙනුයි, ද්වේෂ ගින්නෙනුයි, මෝහ ගින්නෙනුයි. ගිනි අරගෙන තියෙන්නේ ඉපදීමෙනුයි, ජරා මරණයෙනුයි. සෝක වැලපීම්වලින්, දුක් දොම්නස්වලින්, සුසුම් හෙළීම්වලින් ගිනි අරගෙන තියෙනවා කියල යි මා කියන්නේ.
පින්වත් මහණෙනි, ශ්‍රැතවත් ආර්ය ශ්රාවකයා ඔය අයුරින් දකින විට ඇස කෙරෙහිත් කලකිරෙනවා. රූප කෙරෙහිත් කලකිරෙනවා. ඇසේ විඤ්ඤාණය කෙරෙහිත් කලකිරෙනවා. ඇසේ ස්පර්ශය කෙරෙහිත් කලකිරෙනවා. ඇසේ ස්පර්ශයෙන් උපදින්නා වූ සැප වේවා, දුක් වේවා, දුක් සැප රහිත වේවා යම් විඳීමක් ඇද්ද ඒ කෙරෙහිත් කලකිරෙනවා ….(පෙ)…. දිව කෙරෙහිත් කලකිරෙනවා. රස කෙරෙහිත් කලකිරෙනවා. දිවේ විඤ්ඤාණය කෙරෙහිත් කලකිරෙනවා. දිවේ ස්පර්ශය කෙරෙහිත් කලකිරෙනවා. දිවේ ස්පර්ශයෙන් උපදින්නා වූ සැප වේවා, දුක් වේවා, දුක් සැප රහිත වේවා යම් විඳීමක් ඇද්ද ඒ කෙරෙහිත් කලකිරෙනවා ….(පෙ)…. මනස කෙරෙහිත් කලකිරෙනවා. මනසට අරමුණු වන දේ කෙරෙහිත් කලකිරෙනවා. මනසේ විඤ්ඤාණය කෙරෙහිත් කලකිරෙනවා. මනසේ ස්පර්ශය කෙරෙහිත් කලකිරෙනවා. මනසේ ස්පර්ශයෙන් උපදින්නා වූ සැප වේවා, දුක් වේවා, දුක් සැප රහිත වේවා යම් විඳීමක් ඇද්ද ඒ කෙරෙහිත් කලකිරෙනවා. කලකිරුණු විට ඒ කෙරෙහි තිබුණ ඇල්ම නැතුව යනවා. ඇල්ම නැතිවීම නිසා එයින් නිදහස් වෙනවා. නිදහස් වූ විට නිදහස් වූ බවට අවබෝධ ඤාණය ඇති වෙනවා. “ඉපදීම ක්ෂය වුණා. බඹසර වාසය සම්පූර්ණ කළා. නිවන පිණිස කළ යුතු දෙය කළා. නිවන පිණිස කළ යුතු වෙන දෙයක් නැත්තේම” යැයි අවබෝධයෙන් ම දැනගන්නවා.
භාග්‍යවතුන් වහන්සේ මෙම දේශනය වදාළා. ඒ භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද දෙසුම ගැන ඉතා සතුටට පත් වුණා. එය සතුටින් පිළිගත්තා. මෙම දේශනය වදාරණ කල්හී ඒ දහසක් භික්ෂූන් වහන්සේලාගේ සිත් කිසිවකට නොබැඳී ආශ්රවයන්ගෙන් නිදහස් වුණා.
සාදු! සාදු!! සාදු!!!
ආදිත්තපරියාය සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_1-3-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M