සැවැත් නුවර දී ….
පින්වත් මහණෙනි, සියලු දෙය විශේෂ ඤාණයකින් අවබෝධ නො කොට, පිරිසිඳ අවබෝධ නො කොට, ඇල්ම දුරු නො කොට, ඇල්ම අත් නො හැර දුක ක්ෂය කිරීම නම් විය නො හැකි දෙයක්. පින්වත් මහණෙනි, විශේෂ ඤාණයකින් අවබෝධ නො කොට, පිරිසිඳ අවබෝධ නො කොට, ඇල්ම දුරු නො කොට, ඇල්ම අත් නො හැර දුක ක්ෂය කිරීම නො හැකි වන්නේ කවර සියලු දෙයක් ගැන ද?
පින්වත් මහණෙනි, ඇස විශේෂ ඤාණයකින් අවබෝධ නො කොට, පිරිසිඳ නො දැක, ඇල්ම දුරු නො කොට, ඇල්ම අත් නො හැර දුක ක්ෂය කිරීම නම් විය නො හැකි දෙයක්. රූප විශේෂ ඤාණයකින් අවබෝධ නො කොට, පිරිසිඳ නො දැක, ඇල්ම දුරු නො කොට, ඇල්ම අත් නො හැර දුක ක්ෂය කිරීම නම් විය නො හැකි දෙයක්. ඇසේ විඤ්ඤාණය විශේෂ ඤාණයකින් අවබෝධ නො කොට, පිරිසිඳ නො දැක, ඇල්ම දුරු නො කොට, ඇල්ම අත් නො හැර දුක ක්ෂය කිරීම නම් සිදු විය නො හැකි දෙයක්. ඇසේ ස්පර්ශය විශේෂ ඤාණයකින් අවබෝධ නො කොට, පිරිසිඳ නො දැක, ඇල්ම දුරු නො කොට, ඇල්ම අත් නො හැර දුක ක්ෂය කිරීම නම් විය නො හැකි දෙයක්. ඇසේ ස්පර්ශයෙන් උපදින්නා වූ සැප හෝ වේවා, දුක් හෝ වේවා, දුක් සැප රහිත හෝ වේවා යම් විඳීමක් ඇද්ද එයත් විශේෂ ඤාණයකින් අවබෝධ නො කොට, පිරිසිඳ නො දැක, ඇල්ම දුරු නො කොට, ඇල්ම අත් නො හැර දුක ක්ෂය කිරීම නම් විය නො හැකි දෙයක් ….(පෙ)….
දිව විශේෂ ඤාණයකින් අවබෝධ නො කොට, පිරිසිඳ නො දැක, ඇල්ම දුරු නො කොට, ඇල්ම අත් නො හැර දුක ක්ෂය කිරීම නම් විය නො හැකි දෙයක්. රස ….(පෙ)…. දිවේ විඤ්ඤාණය ….(පෙ)…. දිවේ ස්පර්ශය ….(පෙ)…. දිවේ ස්පර්ශයෙන් උපදින්නා වූ සැප හෝ වේවා, දුක් හෝ වේවා, දුක් සැප රහිත හෝ වේවා යම් විඳීමක් ඇද්ද එයත් විශේෂ ඤාණයකින් අවබෝධ නො කොට, පිරිසිඳ නො දැක, ඇල්ම දුරු නො කොට, ඇල්ම අත් නො හැර දුක ක්ෂය කිරීම නම් විය නො හැකි දෙයක් ….(පෙ)….
මනස විශේෂ ඤාණයකින් අවබෝධ නො කොට, පිරිසිඳ නො දැක, ඇල්ම දුරු නො කොට, ඇල්ම අත් නො හැර දුක ක්ෂය කිරීම නම් විය නො හැකි දෙයක්. මනසට අරමුණු වන දේ ….(පෙ)…. මනසේ විඤ්ඤාණය ….(පෙ)…. මනසේ ස්පර්ශය ….(පෙ)…. මනසේ ස්පර්ශයෙන් උපදින්නා වූ සැප හෝ වේවා, දුක් හෝ වේවා, දුක් සැප රහිත හෝ වේවා යම් විඳීමක් ඇත්නම් එයත් විශේෂ ඤාණයකින් අවබෝධ නො කොට, පිරිසිඳ නො දැක, ඇල්ම දුරු නො කොට, ඇල්ම අත් නො හැර දුක ක්ෂය කිරීම නම් විය නො හැකි දෙයක්. පින්වත් මහණෙනි, මේ සියලු දෙය විශේෂ ඤාණයකින් අවබෝධ නො කොට, පිරිසිඳ නො දැක, ඇල්ම දුරු නො කොට, ඇල්ම අත් නො හැර දුක ක්ෂය කිරීම නම් විය නො හැකි දෙයක්.
පින්වත් මහණෙනි, සියලු දෙය විශේෂ ඤාණයකින් අවබෝධ කොට, පිරිසිඳ දැන, ඇල්ම දුරු කොට, ඇල්ම අත්හැර දුක ක්ෂය කිරීම නම් විය හැකි දෙයක්. පින්වත් මහණෙනි, විශේෂ ඤාණයකින් අවබෝධ කළොත්, පිරිසිඳ දැක්කොත්, ඇල්ම දුරු කළොත්, ඇල්ම අත් හැරියොත් දුක ක්ෂය කිරීම විය හැකි වන්නේ කවර සියලු දෙයක් ගැන ද?
පින්වත් මහණෙනි, ඇස විශේෂ ඤාණයකින් අවබෝධ කොට, පිරිසිඳ දැක, ඇල්ම දුරු කොට, ඇල්ම අත් හැර දුක ක්ෂය කිරීම විය හැකි දෙයක්. රූප විශේෂ ඤාණයකින් අවබෝධ කොට, පිරිසිඳ දැක, ඇල්ම දුරු කොට, ඇල්ම අත් හැර දුක ක්ෂය කිරීම විය හැකි දෙයක්. ඇසේ විඤ්ඤාණය විශේෂ ඤාණයකින් අවබෝධ කොට, පිරිසිඳ දැක, ඇල්ම දුරු කොට, ඇල්ම අත් හැර දුක ක්ෂය කිරීම විය හැකි දෙයක්. ඇසේ ස්පර්ශය විශේෂ ඤාණයකින් අවබෝධ කොට, පිරිසිඳ දැක, ඇල්ම දුරු කොට, ඇල්ම අත් හැර දුක ක්ෂය කිරීම විය හැකි දෙයක්. ඇසේ ස්පර්ශයෙන් උපදින්නා වූ සැප හෝ වේවා, දුක් හෝ වේවා, දුක් සැප රහිත හෝ වේවා යම් විඳීමක් ඇද්ද එයත් විශේෂ ඤාණයකින් අවබෝධ කොට, පිරිසිඳ දැක, ඇල්ම දුරු කොට, ඇල්ම අත් හැර දුක ක්ෂය කිරීම විය හැකි දෙයක් ….(පෙ)….
දිව විශේෂ ඤාණයකින් අවබෝධ කොට, පිරිසිඳ දැක, ඇල්ම දුරු කොට, ඇල්ම අත් හැර දුක ක්ෂය කිරීම විය හැකි දෙයක්. රස ….(පෙ)…. දිවේ විඤ්ඤාණය ….(පෙ)…. දිවේ ස්පර්ශය ….(පෙ)…. දිවේ ස්පර්ශයෙන් උපදින්නා වූ සැප හෝ වේවා, දුක් හෝ වේවා, දුක් සැප රහිත හෝ වේවා යම් විඳීමක් ඇද්ද එයත් විශේෂ ඤාණයකින් අවබෝධ කොට, පිරිසිඳ දැක, ඇල්ම දුරු කොට, ඇල්ම අත් හැර දුක ක්ෂය කිරීම විය හැකි දෙයක් ….(පෙ)….
මනස විශේෂ ඤාණයකින් අවබෝධ කොට, පිරිසිඳ දැක, ඇල්ම දුරු කොට, ඇල්ම අත් හැර දුක ක්ෂය කිරීම විය හැකි දෙයක්. මනසට අරමුණු වන දේ ….(පෙ)…. මනසේ විඤ්ඤාණය ….(පෙ)…. මනසේ ස්පර්ශය ….(පෙ)…. මනසේ ස්පර්ශයෙන් උපදින්නා වූ සැප හෝ වේවා, දුක් හෝ වේවා, දුක් සැප රහිත හෝ වේවා යම් විඳීමක් ඇද්ද එයත් විශේෂ ඤාණයකින් අවබෝධ කොට, පිරිසිඳ දැක, ඇල්ම දුරු කොට, ඇල්ම අත් හැර දුක ක්ෂය කිරීම විය හැකි දෙයක්.
පින්වත් මහණෙනි, මේ සියලු දෙය විශේෂ ඤාණයකින් අවබෝධ කිරීමෙන්, පිරිසිඳ දැකීමෙන්, ඇල්ම දුරු කිරීමෙන්, ඇල්ම අත් හැරීමෙන් තමයි දුක ක්ෂය කිරීම විය හැකි දෙයක් වන්නේය.
සාදු! සාදු!! සාදු!!!
අපරිජාන සූත්රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_1-3-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M