සැවැත් නුවර දී ….
පින්වත් මහණෙනි, විශේෂ ඤාණයකින් අවබෝධ කිරීමෙන්, පිරිසිඳ අවබෝධ කිරීමෙන්, ප්රහාණය කිරීම පිණිස පවතින සියල්ල නම් වූ ධර්මයක් මා ඔබට දේශනා කරන්නට යි යන්නේ. එය සවන් යොමා අසන්න.
පින්වත් මහණෙනි, විශේෂ ඤාණයකින් අවබෝධ කිරීමෙන්, පිරිසිඳ අවබෝධ කිරීමෙන්, ප්රහාණය කිරීම පිණිස පවතින සියල්ල නම් වූ ධර්මය කුමක්ද? පින්වත් මහණෙනි, ඇස විශේෂ ඤාණයකින් අවබෝධ කිරීමෙන්, පිරිසිඳ අවබෝධ කිරීමෙන්, ප්රහාණය කළ යුතුයි. රූප විශේෂ ඤාණයකින් අවබෝධ කිරීමෙන්, පිරිසිඳ අවබෝධ කිරීමෙන්, ප්රහාණය කළ යුතුයි. ඇසේ විඤ්ඤාණය විශේෂ ඤාණයකින් අවබෝධ කිරීමෙන්, පිරිසිඳ අවබෝධ කිරීමෙන්, ප්රහාණය කළ යුතුයි. ඇසේ ස්පර්ශය විශේෂ ඤාණයකින් අවබෝධ කිරීමෙන්, පිරිසිඳ අවබෝධ කිරීමෙන්, ප්රහාණය කළ යුතුයි. ඇසේ ස්පර්ශයෙන් උපදින්නා වූ සැප හෝ වේවා, දුක් හෝ වේවා, දුක් සැප රහිත හෝ වේවා යම් විඳීමක් ඇද්ද එයත් විශේෂ ඤාණයකින් අවබෝධ කිරීමෙන්, පිරිසිඳ අවබෝධ කිරීමෙන්, ප්රහාණය කළ යුතුයි ….(පෙ)….
දිව විශේෂ ඤාණයකින් අවබෝධ කිරීමෙන්, පිරිසිඳ අවබෝධ කිරීමෙන්, ප්රහාණය කළ යුතුයි. රස විශේෂ ඤාණයකින් අවබෝධ කිරීමෙන්, පිරිසිඳ අවබෝධ කිරීමෙන්, ප්රහාණය කළ යුතුයි. දිවේ විඤ්ඤාණය විශේෂ ඤාණයකින් අවබෝධ කිරීමෙන්, පිරිසිඳ අවබෝධ කිරීමෙන්, ප්රහාණය කළ යුතුයි. දිවේ ස්පර්ශය විශේෂ ඤාණයකින් අවබෝධ කිරීමෙන්, පිරිසිඳ අවබෝධ කිරීමෙන්, ප්රහාණය කළ යුතුයි. දිවේ ස්පර්ශයෙන් උපදින්නා වූ සැප හෝ වේවා, දුක් හෝ වේවා, දුක් සැප රහිත හෝ වේවා යම් විඳීමක් ඇද්ද එයත් විශේෂ ඤාණයකින් අවබෝධ කිරීමෙන්, පිරිසිඳ අවබෝධ කිරීමෙන්, ප්රහාණය කළ යුතුයි ….(පෙ)….
මනස විශේෂ ඤාණයකින් අවබෝධ කිරීමෙන්, පිරිසිඳ අවබෝධ කිරීමෙන්, ප්රහාණය කළ යුතුයි. මනසට අරමුණු වන දේ විශේෂ ඤාණයකින් අවබෝධ කිරීමෙන්, පිරිසිඳ අවබෝධ කිරීමෙන්, ප්රහාණය කළ යුතුයි. මනසේ විඤ්ඤාණය විශේෂ ඤාණයකින් අවබෝධ කිරීමෙන්, පිරිසිඳ අවබෝධ කිරීමෙන්, ප්රහාණය කළ යුතුයි. මනසේ ස්පර්ශය විශේෂ ඤාණයකින් අවබෝධ කිරීමෙන්, පිරිසිඳ අවබෝධ කිරීමෙන්, ප්රහාණය කළ යුතුයි. මනසේ ස්පර්ශයෙන් උපදින්නා වූ සැප හෝ වේවා, දුක් හෝ වේවා, දුක් සැප රහිත හෝ වේවා යම් විඳීමක් ඇද්ද එයත් විශේෂ ඤාණයකින් අවබෝධ කිරීමෙන්, පිරිසිඳ අවබෝධ කිරීමෙන්, ප්රහාණය කළ යුතුයි. පින්වත් මහණෙනි, විශේෂ ඤාණයකින් අවබෝධ කිරීමෙන්, පිරිසිඳ අවබෝධ කිරීමෙන්, ප්රහාණය කිරීම පිණිස පවතින සියල්ල නම් වූ ධර්මය යනු මෙය යි.
සාදු! සාදු!! සාදු!!!
දුතිය පහාන සූත්රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_1-3-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M