සංයුත්ත නිකාය

සළායතන වග්ගෝ

1.2.9. උප්පාද සුත්තං

1.2.9. ඉපදීම ගැන වදාළ දෙසුම

සැවැත් නුවර දී ….

පින්වත් මහණෙනි, ඇසෙහි යම් ඉපදීමක් ඇත්ද, යම් පැවැත්මක් ඇත්ද, යම් විශේෂ උපතක් ඇත්ද, යම් පහළ වීමක් ඇත්ද, එය වනාහී දුකේ ඉපදීම යි. රෝගයන්ගේ පැවැත්ම යි. ජරා මරණයේ පහළ වීම යි. කනෙහි යම් ….(පෙ)…. නාසයෙහි යම් ….(පෙ)…. දිවෙහි යම් ….(පෙ)…. කයෙහි යම් ….(පෙ)…. මනසෙහි යම් ඉපදීමක් ඇත්ද, යම් පැවැත්මක් ඇත්ද, යම් විශේෂ උපතක් ඇත්ද, යම් පහළ වීමක් ඇත්ද, එය වනාහී දුකේ ඉපදීම යි. රෝගයන්ගේ පැවැත්ම යි. ජරා මරණයේ පහළ වීම යි.

පින්වත් මහණෙනි, ඇසෙහි යම් නිරුද්ධ වීමක් ඇත්ද, සංසිඳීමක් ඇත්ද, නැතිවී යෑමක් ඇත්ද, එය වනාහී දුකෙහි නිරුද්ධ වීම යි. රෝගයන්ගේ සංසිඳීම යි. ජරා මරණයේ නැතිවී යෑම යි. කනෙහි යම් නිරුද්ධ වීමක් ඇත්ද, සංසිඳීමක් ඇත්ද, නැතිවී යෑමක් ඇත්ද, එය වනාහී දුකෙහි නිරුද්ධ වීම යි. රෝගයන්ගේ සංසිඳීම යි. ජරා මරණයේ නැතිවී යෑම යි. නාසයෙහි යම් ….(පෙ)…. දිවෙහි යම් ….(පෙ)…. කයෙහි යම් ….(පෙ)…. මනසෙහි යම් නිරුද්ධ වීමක් ඇත්ද, සංසිඳීමක් ඇත්ද, නැතිවී යෑමක් ඇත්ද, එය වනාහී දුකෙහි නිරුද්ධ වීම යි. රෝගයන්ගේ සංසිඳීම යි. ජරා මරණයේ නැතිවී යෑම යි.

සාදු! සාදු!! සාදු!!!

උප්පාද සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_1-2-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M