සැවැත් නුවර දී ….
පින්වත් මහණෙනි, රූපවල යම් ඉපදීමක් ඇත්ද, යම් පැවැත්මක් ඇත්ද, යම් විශේෂ උපතක් ඇත්ද, යම් පහළ වීමක් ඇත්ද, එය වනාහී දුකේ ඉපදීමයි. රෝගයන්ගේ පැවැත්ම යි. ජරා මරණයේ පහළ වීම යි. ශබ්දවල යම් ….(පෙ)…. ගඳ-සුවඳෙහි යම් ….(පෙ)…. රසයෙහි යම් ….(පෙ)…. පහසෙහි යම් ….(පෙ)…. සිතට අරමුණු වන දේවල්වල යම් ඉපදීමක් ඇත්ද, යම් පැවැත්මක් ඇත්ද, යම් විශේෂ උපතක් ඇත්ද, යම් පහළ වීමක් ඇත්ද, එය වනාහී දුකේ ඉපදීම යි. රෝගයන්ගේ පැවැත්ම යි. ජරා මරණයේ පහළ වීම යි.
පින්වත් මහණෙනි, රූපවල යම් නිරුද්ධ වීමක් ඇත්ද, සංසිඳීමක් ඇත්ද, නැතිවී යෑමක් ඇත්ද, එය වනාහී දුකෙහි නිරුද්ධ වීම යි. රෝගයන්ගේ සංසිඳීම යි. ජරා මරණයේ නැතිවී යෑම යි. ශබ්දවල යම් ….(පෙ)…. ගඳ-සුවඳෙහි යම් ….(පෙ)…. රසයෙහි යම් ….(පෙ)…. පහසෙහි යම් ….(පෙ)…. සිතට අරමුණු වන දේවල්වල යම් නිරුද්ධ වීමක් ඇත්ද, සංසිඳීමක් ඇත්ද, නැතිවී යෑමක් ඇත්ද, එය වනාහී දුකෙහි නිරුද්ධ වීම යි. රෝගයන්ගේ සංසිඳීම යි. ජරා මරණයේ නැතිවී යෑම යි.
සාදු! සාදු!! සාදු!!!
දුතිය උප්පාද සූත්‍රය නිමා විය.
දෙවෙනි යමක වර්ගය යි.
එහි පිළිවෙළ උද්දානය යි.
සම්බෝධ සූත්‍ර දෙකක් පවසන ලදී. එමෙන් ම අස්සාද සූත්‍ර දෙකකි. නෝ චේ අස්සාද සූත්‍ර ද දෙකක් පවසන ලදී. එමෙන් ම අභිනන්ද සූත්‍ර ද දෙකකි. උප්පාද සූත්‍ර ද දෙකක් පවසන ලදී. එම දෙසුම්වලින් මෙම වර්ගය කියනු ලැබේ.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_1-2-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M