සැවැත් නුවර දී ….
පින්වත් මහණෙනි, යම් කෙනෙක් රූප සතුටින් පිළිගන්නවා නම්, එයා සතුටින් පිළිගන්නේ දුකයි. ඉතින් යම් කෙනෙක් සතුටින් පිළිගන්නේ දුක නම්, ඔහු දුකෙන් නිදහස් වෙලා නෑ කියලයි මා කියන්නේ. යම් කෙනෙක් ශබ්ද ….(පෙ)…. යම් කෙනෙක් ගඳ-සුවඳ ….(පෙ)…. යම් කෙනෙක් රස ….(පෙ)…. යම් කෙනෙක් පහස ….(පෙ)…. යම් කෙනෙක් මනසට අරමුණු වන දේ සතුටින් පිළිගන්නවා නම්, එයා සතුටින් පිළිගන්නේ දුකයි. ඉතින් යම් කෙනෙක් සතුටින් පිළිගන්නේ දුක නම්, ඔහු දුකෙන් නිදහස් වෙලා නෑ කියලයි මා කියන්නේ.
පින්වත් මහණෙනි, යම් කෙනෙක් රූප සතුටින් පිළි නො ගනී නම්, එයා සතුටින් පිළි නො ගන්නේ දුකයි. ඉතින් යම් කෙනෙක් දුක සතුටින් පිළි නො ගනී නම්, එයා දුකෙන් නිදහස් වුන කෙනෙක් කියල යි මා කියන්නේ. යම් කෙනෙක් ශබ්ද ….(පෙ)…. යම් කෙනෙක් ගඳ-සුවඳ ….(පෙ)…. යම් කෙනෙක් රස ….(පෙ)…. යම් කෙනෙක් පහස ….(පෙ)…. යම් කෙනෙක් මනසට අරමුණු වන දේ සතුටින් පිළි නො ගනී නම්, එයා සතුටින් පිළි නොගන්නේ දුකයි. ඉතින් යම් කෙනෙක් දුක සතුටින් පිළි නො ගනී නම්, එයා දුකෙන් නිදහස් වුන කෙනෙක් කියල යි මා කියන්නේ.
සාදු! සාදු!! සාදු!!!
දුතිය අභිනන්ද සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_1-2-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M