සංයුත්ත නිකාය

සළායතන වග්ගෝ

1.2.7. අභිනන්ද සුත්තං

1.2.7. සතුටින් පිළිගැනීම ගැන වදාළ දෙසුම

සැවැත් නුවර දී ….

පින්වත් මහණෙනි, යම් කෙනෙක් ඇස සතුටින් පිළිගන්නවා නම්, එයා සතුටින් පිළිගන්නේ දුකයි. ඉතින් යම් කෙනෙක් සතුටින් පිළිගන්නේ දුක නම්, ඔහු දුකෙන් නිදහස් වෙලා නෑ කියලයි මා කියන්නේ. පින්වත් මහණෙනි, යම් කෙනෙක් කන සතුටින් පිළිගන්නවා නම්, එයා සතුටින් පිළිගන්නේ දුකයි. ඉතින් යම් කෙනෙක් සතුටින් පිළිගන්නේ දුක නම්, ඔහු දුකෙන් නිදහස් වෙලා නෑ කියලයි මා කියන්නේ. පින්වත් මහණෙනි, යම් කෙනෙක් නාසය සතුටින් පිළිගන්නවා නම්, එයා සතුටින් පිළිගන්නේ දුකයි. ඉතින් යම් කෙනෙක් සතුටින් පිළිගන්නේ දුක නම්, ඔහු දුකෙන් නිදහස් වෙලා නෑ කියලයි මා කියන්නේ. පින්වත් මහණෙනි, යම් කෙනෙක් දිව සතුටින් පිළිගන්නවා නම්, එයා සතුටින් පිළිගන්නේ දුකයි. ඉතින් යම් කෙනෙක් සතුටින් පිළිගන්නේ දුක නම්, ඔහු දුකෙන් නිදහස් වෙලා නෑ කියලයි මා කියන්නේ. පින්වත් මහණෙනි, යම් කෙනෙක් කය සතුටින් පිළිගන්නවා නම්, එයා සතුටින් පිළිගන්නේ දුකයි. ඉතින් යම් කෙනෙක් සතුටින් පිළිගන්නේ දුක නම්, ඔහු දුකෙන් නිදහස් වෙලා නෑ කියලයි මා කියන්නේ. පින්වත් මහණෙනි, යම් කෙනෙක් මනස සතුටින් පිළිගන්නවා නම්, එයා සතුටින් පිළිගන්නේ දුකයි. ඉතින් යම් කෙනෙක් සතුටින් පිළිගන්නේ දුක නම්, ඔහු දුකෙන් නිදහස් වෙලා නෑ කියලයි මා කියන්නේ.

පින්වත් මහණෙනි, යම් කෙනෙක් ඇස සතුටින් පිළි නො ගනී නම්, එයා සතුටින් පිළි නො ගන්නේ දුකයි. ඉතින් යම් කෙනෙක් දුක සතුටින් පිළි නො ගනී නම්, ඔහු දුකෙන් නිදහස් වුන කෙනෙක් කියල යි මා කියන්නේ. පින්වත් මහණෙනි, යම් කෙනෙක් කන සතුටින් පිළි නො ගනී නම්, එයා සතුටින් පිළි නො ගන්නේ දුකයි. ඉතින් යම් කෙනෙක් දුක සතුටින් පිළි නො ගනී නම්, ඔහු දුකෙන් නිදහස් වුන කෙනෙක් කියල යි මා කියන්නේ. පින්වත් මහණෙනි, යම් කෙනෙක් නාසය සතුටින් පිළි නො ගනී නම්, එයා සතුටින් පිළි නො ගන්නේ දුකයි. ඉතින් යම් කෙනෙක් දුක සතුටින් පිළි නො ගනී නම්, ඔහු දුකෙන් නිදහස් වුන කෙනෙක් කියල යි මා කියන්නේ. පින්වත් මහණෙනි, යම් කෙනෙක් දිව සතුටින් පිළි නො ගනී නම්, එයා සතුටින් පිළි නො ගන්නේ දුකයි. ඉතින් යම් කෙනෙක් දුක සතුටින් පිළි නො ගනී නම්, ඔහු දුකෙන් නිදහස් වුන කෙනෙක් කියල යි මා කියන්නේ. පින්වත් මහණෙනි, යම් කෙනෙක් කය සතුටින් පිළි නො ගනී නම්, එයා සතුටින් පිළි නො ගන්නේ දුකයි. ඉතින් යම් කෙනෙක් දුක සතුටින් පිළි නො ගනී නම්, ඔහු දුකෙන් නිදහස් වුන කෙනෙක් කියල යි මා කියන්නේ. පින්වත් මහණෙනි, යම් කෙනෙක් මනස සතුටින් පිළි නො ගනී නම්, එයා සතුටින් පිළි නො ගන්නේ දුකයි. ඉතින් යම් කෙනෙක් දුක සතුටින් පිළි නො ගනී නම්, ඔහු දුකෙන් නිදහස් වුන කෙනෙක් කියල යි මා කියන්නේ.

සාදු! සාදු!! සාදු!!!

අභිනන්ද සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_1-2-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M