සැවැත් නුවර දී ….
පින්වත් මහණෙනි, ඉදින් ඇසෙහි ආශ්වාදයක් නොතිබුණා නම්, සත්වයන් ඇස කෙරෙහි ඇල්මක් ඇති කරගන්නේ නෑ. පින්වත් මහණෙනි. යම් යම් කරුණු නිසා ඇසෙහි ආශ්වාදයක් තියෙනවා. ඒ නිසයි සත්වයන් ඇස කෙරෙහි ඇලෙන්නේ. පින්වත් මහණෙනි, ඉදින් ඇසෙහි ආදීනවයක් නොතිබුණා නම්, සත්වයන් ඇස කෙරෙහි කලකිරීමක් ඇති කරගන්නේ නෑ. පින්වත් මහණෙනි, යම් යම් කරුණු නිසා ඇසෙහි ආදීනවයක් තියෙනවා. ඒ නිසයි සත්වයන් ඇස ගැන සත්‍ය ස්වභාවය තේරුම් ගෙන කලකිරෙන්නේ. පින්වත් මහණෙනි, ඉදින් ඇසෙන් නිදහස් වීමක් නොතිබුණා නම්, සත්වයන් ඇසෙන් නිදහස් වෙන්නේ නෑ. පින්වත් මහණෙනි, යම් යම් කරුණු නිසා ඇසෙන් නිදහස් වීමක් තියෙනවා ඒ නිසයි සත්වයන් ඇසෙන් නිදහස් වෙන්නේ.
පින්වත් මහණෙනි, ඉදින් කනෙහි ආශ්වාදයක් නොතිබුණා නම් ….(පෙ)…. පින්වත් මහණෙනි, ඉදින් නාසයෙහි ආශ්වාදයක් නොතිබුණා නම් ….(පෙ)…. පින්වත් මහණෙනි, ඉදින් දිවෙහි ආශ්වාදයක් නොතිබුණා නම් සත්වයන් දිව කෙරෙහි ඇල්මක් ඇති කරගන්නේ නෑ. පින්වත් මහණෙනි. යම් යම් කරුණු නිසා දිවෙහි ආශ්වාදයක් තියෙනවා. ඒ නිසයි සත්වයන් දිව කෙරෙහි ඇලෙන්නේ. පින්වත් මහණෙනි, ඉදින් දිවෙහි ආදීනවයක් නොතිබුණා නම්, සත්වයන් දිව කෙරෙහි කලකිරීමක් ඇති කරගන්නේ නෑ. පින්වත් මහණෙනි, යම් යම් කරුණු නිසා දිවෙහි ආදීනවයක් තියෙනවා. ඒ නිසයි සත්වයන් දිව ගැන සත්‍ය ස්වභාවය තේරුම් ගෙන කලකිරෙන්නේ. පින්වත් මහණෙනි, ඉදින් දිවෙන් නිදහස් වීමක් නොතිබුණා නම්, සත්වයන් දිවෙන් නිදහස් වෙන්නේ නෑ. පින්වත් මහණෙනි, යම් යම් කරුණු නිසා දිවෙන් නිදහස් වීමක් තියෙනවා. ඒ නිසයි සත්වයන් දිවෙන් නිදහස් වෙන්නේ.
පින්වත් මහණෙනි, ඉදින් කයෙහි ආශ්වාදයක් නොතිබුණා නම් ….(පෙ)…. පින්වත් මහණෙනි, ඉදින් මනසෙහි ආශ්වාදයක් නොතිබුණා නම් සත්වයන් මනස කෙරෙහි ඇල්මක් ඇති කරගන්නේ නෑ. පින්වත් මහණෙනි, යම් යම් කරුණු නිසා මනසෙහි ආශ්වාදයක් තියෙනවා. ඒ නිසයි සත්වයන් මනස කෙරෙහි ඇලෙන්නේ. පින්වත් මහණෙනි, ඉදින් මනසෙහි ආදීනවයක් නොතිබුණා නම්, සත්වයන් මනස කෙරෙහි කලකිරීමක් ඇති කරගන්නේ නෑ. පින්වත් මහණෙනි, යම් යම් කරුණු නිසා මනසෙහි ආදීනවයක් තියෙනවා. ඒ නිසයි සත්වයන් මනස ගැන සත්‍ය ස්වභාවය තේරුම් ගෙන කලකිරෙන්නේ. පින්වත් මහණෙනි, ඉදින් මනසෙන් නිදහස් වීමක් නොතිබුණා නම්, සත්වයන් මනසෙන් නිදහස් වෙන්නේ නෑ. පින්වත් මහණෙනි, යම් යම් කරුණු නිසා මනසෙන් නිදහස් වීමක් තියෙනවා. ඒ නිසයි සත්වයන් මනසෙන් නිදහස් වෙන්නේ.
පින්වත් මහණෙනි, සත්වයන් යම්තාක් කලක් මේ ආධ්‍යාත්මික ආයතන හය පිළිබඳව ඔය ආකාරයට ආශ්වාදය ආශ්වාදය වශයෙනුත්, ආදීනවය ආදීනවය වශයෙනුත්, නිස්සරණය නිස්සරණය වශයෙනුත් ඒ වූ ස්වභාවයෙන් ම අවබෝධ කළේ නැත් ද, පින්වත් මහණෙනි, ඒ තාක්කල් ම සත්වයෝ, දෙවියන් සහිත වූ මරුන් සහිත වූ බඹුන් සහිත වූ ශ්‍රමණ බමුණන් සහිත වූ මේ දෙව් මිනිස් ප්‍රජාවෙන් යුතු ලෝකයෙහි ජීවත් වුණේ ආධ්‍යාත්මික ආයතන හයෙන් වෙන් වෙලා නොවේ. නොබැඳී නොවේ. නිදහස් වෙලා නොවේ. එයට හසු නොවුන සිතිනුත් නොවේ.
පින්වත් මහණෙනි, සත්වයන් යම් දවසක මේ ආධ්‍යාත්මික ආයතන හය පිළිබඳව ඔය ආකාරයට ආශ්වාදය ආශ්වාදය වශයෙනුත්, ආදීනවය ආදීනවය වශයෙනුත්, නිස්සරණය නිස්සරණය වශයෙනුත් ඒ වූ ස්වභාවයෙන් ම අවබෝධ කරගත්තා ද, පින්වත් මහණෙනි, එතකොට තමයි සත්වයෝ, දෙවියන් සහිත වූ මරුන් සහිත වූ බඹුන් සහිත වූ ශ්‍රමණ බමුණන් සහිත වූ මේ දෙව් මිනිස් ප්‍රජාවෙන් යුතු ලෝකයෙහි ආධ්‍යාත්මික ආයතන හයෙන් වෙන් වෙලා වාසය කරන්නේ. එක් නොවී වාසය කරන්නේ. නිදහස් වෙලා වාසය කරන්නේ. එයට හසු නොවුන සිතින් වාසය කරන්නේ.
සාදු! සාදු!! සාදු!!!
නෝ චේ අස්සාද සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_1-2-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M