සංයුත්ත නිකාය

සළායතන වග්ගෝ

1.2.4. දුතිය අස්සාද පරියේසන සුත්තං

1.2.4. ආශ්වාදය පිළිබඳව පර්යේෂණ කිරීම ගැන වදාළ දෙවෙනි දෙසුම

සැවැත් නුවර දී ….

පින්වත් මහණෙනි, මා රූපවල ඇති ආශ්වාදය පිළිබඳව පර්යේෂණ කරමින් ගියා. එතකොට රූපවල යම් ආශ්වාදයක් ඇද්ද, එය මට අවබෝධ වුණා. රූපවල ආශ්වාදය යම්තාක් ඇද්ද, මා එය මනාව ප්‍රඥාවෙන් දැක ගත්තා. පින්වත් මහණෙනි, මා රූපවල ඇති ආදීනවය පිළිබඳව පර්යේෂණ කරමින් ගියා. එතකොට රූපවල යම් ආදීනවයක් ඇද්ද, එය මට අවබෝධ වුණා. රූපවල ආදීනවය යම්තාක් ඇද්ද, මා එය මනාව ප්‍රඥාවෙන් දැක ගත්තා. පින්වත් මහණෙනි, මා රූපවල ඇති නිස්සරණය පිළිබඳව පර්යේෂණ කරමින් ගියා. එතකොට රූපවල යම් නිස්සරණයක් ඇද්ද, එය මට අවබෝධ වුණා. රූපවල නිස්සරණය යම්තාක් ඇද්ද, මා එය මනාව ප්‍රඥාවෙන් දැක ගත්තා.

පින්වත් මහණෙනි, මා ශබ්දවල ඇති ආශ්වාදය පිළිබඳව පර්යේෂණ කරමින් ගියා ….(පෙ)…. පින්වත් මහණෙනි, මා ගඳ-සුවඳෙහි ඇති ආශ්වාදය පිළිබඳව පර්යේෂණ කරමින් ගියා ….(පෙ)…. පින්වත් මහණෙනි, මා රසයෙහි ඇති ආශ්වාදය පිළිබඳව පර්යේෂණ කරමින් ගියා ….(පෙ)…. පින්වත් මහණෙනි, මා පහසෙහි ඇති ආශ්වාදය පිළිබඳව පර්යේෂණ කරමින් ගියා ….(පෙ)…. පින්වත් මහණෙනි, මා සිතට අරමුණු වන දේ තුළ ඇති ආශ්වාදය පිළිබඳව පර්යේෂණ කරමින් ගියා. එතකොට සිතට අරමුණු වන දේ තුළ යම් ආශ්වාදයක් ඇද්ද, එය මට අවබෝධ වුණා. සිතට අරමුණු වන දේ තුළ ආශ්වාදය යම්තාක් ඇද්ද, මා එය මනාව ප්‍රඥාවෙන් දැක ගත්තා. පින්වත් මහණෙනි, මා සිතට අරමුණු වන දේ තුළ ඇති ආදීනවය පිළිබඳව පර්යේෂණ කරමින් ගියා. එතකොට සිතට අරමුණු වන දේ තුළ යම් ආදීනවයක් ඇද්ද, එය මට අවබෝධ වුණා. සිතට අරමුණු වන දේ තුළ ආදීනවය යම්තාක් ඇද්ද, මා එය මනාව ප්‍රඥාවෙන් දැක ගත්තා. පින්වත් මහණෙනි, මා සිතට අරමුණු වන දේ තුළ ඇති නිස්සරණය පිළිබඳව පර්යේෂණ කරමින් ගියා. එතකොට සිතට අරමුණු වන දේ තුළ යම් නිස්සරණයක් ඇද්ද, එය මට අවබෝධ වුණා. සිතට අරමුණු වන දේ තුළ නිස්සරණය යම්තාක් ඇද්ද, මා එය මනාව ප්‍රඥාවෙන් දැක ගත්තා.

පින්වත් මහණෙනි, මා යම්තාක් කලක් මේ බාහිර ආයතන හය පිළිබඳව ඔය ආකාරයට ආශ්වාදය ආශ්වාදය වශයෙනුත්, ආදීනවය ආදීනවය වශයෙනුත්, නිස්සරණය නිස්සරණය වශයෙනුත් ඒ වූ ස්වභාවයෙන් ම අවබෝධ කළේ නැත් ද, ….(පෙ)…. ඒ වූ ස්වභාවයෙන් ම අවබෝධ කර ගත්තා ද ….(පෙ)…. මා තුළ ඥානදර්ශනය පහළ වුණා. මගේ චිත්තවිමුක්තිය නො වෙනස් වන දෙයක්. මේක මාගේ අවසාන උපතයි. ආයෙත් නම් දැන් පුනර්භවයක් නෑ.

සාදු! සාදු!! සාදු!!!

දුතිය අස්සාද පරියේසන සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_1-2-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M