සැවැත් නුවර දී ….
පින්වත් මහණෙනි, මා ඇසෙහි ඇති ආශ්වාදය පිළිබඳව පර්යේෂණ කරමින් ගියා. එතකොට ඇසෙහි යම් ආශ්වාදයක් ඇද්ද, එය මට අවබෝධ වුණා. ඇසෙහි ආශ්වාදය යම්තාක් ඇද්ද, මා එය මනාව ප්‍රඥාවෙන් දැක ගත්තා. පින්වත් මහණෙනි, මා ඇසෙහි ඇති ආදීනවය පිළිබඳව පර්යේෂණ කරමින් ගියා. එතකොට ඇසෙහි යම් ආදීනවයක් ඇද්ද, එය මට අවබෝධ වුණා. ඇසෙහි ආදීනවය යම්තාක් ඇද්ද, මා එය මනාව ප්‍රඥාවෙන් දැක ගත්තා. පින්වත් මහණෙනි, මා ඇසෙහි ඇති නිස්සරණය පිළිබඳව පර්යේෂණ කරමින් ගියා. එතකොට ඇසෙහි යම් නිස්සරණයක් ඇද්ද, එය මට අවබෝධ වුණා. ඇසෙහි නිස්සරණය යම්තාක් ඇද්ද, මා එය මනාව ප්‍රඥාවෙන් දැක ගත්තා.
පින්වත් මහණෙනි, මා කනෙහි ඇති ආශ්වාදය පිළිබඳව පර්යේෂණ කරමින් ගියා ….(පෙ)…. පින්වත් මහණෙනි, මා නාසයෙහි ඇති ආශ්වාදය පිළිබඳව පර්යේෂණ කරමින් ගියා ….(පෙ)…. පින්වත් මහණෙනි, මා දිවෙහි ඇති ආශ්වාදය පිළිබඳව පර්යේෂණ කරමින් ගියා. එතකොට දිවෙහි යම් ආශ්වාදයක් ඇද්ද, එය මට අවබෝධ වුණා. දිවෙහි ආශ්වාදය යම්තාක් ඇද්ද, මා එය මනාව ප්‍රඥාවෙන් දැක ගත්තා. පින්වත් මහණෙනි, මා දිවෙහි ඇති ආදීනවය පිළිබඳව පර්යේෂණ කරමින් ගියා. එතකොට දිවෙහි යම් ආදීනවයක් ඇද්ද, එය මට අවබෝධ වුණා. දිවෙහි ආදීනවය යම්තාක් ඇද්ද, මා එය මනාව ප්‍රඥාවෙන් දැක ගත්තා. පින්වත් මහණෙනි, මා දිවෙහි ඇති නිස්සරණය පිළිබඳව පර්යේෂණ කරමින් ගියා. එතකොට දිවෙහි යම් නිස්සරණයක් ඇද්ද, එය මට අවබෝධ වුණා. දිවෙහි නිස්සරණය යම්තාක් ඇද්ද, මා එය මනාව ප්‍රඥාවෙන් දැක ගත්තා. පින්වත් මහණෙනි, මා කයෙහි ඇති ආශ්වාදය පිළිබඳව පර්යේෂණ කරමින් ගියා ….(පෙ)…. පින්වත් මහණෙනි, මා මනසෙහි ඇති ආශ්වාදය පිළිබඳව පර්යේෂණ කරමින් ගියා. එතකොට මනසෙහි යම් ආශ්වාදයක් ඇද්ද, එය මට අවබෝධ වුණා. මනසෙහි ආශ්වාදය යම්තාක් ඇද්ද, මා එය මනාව ප්‍රඥාවෙන් දැක ගත්තා. පින්වත් මහණෙනි, මා මනසෙහි ඇති ආදීනවය පිළිබඳව පර්යේෂණ කරමින් ගියා. එතකොට මනසෙහි යම් ආදීනවයක් ඇද්ද, එය මට අවබෝධ වුණා. මනසෙහි ආදීනවය යම්තාක් ඇද්ද, මා එය මනාව ප්‍රඥාවෙන් දැක ගත්තා. පින්වත් මහණෙනි, මා මනසෙහි ඇති නිස්සරණය පිළිබඳව පර්යේෂණ කරමින් ගියා. එතකොට මනසෙහි යම් නිස්සරණයක් ඇද්ද, එය මට අවබෝධ වුණා. මනසෙහි නිස්සරණය යම්තාක් ඇද්ද, මා එය මනාව ප්‍රඥාවෙන් දැක ගත්තා.
පින්වත් මහණෙනි, මා යම්තාක් කලක් මේ ආධ්‍යාත්මික ආයතන හය පිළිබඳව ඔය ආකාරයට ආශ්වාදය ආශ්වාදය වශයෙනුත්, ආදීනවය ආදීනවය වශයෙනුත්, නිස්සරණය නිස්සරණය වශයෙනුත් ඒ වූ ස්වභාවයෙන් ම අවබෝධ කළේ නැත් ද, ….(පෙ)…. ඒ වූ ස්වභාවයෙන් ම අවබෝධ කර ගත්තා ද, ….(පෙ)…. මා තුළ ඥානදර්ශනය පහළ වුණා. මගේ චිත්තවිමුක්තිය නො වෙනස් වන දෙයක්. මේක මාගේ අවසාන උපතයි. ආයෙත් නම් දැන් පුනර්භවයක් නෑ.
සාදු! සාදු!! සාදු!!!
අස්සාද පරියේසන සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_1-2-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M