සංයුත්ත නිකාය

සළායතන වග්ගෝ

1.18.4. ඛීරරුක්ඛෝපම සුත්තං

1.18.4. කිරි ගස උපමා කොට වදාළ දෙසුම

පින්වත් මහණෙනි, යම් කිසි භික්ෂුවක් තුළ වේවා, භික්ෂුණියක් තුළ වේවා, ඇසෙන් දත යුතු රූප ගැන යම් රාගයක් ඇද්ද, එය තියෙනවා නම්, යම් ද්වේෂයක් ඇද්ද, එය තියෙනවා නම්, යම් මෝහයක් ඇද්ද, එය තියෙනවා නම්, යම් රාගයක් ඇද්ද, එය පහ වෙලා නැත්නම්, යම් ද්වේෂයක් ඇද්ද, එය පහ වෙලා නැත්නම්, යම් මෝහයක් ඇද්ද, එය පහ වෙලා නැත්නම්, ඉදින් ඇසින් දැක්ක යුතු යාන්තමකට වූ රූපයක් නමුත් ඔහුගේ ඇස් ඉදිරියට ආවොත් ඔහුගේ සිත ඒකට යට වෙනවා ම යි. බොහෝ රූපවලට යට වීම ගැන කවර කථා ද? ඒකට හේතුව මොකක්ද? පින්වත් මහණෙනි, යම් රාගයක් ඇද්ද, එය තියෙනවා. යම් ද්වේෂයක් ඇද්ද, එය තියෙනවා. යම් මෝහයක් ඇද්ද, එය තියෙනවා. යම් රාගයක් ඇද්ද, එය පහ වෙලා නෑ. යම් ද්වේෂයක් ඇද්ද, එය පහ වෙලා නෑ. යම් මෝහයක් ඇද්ද, එය පහ වෙලා නෑ ….(පෙ)….

පින්වත් මහණෙනි, යම් කිසි භික්ෂුවක් තුළ වේවා, භික්ෂුණියක් තුළ වේවා, මනසින් දත යුතු අරමුණු ගැන යම් රාගයක් ඇද්ද, එය තියෙනවා නම්, යම් ද්වේෂයක් ඇද්ද, එය තියෙනවා නම්, යම් මෝහයක් ඇද්ද, එය තියෙනවා නම්, යම් රාගයක් ඇද්ද, එය පහ වෙලා නැත්නම්, යම් ද්වේෂයක් ඇද්ද, එය පහ වෙලා නැත්නම්, යම් මෝහයක් ඇද්ද, එය පහ වෙලා නැත්නම්, ඉදින් මනසින් දත යුතු යාන්තමකට වූ අරමුණක් නමුත් ඔහුගේ මනස ඉදිරියට ආවොත් ඔහුගේ සිත ඒකට යටවෙනවා ම යි. බොහෝ අරමුණුවලට යට වීම ගැන කවර කථා ද? ඒකට හේතුව මොකක්ද? පින්වත් මහණෙනි, යම් රාගයක් ඇද්ද, එය තියෙනවා. යම් ද්වේෂයක් ඇද්ද, එය තියෙනවා. යම් මෝහයක් ඇද්ද, එය තියෙනවා. යම් රාගයක් ඇද්ද, එය පහ වෙලා නෑ. යම් ද්වේෂයක් ඇද්ද, එය පහ වෙලා නෑ. යම් මෝහයක් ඇද්ද, එය පහ වෙලා නෑ

පින්වත් මහණෙනි, ඒක මේ වගේ දෙයක්. කිරි රුකක් තියෙනවා. ඒක ඇහැටු හෝ, නුග හෝ, පුලිල හෝ, දිඹුල් හෝ වෙන්ට පුළුවනි. ඒක ඉතා ලපටි හෝ වැඩුනු ලස්සන ගසක් හෝ වෙන්නට පුළුවනි. පුරුෂයෙක් තියුණු කෙටේරියකින් මේ ගසේ කවර හෝ තැනකට කෙටුවොත්, කිරි වැක්කෙරෙනවා නේද? එසේය ස්වාමීනී, ඒකට හේතුව මොකක්ද? ස්වාමීනී, ඒ ගසෙහි යම් කිරක් ඇත්නම් ඒ කිරි තියෙන නිසා. අන්න ඒ වගේ ම යි පින්වත් මහණෙනි, යම් කිසි භික්ෂුවක් තුළ වේවා, භික්ෂුණියක් තුළ වේවා, ඇසෙන් දත යුතු රූප ගැන යම් රාගයක් ඇද්ද, එය තියෙනවා නම්, යම් ද්වේෂයක් ඇද්ද, එය තියෙනවා නම්, යම් මෝහයක් ඇද්ද, එය තියෙනවා නම්, යම් රාගයක් ඇද්ද, එය පහ වෙලා නැත්නම්, යම් ද්වේෂයක් ඇද්ද, එය පහ වෙලා නැත්නම්, යම් මෝහයක් ඇද්ද, එය පහ වෙලා නැත්නම්, ඉදින් ඇසින් දැක්ක යුතු යාන්තමකට වූ රූපයක් නමුත් ඔහුගේ ඇස් ඉදිරියට ආවොත් ඔහුගේ සිත ඒකට යට වෙනවා ම යි. බොහෝ රූපවලට යට වීම ගැන කවර කථා ද? ඒකට හේතුව මොකක්ද? පින්වත් මහණෙනි, යම් රාගයක් ඇද්ද, එය තියෙනවා. යම් ද්වේෂයක් ඇද්ද, එය තියෙනවා. යම් මෝහයක් ඇද්ද, එය තියෙනවා. යම් රාගයක් ඇද්ද, එය පහ වෙලා නෑ. යම් ද්වේෂයක් ඇද්ද, එය පහ වෙලා නෑ. යම් මෝහයක් ඇද්ද, එය පහ වෙලා නෑ ….(පෙ)….

පින්වත් මහණෙනි, යම් කිසි භික්ෂුවක් තුළ වේවා, භික්ෂුණියක් තුළ වේවා, දිවෙන් දත යුතු රස ගැන යම් රාගයක් ඇද්ද, එය තියෙනවා නම් ….(පෙ)…. පින්වත් මහණෙනි, යම් කිසි භික්ෂුවක් තුළ වේවා, භික්ෂුණියක් තුළ වේවා, මනසින් දත යුතු අරමුණු ගැන යම් රාගයක් ඇද්ද, එය තියෙනවා නම්, යම් ද්වේෂයක් ඇද්ද, එය තියෙනවා නම්, යම් මෝහයක් ඇද්ද, එය තියෙනවා නම්, යම් රාගයක් ඇද්ද, එය පහ වෙලා නැත්නම්, යම් ද්වේෂයක් ඇද්ද, එය පහ වෙලා නැත්නම්, යම් මෝහයක් ඇද්ද, එය පහ වෙලා නැත්නම්, ඉදින් මනසින් දත යුතු යාන්තමකට වූ අරමුණක් නමුත් ඔහුගේ මනස ඉදිරියට ආවොත් ඔහුගේ සිත ඒකට යටවෙනවා ම යි. බොහෝ අරමුණුවල යට වීම ගැන කවර කථා ද? ඒකට හේතුව මොකක්ද? පින්වත් මහණෙනි, යම් රාගයක් ඇද්ද, එය තියෙනවා. යම් ද්වේෂයක් ඇද්ද, එය තියෙනවා. යම් මෝහයක් ඇද්ද, එය තියෙනවා. යම් රාගයක් ඇද්ද, එය පහ වෙලා නෑ. යම් ද්වේෂයක් ඇද්ද, එය පහ වෙලා නෑ. යම් මෝහයක් ඇද්ද, එය පහ වෙලා නෑ.

පින්වත් මහණෙනි, යම් කිසි භික්ෂුවක් තුළ වේවා, භික්ෂුණියක් තුළ වේවා, ඇසෙන් දත යුතු රූප ගැන යම් රාගයක් ඇද්ද, එය නැතිනම්, යම් ද්වේෂයක් ඇද්ද, එය නැතිනම්, යම් මෝහයක් ඇද්ද, එය නැතිනම්, යම් රාගයක් ඇද්ද, එය පහ වෙලා නම්, යම් ද්වේෂයක් ඇද්ද, එය පහ වෙලා නම්, යම් මෝහයක් ඇද්ද, එය පහ වෙලා නම්, ඉදින් ඇසින් දැක්ක යුතු බොහෝ වූ රූප නමුත් ඔහුගේ ඇස් ඉදිරියට ආවොත් ඔහුගේ සිත ඒකට යට වෙන්නේ නෑ. යාන්තමකට වූ රූපයකට යට නොවීම ගැන කවර කථා ද? ඒකට හේතුව මොකක්ද? පින්වත් මහණෙනි, යම් රාගයක් ඇද්ද, එය නෑ. යම් ද්වේෂයක් ඇද්ද, එය නෑ. යම් මෝහයක් ඇද්ද, එය නෑ. යම් රාගයක් ඇද්ද, එය පහ වෙලා. යම් ද්වේෂයක් ඇද්ද, එය පහ වෙලා. යම් මෝහයක් ඇද්ද, එය පහ වෙලා ….(පෙ)….

පින්වත් මහණෙනි, යම් කිසි භික්ෂුවක් තුළ වේවා, භික්ෂුණියක් තුළ වේවා, දිවෙන් දත යුතු රස ගැන ….(පෙ)…. පින්වත් මහණෙනි, යම් කිසි භික්ෂුවක් තුළ වේවා, භික්ෂුණියක් තුළ වේවා, මනසින් දත යුතු අරමුණු ගැන යම් රාගයක් ඇද්ද, එය නැතිනම්, යම් ද්වේෂයක් ඇද්ද, එය නැතිනම්, යම් මෝහයක් ඇද්ද, එය නැතිනම්, යම් රාගයක් ඇද්ද, එය පහ වෙලා නම්, යම් ද්වේෂයක් ඇද්ද, එය පහ වෙලා නම්, යම් මෝහයක් ඇද්ද, එය පහ වෙලා නම්, ඉදින් මනසින් දත යුතු බොහෝ වූ අරමුණු නමුත් ඔහුගේ මනස ඉදිරියට ආවොත් ඔහුගේ සිත ඒකට යට වෙන්නේ නෑ. යාන්තමකට වූ අරමුණකට යට නොවීම ගැන කවර කථා ද? ඒකට හේතුව මොකක්ද? පින්වත් මහණෙනි, යම් රාගයක් ඇද්ද, එය නෑ. යම් ද්වේෂයක් ඇද්ද, එය නෑ. යම් මෝහයක් ඇද්ද, එය නෑ. යම් රාගයක් ඇද්ද, එය පහ වෙලා. යම් ද්වේෂයක් ඇද්ද, එය පහ වෙලා. යම් මෝහයක් ඇද්ද, එය පහ වෙලා.

පින්වත් මහණෙනි, ඒක මේ වගේ දෙයක්. කිරි රුකක් තියෙනවා. ඒක ඇහැටු හෝ, නුග හෝ, පුලිල හෝ, දිඹුල් හෝ වෙන්ට පුළුවනි. ඒක වේලිලා නම්, කොළ හැලිලා බොහෝ වර්ෂ ගණනක් පරණ වෙලා නම්, පුරුෂයෙක් තියුණු කෙටේරියකින් මේ ගසේ කවර තැනකට කෙටුවත්, කිරි වැක්කෙරෙනවාද? ස්වාමීනී, එය නොවේ ම ය. ඒකට හේතුව මොකක්ද? ස්වාමීනී, ඒ ගසෙහි යම් කිරක් තිබුණා නම් දැන් ඒ කිරි නැති නිසා. අන්න ඒ වගේ ම යි පින්වත් මහණෙනි, යම් කිසි භික්ෂුවක් තුළ වේවා, භික්ෂුණියක් තුළ වේවා, ඇසෙන් දත යුතු රූප ගැන යම් රාගයක් ඇද්ද, එය නැතිනම්, යම් ද්වේෂයක් ඇද්ද, එය නැතිනම්, යම් මෝහයක් ඇද්ද, එය නැතිනම්, යම් රාගයක් ඇද්ද, එය පහ වෙලා නම්, යම් ද්වේෂයක් ඇද්ද, එය පහ වෙලා නම්, යම් මෝහයක් ඇද්ද, එය පහ වෙලා නම්, ඉදින් ඇසින් දැක්ක යුතු බොහෝ වූ රූප නමුත් ඔහුගේ ඇස් ඉදිරියට ආවොත් ඔහුගේ සිත ඒකට යට වෙන්නේ නෑ. යාන්තමකට වූ රූපයකට යට නොවීම ගැන කවර කථා ද? ඒකට හේතුව මොකක්ද? පින්වත් මහණෙනි, යම් රාගයක් ඇද්ද, එය නෑ. යම් ද්වේෂයක් ඇද්ද, එය නෑ. යම් මෝහයක් ඇද්ද, එය නෑ. යම් රාගයක් ඇද්ද, එය පහ වෙලා. යම් ද්වේෂයක් ඇද්ද, එය පහ වෙලා. යම් මෝහයක් ඇද්ද, එය පහ වෙලා ….(පෙ)….

පින්වත් මහණෙනි, යම් කිසි භික්ෂුවක් තුළ වේවා, භික්ෂුණියක් තුළ වේවා, දිවෙන් දත යුතු රස ගැන ….(පෙ)…. පින්වත් මහණෙනි, යම් කිසි භික්ෂුවක් තුළ වේවා, භික්ෂුණියක් තුළ වේවා, මනසින් දත යුතු අරමුණු ගැන යම් රාගයක් ඇද්ද, එය නැතිනම්, යම් ද්වේෂයක් ඇද්ද, එය නැතිනම්, යම් මෝහයක් ඇද්ද, එය නැතිනම්, යම් රාගයක් ඇද්ද, එය පහ වෙලා නම්, යම් ද්වේෂයක් ඇද්ද, එය පහ වෙලා නම්, යම් මෝහයක් ඇද්ද, එය පහ වෙලා නම්, ඉදින් මනසින් දත යුතු බොහෝ වූ අරමුණු නමුත් ඔහුගේ මනස ඉදිරියට ආවොත් ඔහුගේ සිත ඒකට යට වෙන්නේ නෑ. යාන්තමකට වූ අරමුණකට යට නොවීම ගැන කවර කථා ද? ඒකට හේතුව මොකක්ද? පින්වත් මහණෙනි, යම් රාගයක් ඇද්ද, එය නෑ. යම් ද්වේෂයක් ඇද්ද, එය නෑ. යම් මෝහයක් ඇද්ද, එය නෑ. යම් රාගයක් ඇද්ද, එය පහ වෙලා. යම් ද්වේෂයක් ඇද්ද, එය පහ වෙලා. යම් මෝහයක් ඇද්ද, එය පහ වෙලා.

සාදු! සාදු!! සාදු!!!

ඛීරරුක්ඛෝපම සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_1-18-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M