පින්වත් මහණෙනි, අත් තියෙන කොට තමයි අරගැනීම, බිම තැබීම පෙනෙන්නේ. පා තියෙන කොට තමයි ඉදිරියට යෑම, ආපසු ඒම පෙනෙන්නේ. පුරුක් සන්ධි තියෙන කොට තමයි හකුළන එක, දිග හරින එක පෙනෙන්නේ. කුසක් තියෙනකොට තමයි බඩගිනි පිපාස පෙනෙන්නේ. පින්වත් මහණෙනි, ඔය විදිහමයි. ඇස තියෙනකොට තමයි ඇසේ ස්පර්ශයෙන් තමා තුළ සැප දුක උපදින්නේ. කන තියෙනකොට තමයි ….(පෙ)…. නාසය තියෙනකොට තමයි ….(පෙ)…. දිව තියෙන කොට තමයි ….(පෙ)…. කය තියෙනකොට තමයි ….(පෙ)…. මනස තියෙනකොට තමයි මනසේ ස්පර්ශයෙන් තමා තුළ සැප දුක උපදින්නේ.
පින්වත් මහණෙනි, අත් නැති විට අරගැනීම, බිම තැබීම පෙනෙන්නට නෑ. පා නැති විට ඉදිරියට යෑමක්, ආපසු ඒමක් පෙනෙන්නට නෑ. පුරුක් සන්ධි නැති විට හකුලන එක දිග හරින එක පෙනෙන්නට නෑ. කුසක් නැති විට බඩගිනි පිපාස පෙනෙන්නට නෑ. පින්වත් මහණෙනි, ඔය විදියමයි. ඇස නැති විට ඇසේ ස්පර්ශයෙන් තමා තුළ සැප දුක උපදින්නේ නෑ. කන නැති විට ….(පෙ)…. නාසය නැති විට ….(පෙ)…. දිව නැති විට ….(පෙ)…. කය නැති විට ….(පෙ)…. මනස නැති විට මනසේ ස්පර්ශයෙන් තමා තුළ සැප දුක උපදින්නේ නෑ.
සාදු! සාදු!! සාදු!!!
දුතිය හත්ථපාදූපම සූත්‍රය නිමා විය.
දහඅටවෙනි සමුද්ද වර්ගය යි.
එහි පිළිවෙළ උද්දානය යි.
සමුද්ද සූත්‍ර දෙක, බාළිසිකෝපම සූත්‍රය, ඛීරරුක්ඛෝපම සූත්‍රය, කොට්ඨිත සූත්‍රය, කාමභූ සූත්‍රය, උදායි සූත්‍රය, ආදිත්තපරියාය සූත්‍රය අටවැන්නයි. හත්ථපාදූපම සූත්‍ර දෙකෙන් ද යුතුව මේ වර්ගය කියනු ලැබේ.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_1-18-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M