පින්වත් මහණෙනි, අත් තියෙන කෙනාගේ තමයි අරගැනීම, බිම තැබීම පෙනෙන්නේ. පා තියෙන කෙනාගේ තමයි ඉදිරියට යෑම, ආපසු ඒම පෙනෙන්නේ. පුරුක් සන්ධි තියෙන කෙනාගේ තමයි හකුළන එක, දිග හරින එක පෙනෙන්නේ. කුසක් තියෙන කෙනාගේ තමයි බඩගිනි පිපාස පෙනෙන්නේ. පින්වත් මහණෙනි, ඔය විදිහමයි. ඇස තියෙන කෙනාගේ තමයි ඇසේ ස්පර්ශයෙන් තමා තුළ සැප දුක උපදින්නේ. කන තියෙන කෙනාගේ තමයි කනේ ස්පර්ශයෙන් තමා තුළ සැප දුක උපදින්නේ. නාසය තියෙන කෙනාගේ තමයි නාසයේ ස්පර්ශයෙන් තමා තුළ සැප දුක උපදින්නේ. දිව තියෙන කෙනාගේ තමයි දිවේ ස්පර්ශයෙන් තමා තුළ සැප දුක උපදින්නේ. කය තියෙන කෙනාගේ තමයි කයේ ස්පර්ශයෙන් තමා තුළ සැප දුක උපදින්නේ. මනස තියෙන කෙනාගේ තමයි මනසේ ස්පර්ශයෙන් තමා තුළ සැප දුක උපදින්නේ.
පින්වත් මහණෙනි, අත් නැති විට අරගැනීම, බිම තැබීම පෙනෙන්නට නෑ. පා නැති විට ඉදිරියට යෑම, ආපසු ඒම පෙනෙන්නට නෑ. පුරුක් සන්ධි නැති විට හකුළන එක, දිග හරින එක පෙනෙන්ට නෑ. කුසක් නැති විට බඩගිනි පිපාස පෙනෙන්ට නෑ. පින්වත් මහණෙනි, ඔය විදිහමයි. ඇසක් නැති විට ඇසේ ස්පර්ශයෙන් තමා තුළ සැප දුක උපදින්නේ නෑ. කනක් නැති විට කනේ ස්පර්ශයෙන් තමා තුළ සැප දුක උපදින්නේ නෑ. නාසයක් නැති විට නාසයේ ස්පර්ශයෙන් තමා තුළ සැප දුක උපදින්නේ නෑ. දිවක් නැති විට දිවේ ස්පර්ශයෙන් තමා තුළ සැප දුක උපදින්නේ නෑ. කයක් නැති විට කයේ ස්පර්ශයෙන් තමා තුළ සැප දුක උපදින්නේ නෑ. මනසක් නැති විට මනසේ ස්පර්ශයෙන් තමා තුළ සැප දුක උපදින්නේ නෑ.
සාදු! සාදු!! සාදු!!!
හත්ථපාදූපම සූත්රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_1-18-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M