පින්වත් මහණෙනි, අශ්‍රැතවත් පෘතග්ජනයා ‘මහා සයුර, මහා සයුර’ කියලා කියනවා. නමුත් පින්වත් මහණෙනි, ආර්ය විනයෙහි මහා සයුර කියලා කියන්නේ ඒකට නොවෙයි. ඒක පින්වත් මහණෙනි, මහා වතුර ගොඩක් විතරයි. මහා ජල කඳක් විතරයි, පින්වත් මහණෙනි, ඇස යනු මනුෂ්‍යයාගේ මහා සයුරයි. එහි තියෙන්නේ (ඇසට පෙනෙන) රූපවලින් හැදුනු රළ වේගයක්. ඉතින් යමෙක් ඒ රූපමය රළ වේගයට නොඇලුණු, නොගැටුණු, මුළා නොවුණු සිතින් මුහුණ දෙනවා නම්, පින්වත් මහණෙනි, දියසුළි සහිත, ආවාට සහිත, චණ්ඩ මසුන් සහිත, රකුසන් සහිත, මහා සයුර තරණය කරලා පරතෙරට ගිහින් ගොඩබිම ඉන්න බ්‍රාහ්මණයා කියලයි මොහුට කියන්නේ.
කන යනු ….(පෙ)…. නාසය යනු ….(පෙ)…. පින්වත් මහණෙනි, දිව යනු මනුෂ්‍යයාගේ මහා සයුරයි. එහි තියෙන්නේ (දිවට දැනෙන) රසවලින් හැදුනු රළ වේගයක්. ඉතින් යමෙක් ඒ රසමය රළ වේගයට නොඇලුණු, නොගැටුණු, මුළා නොවුණු සිතින් මුහුණ දෙනවා නම්, පින්වත් මහණෙනි, දියසුළි සහිත, ආවාට සහිත, චණ්ඩ මසුන් සහිත, රකුසන් සහිත, මහා සයුර තරණය කරලා පරතෙරට ගිහින් ගොඩබිම ඉන්න බ්‍රාහ්මණයා කියලයි මොහුට කියන්නේ. කය යනු ….(පෙ)…. පින්වත් මහණෙනි, මනස යනු මනුෂ්‍යයාගේ මහා සයුරයි. එහි තියෙන්නේ (මනසට සිතෙන) අරමුණුවලින් හැදුනු රළ වේගයක්. ඉතින් යමෙක් ඒ අරමුණුමය රළ වේගයට නොඇලුණු, නොගැටුණු, මුළා නොවුණු සිතින් මුහුණ දෙනවා නම්, පින්වත් මහණෙනි, දියසුළි සහිත, ආවාට සහිත, චණ්ඩ මසුන් සහිත, රකුසන් සහිත, මහා සයුර තරණය කරලා පරතෙරට ගිහින් ගොඩබිම ඉන්න බ්‍රාහ්මණයා කියලයි මොහුට කියන්නේ.
(ගාථාවකි)
යම් කෙනෙක් චණ්ඩ මත්ස්‍යයින් සහිත, රකුසන් සහිත, දියසුළි සහිත එතෙර වෙන්නට දුෂ්කර වූ මේ ආයතන හය නමැති මහා සයුර තරණය කරනවා නම්, ඒ තැනැත්තාට යි ඉහළ ම අවබෝධය ලබපු, බඹසර වාසය සම්පූර්ණ කරපු, ලෝකයෙහි කෙලවරට ගිය, ලෝකයෙන් එතෙර වුණ කෙනා කියලා කියන්නේ.
සාදු! සාදු!! සාදු!!!
සමුද්ද සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_1-18-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M