සංයුත්ත නිකාය

සළායතන වග්ගෝ

1.17.60. බාහිරායතන අනත්ත සුත්තං

1.17.60. බාහිර ආයතනවල අනාත්ම බව ගැන වදාළ දෙසුම

පින්වත් මහණෙනි, රූප අනාත්මයි. ශබ්ද ….(පෙ)…. ගන්ධ ….(පෙ)…. රස ….(පෙ)…. පහස ….(පෙ)…. මනසට අරමුණු වන දේ අනාත්මයි. පින්වත් මහණෙනි, ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා ඔය අයුරින් දකින විට රූප ගැනත් සත්‍ය ස්වභාවය අවබෝධ වීම තුළින් ම කලකිරෙනවා ….(පෙ)…. නිවන පිණිස කළ යුතු වෙන දෙයක් නැත්තේම’ යැයි අවබෝධයෙන් ම දැනගන්නවා.

සාදු! සාදු!! සාදු!!!

සට්ඨි පෙය්‍යාලය සමාප්තයි.

එහි පිළිවෙළ උද්දානය යි.

ඡන්ද නමින් සූත්‍ර දහ අටකි, අතීත නමින් ද නවය බැගින් සූත්‍ර දෙකකි, යදනිච්ච නමින් සූත්‍ර දහ අටකි, අජ්ඣත්ත බාහිර තුන බැගින් දෙකකි. මෙසේ පෙය්‍යාල වශයෙන් සැටක් වන පරිදි තිබෙන්නේ ආදිච්චබන්ධු වූ බුදුරජාණන් වහන්සේ වදාළ සූත්‍ර දේශනාවන්ය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_1-17-60/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M