☰
පින්වත් මහණෙනි, දුක් වූ යමක් ඇත්ද, ඒ කෙරෙහි ඔබගේ ඇති ඡන්දයත්, රාගයත්, ඡන්දරාගයත් තමයි ප්‍රහාණය කළ යුත්තේ. පින්වත් මහණෙනි, දුක් දේ යනු කුමක්ද? පින්වත් මහණෙනි, ඇස දුකයි. ඒ කෙරෙහි ඔබගේ ඇති ඡන්දයත්, රාගයත්, ඡන්දරාගයත් තමයි ප්‍රහාණය කළ යුත්තේ. කන දුකයි ….(පෙ)…. නාසය දුකයි ….(පෙ)…. දිව දුකයි ….(පෙ)…. කය දුකයි ….(පෙ)…. මනස දුකයි. ඒ කෙරෙහි ඔබගේ ඇති ඡන්දයත්, රාගයත්, ඡන්දරාගයත් තමයි ප්‍රහාණය කළ යුත්තේ. පින්වත් මහණෙනි, දුක් වූ යමක් ඇත්ද, ඒ කෙරෙහි ඔබගේ ඇති ඡන්දයත්, රාගයත්, ඡන්දරාගයත් තමයි ප්‍රහාණය කළ යුත්තේ.
සාදු! සාදු!! සාදු!!!
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_1-17-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M