සංයුත්ත නිකාය

සළායතන වග්ගෝ

1.17.7 – 9. අනත්තඡන්ද, අනත්තරාග, අනත්තඡන්දරාග සූත්‍ර

1.17.7 – 9. අනාත්ම දේ කෙරෙහි ඇති ඡන්දයත්, රාගයත්, ඡන්දරාගයත් දුරු කිරීම ගැන වදාළ දෙසුම්

පින්වත් මහණෙනි, අනාත්ම වූ යමක් ඇත්ද, ඒ කෙරෙහි ඔබගේ ඇති ඡන්දයත්, රාගයත්, ඡන්දරාගයත් තමයි ප්‍රහාණය කළ යුත්තේ. පින්වත් මහණෙනි, අනාත්ම දේ යනු කුමක්ද? පින්වත් මහණෙනි, ඇස අනාත්මයි. ඒ කෙරෙහි ඔබගේ ඇති ඡන්දයත්, රාගයත්, ඡන්දරාගයත් තමයි ප්‍රහාණය කළ යුත්තේ. කන ….(පෙ)…. නාසය ….(පෙ)…. දිව ….(පෙ)…. කය ….(පෙ)…. මනස අනාත්මයි. ඒ කෙරෙහි ඔබගේ ඇති ඡන්දයත්, රාගයත්, ඡන්දරාගයත් තමයි ප්‍රහාණය කළ යුත්තේ. පින්වත් මහණෙනි, අනාත්ම වූ යමක් ඇත්ද, ඒ කෙරෙහි ඔබගේ ඇති ඡන්දයත්, රාගයත්, ඡන්දරාගයත් තමයි ප්‍රහාණය කළ යුත්තේ.

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_1-17-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M