සංයුත්ත නිකාය

සළායතන වග්ගෝ

1.17.3. අනිච්චඡන්දරාග සුත්තං

1.17.3. අනිත්‍ය දේ කෙරෙහි ඇති ඡන්දරාගය දුරු කිරීම ගැන වදාළ දෙසුම

පින්වත් මහණෙනි, අනිත්‍ය වූ යමක් ඇත්ද, ඒ කෙරෙහි ඔබගේ ඇති ඡන්දරාගයයි ප්‍රහාණය කළ යුත්තේ. පින්වත් මහණෙනි, අනිත්‍ය දේ යනු කුමක්ද? පින්වත් මහණෙනි, ඇස අනිත්‍යයි. ඒ කෙරෙහි ඔබගේ ඇති ඡන්දරාගයයි ප්‍රහාණය කළ යුත්තේ. කන අනිත්‍යයි ….(පෙ)…. නාසය අනිත්‍යයි ….(පෙ)…. දිව අනිත්‍යයි ….(පෙ)…. කය අනිත්‍යයි ….(පෙ)…. මනස අනිත්‍යයි. ඒ කෙරෙහි ඔබගේ ඇති ඡන්දරාගයයි ප්‍රහාණය කළ යුත්තේ. පින්වත් මහණෙනි, අනිත්‍ය වූ යමක් ඇත්ද, ඒ කෙරෙහි ඔබගේ ඇති ඡන්දරාගයයි ප්‍රහාණය කළ යුත්තේ.

සාදු! සාදු!! සාදු!!!

අනිච්චඡන්දරාග සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_1-17-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M