☰
පින්වත් මහණෙනි, භික්ෂුව අනිත්‍ය වශයෙන් දකින්නේ අනිත්‍ය වූ රූප ම යි. ඔහුගේ සම්මා දිට්ඨිය වන්නේ එය ම යි. නියම දැක්ම ඇති විට සත්‍ය ස්වභාවය අවබෝධ වීම තුළින් කලකිරෙනවා. තණ්හාව ක්ෂය වීමෙන් රාගය ක්ෂය වෙනවා. රාගය ක්ෂය වීමෙන් තණ්හාව ක්ෂය වෙනවා. නන්දිරාගය ක්ෂය වීමෙනුයි සිත මැනවින් ම නිදහස් වුණා කියලා කියන්නේ. පින්වත් මහණෙනි, භික්ෂුව අනිත්‍ය වූ ශබ්ද. ….(පෙ)…. ගන්ධ ….(පෙ)…. රස ….(පෙ)…. පහස ….(පෙ)…. අනිත්‍ය වශයෙන් දකින්නේ මනසට අරමුණු වන අනිත්‍ය වූ දෙයක් ම යි. ඔහුගේ සම්මා දිට්ඨිය වන්නේ එය ම යි. නියම දැක්ම ඇති විට සත්‍ය ස්වභාවය අවබෝධ වීම තුළින් කලකිරෙනවා. තණ්හාව ක්ෂය වීමෙන් රාගය ක්ෂය වෙනවා. රාගය ක්ෂය වීමෙන් තණ්හාව ක්ෂය වෙනවා. නන්දිරාගය ක්ෂය වීමෙනුයි සිත මැනවින් ම නිදහස් වුණා කියලා කියන්නේ.
සාදු! සාදු!! සාදු!!!
බහිද්ධානන්දික්ඛයඅනිච්ච සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_1-16-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M