සංයුත්ත නිකාය

සළායතන වග්ගෝ

1.16.1. අජ්ඣත්තනන්දික්ඛයඅනිච්ච සුත්තං

1.16.1. තමා තුළ ඇති තණ්හාව ක්ෂය වීම පිණිස අනිත්‍ය දැකීම ගැන වදාළ දෙසුම

සැවැත් නුවර දී ……

පින්වත් මහණෙනි, භික්ෂුව අනිත්‍ය වශයෙන් දකින්නේ අනිත්‍ය වූ ඇසක් ම යි. ඔහුගේ සම්මා දිට්ඨිය වන්නේ එය ම යි. නියම දැක්ම ඇති විට සත්‍ය ස්වභාවය අවබෝධ වීම තුළින් කලකිරෙනවා. තණ්හාව ක්ෂය වීමෙන් රාගය ක්ෂය වෙනවා. රාගය ක්ෂය වීමෙන් තණ්හාව ක්ෂය වෙනවා. නන්දිරාගය ක්ෂය වීමෙනුයි සිත මැනවින් ම නිදහස් වුණා කියලා කියන්නේ. පින්වත් මහණෙනි, භික්ෂුව අනිත්‍ය වශයෙන් දකින්නේ අනිත්‍ය වූ කනක් ම යි. ….(පෙ)…. අනිත්‍ය වූ නාසයක් ම යි ….(පෙ)…. අනිත්‍ය වූ දිවක් ම යි ….(පෙ)…. අනිත්‍ය වූ කයක් ම යි ….(පෙ)…. පින්වත් මහණෙනි, භික්ෂුව අනිත්‍ය වශයෙන් දකින්නේ අනිත්‍ය වූ මනසක් ම යි. ඔහුගේ සම්මා දිට්ඨිය වන්නේ එය ම යි. නියම දැක්ම ඇති විට සත්‍ය ස්වභාවය අවබෝධ වීම තුළින් කලකිරෙනවා. තණ්හාව ක්ෂය වීමෙන් රාගය ක්ෂය වෙනවා. රාගය ක්ෂය වීමෙන් තණ්හාව ක්ෂය වෙනවා. නන්දිරාගය ක්ෂය වීමෙනුයි සිත මැනවින් ම නිදහස් වුණා කියලා කියන්නේ.

සාදු! සාදු!! සාදු!!!

අජ්ඣත්තනන්දික්ඛයඅනිච්ච සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_1-16-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M