පින්වත් මහණෙනි, ඇස ගැන නුවණින් මෙනෙහි කරන්න. ඇසේ අනිත්‍යතාවය ඒ ආකාරයෙන් ම නුවණින් දකින්න. පින්වත් මහණෙනි, භික්ෂුව, ඇස ගැන නුවණින් මෙනෙහි කරන විට, ඇසේ අනිත්‍යතාවය ඒ ආකාරයෙන් ම නුවණින් දකින විට ඇස කෙරෙහි කලකිරෙනවා. තණ්හාව ක්ෂය වීමෙන් රාගය ක්ෂය වෙනවා. රාගය ක්ෂය වීමෙන් තණ්හාව ක්ෂය වෙනවා. නන්දිරාගය ක්ෂය වීමෙනුයි සිත මැනවින් ම නිදහස් වුණා කියලා කියන්නේ.
පින්වත් මහණෙනි, කන ගැන නුවණින් මෙනෙහි කරන්න ….(පෙ)…. පින්වත් මහණෙනි, නාසය ගැන නුවණින් මෙනෙහි කරන්න ….(පෙ)…. පින්වත් මහණෙනි, දිව ගැන නුවණින් මෙනෙහි කරන්න. දිවේ අනිත්‍යතාවය ඒ ආකාරයෙන්ම නුවණින් දකින්න. පින්වත් මහණෙනි, දිව ගැන නුවණින් මෙනෙහි කරන විට, දිවේ අනිත්‍යතාවය ඒ ආකාරයෙන්ම නුවණින් දකින විට දිව කෙරෙහි කලකිරෙනවා ….(පෙ)…. සිත මැනවින් ම නිදහස් වුණා කියලා කියන්නේ.
පින්වත් මහණෙනි, කය ගැන නුවණින් මෙනෙහි කරන්න ….(පෙ)…. පින්වත් මහණෙනි, මනස ගැන නුවණින් මෙනෙහි කරන්න. මනසේ අනිත්‍යතාවය ඒ ආකාරයෙන් ම නුවණින් දකින්න. පින්වත් මහණෙනි, මනස ගැන නුවණින් මෙනෙහි කරන විට, මනසේ අනිත්‍යතාවය ඒ ආකාරයෙන්ම නුවණින් දකින විට මනස කෙරෙහි කලකිරෙනවා. තණ්හාව ක්ෂය වීමෙන් රාගය ක්ෂය වෙනවා. රාගය ක්ෂය වීමෙන් තණ්හාව ක්ෂය වෙනවා. නන්දිරාගය ක්ෂය වීමෙනුයි සිත මැනවින් ම නිදහස් වුණා කියලා කියන්නේ.
සාදු! සාදු!! සාදු!!!
අජ්ඣත්තනන්දික්ඛයයෝනිසෝ සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_1-16-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M