සැවැත් නුවර දී ……
එකත්පස්ව වාඩිවුණ ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ සැල කළා. “ස්වාමීනී, කොයි විදිහට දන්නා විට ද, කොයි විදිහට දකිනා විට ද සක්කාය දෘෂ්ටිය ප්‍රහාණය වෙන්නේ?”
පින්වත් භික්ෂුව, ඇස දුක් වශයෙන් දන්නා විට, දකිනා විට සක්කාය දෘෂ්ටිය ප්‍රහාණය වෙනවා. රූප දුක් වශයෙන් දන්නා විට, දකිනා විට සක්කාය දෘෂ්ටිය ප්‍රහාණය වෙනවා. ඇසේ විඤ්ඤාණය දුක් වශයෙන් දන්නා විට, දකිනා විට සක්කාය දෘෂ්ටිය ප්‍රහාණය වෙනවා. ඇසේ ස්පර්ශය දුක් වශයෙන් දන්නා විට, දකිනා විට සක්කාය දෘෂ්ටිය ප්‍රහාණය වෙනවා. ඇසේ ස්පර්ශයෙන් උපදින්නා වූ සැප වේවා, දුක් වේවා, දුක් සැප රහිත වේවා යම් කිසි විඳීමක් ඇත්ද, එයත් දුක් වශයෙන් දන්නා විට, දකිනා විට සක්කාය දෘෂ්ටිය ප්‍රහාණය වෙනවා.
කන ….(පෙ)…. නාසය ….(පෙ)…. දිව ….(පෙ)…. කය ….(පෙ)…. මනස දුක් වශයෙන් දන්නා විට, දකිනා විට සක්කාය දෘෂ්ටිය ප්‍රහාණය වෙනවා. මනසට අරමුණු වන දේ දුක් වශයෙන් දන්නා විට, දකිනා විට සක්කාය දෘෂ්ටිය ප්‍රහාණය වෙනවා. මනසේ විඤ්ඤාණය දුක් වශයෙන් දන්නා විට, දකිනා විට සක්කාය දෘෂ්ටිය ප්‍රහාණය වෙනවා. මනසේ ස්පර්ශය දුක් වශයෙන් දන්නා විට, දකිනා විට සක්කාය දෘෂ්ටිය ප්‍රහාණය වෙනවා. මනසේ ස්පර්ශයෙන් උපදින්නා වූ සැප වේවා, දුක් වේවා, දුක් සැප රහිත වේවා යම් කිසි විඳීමක් ඇත්ද, එයත් දුක් වශයෙන් දන්නා විට, දකිනා විට සක්කාය දෘෂ්ටිය ප්‍රහාණය වෙනවා. පින්වත් භික්ෂුව, ඔය විදිහට දන්නා විට තමයි, ඔය විදිහට දක්නා විට තමයි සක්කාය දෘෂ්ටිය ප්‍රහාණය වෙන්නේ.
සාදු! සාදු!! සාදු!!!
සක්කායදිට්ඨිප්පහාන සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_1-16-11/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M