සැවැත් නුවර දී ……
එකත්පස්ව වාඩිවුණ ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ සැල කළා. “ස්වාමීනී, කොයි විදිහට දන්නා විට ද, කොයි විදිහට දක්නා විට ද ආත්ම දෘෂ්ටිය ප්‍රහාණය වෙන්නේ?”
පින්වත් භික්ෂුව, ඇස අනාත්ම වශයෙන් දන්නා විට, දකිනා විට ආත්ම දෘෂ්ටිය ප්‍රහාණය වෙනවා. රූප අනාත්ම වශයෙන් දන්නා විට, දකිනා විට ආත්ම දෘෂ්ටිය ප්‍රහාණය වෙනවා. ඇසේ විඤ්ඤාණය අනාත්ම වශයෙන් දන්නා විට, දකිනා විට ආත්ම දෘෂ්ටිය ප්‍රහාණය වෙනවා. ඇසේ ස්පර්ශය අනාත්ම වශයෙන් දන්නා විට, දකිනා විට ආත්ම දෘෂ්ටිය ප්‍රහාණය වෙනවා. ඇසේ ස්පර්ශයෙන් උපදින්නා වූ සැප වේවා, දුක් වේවා, දුක් සැප රහිත වේවා යම් කිසි විඳීමක් ඇත්ද, එයත් අනාත්ම වශයෙන් දන්නා විට, දකිනා විට ආත්ම දෘෂ්ටිය ප්‍රහාණය වෙනවා.
කන ….(පෙ)…. නාසය ….(පෙ)…. දිව ….(පෙ)…. කය ….(පෙ)…. මනස අනාත්ම වශයෙන් දන්නා විට, දකිනා විට ආත්ම දෘෂ්ටිය ප්‍රහාණය වෙනවා. මනසට අරමුණු වන දේ අනාත්ම වශයෙන් ….(පෙ)…. මනසේ විඤ්ඤාණය අනාත්ම වශයෙන් ….(පෙ)…. මනසේ ස්පර්ශය අනාත්ම වශයෙන් ….(පෙ)…. මනසේ ස්පර්ශයෙන් උපදින්නා වූ සැප වේවා, දුක් වේවා, දුක් සැප රහිත වේවා යම් කිසි විඳීමක් ඇත්ද, එයත් අනාත්ම වශයෙන් දන්නා විට, දකිනා විට ආත්ම දෘෂ්ටිය ප්‍රහාණය වෙනවා. පින්වත් භික්ෂුව, ඔය විදිහට දන්නා විට තමයි, ඔය විදිහට දක්නා විට තමයි ආත්ම දෘෂ්ටිය ප්‍රහාණය වෙන්නේ.
සාදු! සාදු!! සාදු!!!
අත්තානුදිට්ඨිප්පහාන සූත්‍රය නිමා විය.
දහසයවෙනි නන්දික්ඛය වර්ගය යි.
එහි පිළිවෙළ උද්දානය යි.
නන්දික්ඛය සූත්‍ර හතරක්, ජීවක අම්බවනයේදී වදාළ සූත්‍ර දෙකක්, කොට්ඨිත නමින් සූත්‍ර තුනක්, මිච්ඡාදිට්ඨිප්පහාන සූත්‍රය, සක්කායදිට්ඨිප්පහාන සූත්‍රය, අත්තානුදිට්ඨිප්පහාන සූත්‍රය වශයෙන් සූත්‍ර දොළොසකින් මෙම වර්ගය සමන්විත වේ.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_1-16-12/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M