එදා එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි තැනට පැමිණුනා. පැමිණිලා ….(පෙ)…. එකත්පස්ව වාඩිවුණා. එකත්පස්ව වාඩිවුණ ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ සැල කළා. “ස්වාමීනී, කොයි විදිහට දන්නා විට ද, කොයි විදිහට දකිනා විට ද මිත්‍යා දෘෂ්ටිය ප්‍රහාණය වෙන්නේ?”
පින්වත් භික්ෂුව, ඇස අනිත්‍ය වශයෙන් දන්නා විට, දකිනා විට මිත්‍යා දෘෂ්ටිය ප්‍රහාණය වෙනවා. රූප අනිත්‍ය වශයෙන් දන්නා විට, දකිනා විට මිත්‍යා දෘෂ්ටිය ප්‍රහාණය වෙනවා. ඇසේ විඤ්ඤාණය අනිත්‍ය වශයෙන් දන්නා විට, දකිනා විට මිත්‍යා දෘෂ්ටිය ප්‍රහාණය වෙනවා. ඇසේ ස්පර්ශය අනිත්‍ය වශයෙන් දන්නා විට, දකිනා විට මිත්‍යා දෘෂ්ටිය ප්‍රහාණය වෙනවා. ඇසේ ස්පර්ශයෙන් උපදින්නා වූ සැප වේවා, දුක් වේවා, දුක් සැප රහිත වේවා යම් කිසි විඳීමක් ඇත්ද, එයත් අනිත්‍ය වශයෙන් දන්නා විට, දකිනා විට මිත්‍යා දෘෂ්ටිය ප්‍රහාණය වෙනවා.
කන අනිත්‍ය වශයෙන් ….(පෙ)…. නාසය ….(පෙ)…. දිව ….(පෙ)…. කය ….(පෙ)…. මනස අනිත්‍ය වශයෙන් දන්නා විට, දකිනා විට මිත්‍යා දෘෂ්ටිය ප්‍රහාණය වෙනවා. මනසට අරමුණු වන දේ අනිත්‍ය වශයෙන් ….(පෙ)…. මනසේ විඤ්ඤාණය අනිත්‍ය වශයෙන් ….(පෙ)…. මනසේ ස්පර්ශය අනිත්‍ය වශයෙන් ….(පෙ)…. මනසේ ස්පර්ශයෙන් උපදින්නා වූ සැප වේවා, දුක් වේවා, දුක් සැප රහිත වේවා යම් කිසි විඳීමක් ඇත්ද, එයත් අනිත්‍ය වශයෙන් දන්නා විට, දකිනා විට මිත්‍යා දෘෂ්ටිය ප්‍රහාණය වෙනවා. පින්වත් භික්ෂුව, ඔය විදිහට දන්නා විට තමයි, ඔය විදිහට දකිනා විට තමයි මිත්‍යා දෘෂ්ටිය ප්‍රහාණය වෙන්නේ.
සාදු! සාදු!! සාදු!!!
මිච්ඡාදිට්ඨිප්පහාන සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_1-16-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M