පින්වත් මහණෙනි, මේ බඹසර වසන්නේ (කෙලෙස් නැමැති) ගෝලයන් නැතුවයි, (කෙලෙස් නැමැති) ගුරුවරුන් ද නැතුවයි, පින්වත් මහණෙනි, (කෙලෙස් නැමැති) ගෝලයන් ඇතිව, (කෙලෙස් නැමැති) ගුරුවරුන් ඇතිව ඉන්නා භික්ෂුව දුකිනුයි, අපහසුවෙනුයි වාසය කරන්නේ. පින්වත් මහණෙනි, (කෙලෙස් නැමැති) ගෝලයන් නැතුව, (කෙලෙස් නැමැති) ගුරුවරුන් නැතුව ඉන්නා භික්ෂුව සැපෙනුයි, පහසුවෙනුයි වාසය කරන්නේ.
පින්වත් මහණෙනි, (කෙලෙස් නැමැති) ගෝලයන් ඇතිව, (කෙලෙස් නැමැති) ගුරුවරුන් ඇතිව ඉන්නා භික්ෂුව දුකින්, අපහසුවෙන් වාසය කරන්නේ කොහොමද? පින්වත් මහණෙනි, මෙහිලා භික්ෂුවහට ඇසෙන් රූපයක් දැකලා, කෙලෙසුන්ට බැඳෙන, වේගවත් සිතිවිලි ඇති, පාපී අකුසල් දහම් උපදිනවා. ඒවා තමයි ඔහු තුළ පදිංචි වෙලා තියෙන්නේ. ලාමක අකුසල ධර්මයන් ඔහු තුළ පදිංචි වෙලා තියෙනවා යන කාරණය තමයි (කෙලෙස් නැමැති) ගෝලයන් ඇතිව ඉන්නවා කියන්නේ. ඒ අකුසල් තමයි ඔහුව හසුරවන්නේ. පාපී අකුසල ධර්මයන් ඔහුව පාලනය කරනවා යන අර්ථයෙනුයි (කෙලෙස් නැමැති) ගුරුවරුන් ඇතිව ඉන්නවා කියලා කියන්නේ.
පින්වත් මහණෙනි, නැවත අනෙකක් කියමි. භික්ෂුවට කනෙන් ශබ්දයක් අහලා ….(පෙ)…. පින්වත් මහණෙනි, නැවත අනෙකක් කියමි. භික්ෂුවට නාසයෙන් ගඳ-සුවඳක් දැනගෙන ….(පෙ)…. පින්වත් මහණෙනි, නැවත අනෙකක් කියමි. භික්ෂුවට දිවෙන් රසයක් විඳලා ….(පෙ)…. පින්වත් මහණෙනි, නැවත අනෙකක් කියමි. භික්ෂුවට කයෙන් පහසක් ලබලා ….(පෙ)….
පින්වත් මහණෙනි, නැවත අනෙකක් කියමි. මෙහිලා භික්ෂුවට මනසින් අරමුණක් සිතලා, කෙලෙසුන්ට බැඳෙන, වේගවත් සිතිවිලි ඇති, පාපී අකුසල් දහම් උපදිනවා. ඒවා තමයි ඔහු තුළ පදිංචි වෙලා තියෙන්නේ. ලාමක අකුසල ධර්මයන් ඔහු තුළ පදිංචි වෙලා තියෙනවා යන කාරණය තමයි (කෙලෙස් නැමැති) ගෝලයන් ඇතිව ඉන්නවා කියන්නේ. ඒ අකුසල් තමයි ඔහුව හසුරවන්නේ. පාපී අකුසල ධර්මයන් ඔහුව පාලනය කරනවා යන අර්ථයෙනුයි (කෙලෙස් නැමැති) ගුරුවරුන් ඇතිව ඉන්නවා කියලා කියන්නේ. පින්වත් මහණෙනි, (කෙලෙස් නැමැති) ගෝලයන් ඇතුව, (කෙලෙස් නැමැති) ගුරුවරුන් ඇතුව ඉන්නා භික්ෂුව දුකින් අපහසුවෙන් වාසය කරන්නේ ඔන්න ඔය ආකාරයටයි.
පින්වත් මහණෙනි, (කෙලෙස් නැමැති) ගෝලයන් නැතුව, (කෙලෙස් නැමැති) ගුරුවරුන් නැතුව ඉන්නා භික්ෂුව සැපෙනුයි, පහසුවෙනුයි වාසය කරන්නේ කොහොමද? පින්වත් මහණෙනි, මෙහිලා භික්ෂුව හට ඇසෙන් රූපයක් දැකලා, කෙලෙසුන්ට බැඳෙන, වේගවත් සිතිවිලි ඇති, පාපී අකුසල් දහම් උපදින්නේ නෑ. ඒවා ඔහු තුළ පදිංචි වෙලා නෑ. ලාමක අකුසල ධර්මයන් ඔහු තුළ පදිංචි වෙලා නැත යන කාරණයෙන් තමයි (කෙලෙස් නැමැති) ගෝලයන් නැතුව ඉන්නවා කියලා කියන්නේ. ඒ අකුසල් ඔහුව හසුරවන්නේ නෑ . පාපී අකුසල ධර්මයන් ඔහුව පාලනය කරන්නේ නැත යන අර්ථයෙනුයි (කෙලෙස් නැමැති) ගුරුවරුන් නැතුව ඉන්නවා කියලා කියන්නේ.
පින්වත් මහණෙනි, නැවත අනෙකක් කියමි. භික්ෂුවට කනෙන් ශබ්දයක් අහලා ….(පෙ)…. නාසයෙන් ගඳ-සුවඳක් දැනගෙන ….(පෙ)…. දිවෙන් රසයක් විඳලා ….(පෙ)…. කයෙන් පහසක් ලබලා ….(පෙ)…. පින්වත් මහණෙනි, නැවත අනෙකක් කියමි. මෙහිලා භික්ෂුවට මනසින් අරමුණක් සිතලා, කෙලෙසුන්ට බැඳෙන, වේගවත් සිතිවිලි ඇති, පාපී අකුසල් දහම් උපදින්නේ නෑ. ඒවා ඔහු තුළ පදිංචි වෙලා නෑ. ලාමක අකුසල ධර්මයන් ඔහු තුළ පදිංචි වෙලා නැත යන කාරණයෙන් තමයි (කෙලෙස් නැමැති) ගෝලයන් නැතුව ඉන්නවා කියලා කියන්නේ. ඒ අකුසල් ඔහුව හසුරවන්නේ නෑ. පාපී අකුසල ධර්මයන් ඔහුව පාලනය කරන්නේ නැත යන අර්ථයෙනුයි (කෙලෙස් නැමැති) ගුරුවරුන් නැතුව ඉන්නවා කියලා කියන්නේ.
පින්වත් මහණෙනි, මේ අකාරයට තමයි (කෙලෙස් නැමැති) ගෝලයන් නැතුව, (කෙලෙස් නැමැති) ගුරුවරුන් නැතුව ඉන්නා භික්ෂුව සැපෙන්, පහසුවෙන් වාසය කරන්නේ. පින්වත් මහණෙනි, මේ බඹසර වසන්නේ (කෙලෙස් නැමැති) ගෝලයන් නැතුවයි, (කෙලෙස් නැමැති) ගුරුවරුන්ද නැතුවයි, පින්වත් මහණෙනි, (කෙලෙස් නැමැති) ගෝලයන් ඇතිව, (කෙලෙස් නැමැති) ගුරුවරුන් ඇතිව ඉන්නා භික්ෂුව දුකිනුයි, අපහසුවෙනුයි වාසය කරන්නේ. පින්වත් මහණෙනි, (කෙලෙස් නැමැති) ගෝලයන් නැතුව, (කෙලෙස් නැමැති) ගුරුවරුන් නැතුව ඉන්නා භික්ෂුව සැපෙනුයි, පහසුවෙනුයි වාසය කරන්නේ.
සාදු! සාදු!! සාදු!!!
අන්තේවාසික සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_1-15-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M