ඉදින් පින්වත් මහණෙනි, අන්‍යාගමික පිරිවැජියන් ඔබෙන් මේ විදිහට විමසන්න පුඵවන්. “එම්බා ආයුෂ්මතුනි, කුමක් පිණිසද ශ්‍රමණ ගෞතමයන්ගේ ශාසනයෙහි බඹසර වසන්නේ?” කියලා. ඔය විදිහට ඇසූ විට පින්වත් මහණෙනි, ඒ අන්‍යාගමික පිරිවැජියන්ට ඔබ පිළිතුරු දිය යුත්තේ මෙහෙමයි. “එම්බා ආයුෂ්මතුනි, භාග්‍යවතුන් වහන්සේගේ සසුනෙහි බඹසර වසන්නේ දුක පිරිසිඳ දැකීම පිණිසයි.” කියලා. එතකොට පින්වත් මහණෙනි, යම් හෙයකින් අන්‍යාගමික පිරිවැජියන් ඔබගෙන් මේ විදිහට අහන්න පුළුවන්. “එම්බා ආයුෂ්මතුනි, ශ්‍රමණ ගෞතමයන්ගේ සසුනෙහි බඹසර වසන්නේ යමක් පිරිසිඳ දැකීමට නම්, ඒ දුක මොකක්ද?” කියලා. පින්වත් මහණෙනි, ඔය විදිහට ඇසූ විට ඒ අන්‍යාගමික පිරිවැජියන්ට ඔබ පිළිතුරු දිය යුත්තේ මෙහෙමයි.
එම්බා ආයුෂ්මතුනි, ඇස යනු දුකයි. එය පිරිසිඳ දැකීම පිණිස තමයි භාග්‍යවතුන් වහන්සේගේ සසුනෙහි බඹසර වසන්නේ. රූප යනු දුකයි. එය පිරිසිඳ දැකීම පිණිස තමයි භාග්‍යවතුන් වහන්සේගේ සසුනෙහි බඹසර වසන්නේ. ඇසේ විඤ්ඤාණය යනු දුකයි. එය පිරිසිඳ දැකීම පිණිස තමයි භාග්‍යවතුන් වහන්සේගේ සසුනෙහි බඹසර වසන්නේ. ඇසේ ස්පර්ශය යනු දුකයි. එය පිරිසිඳ දැකීම පිණිස තමයි භාග්‍යවතුන් වහන්සේගේ සසුනෙහි බඹසර වසන්නේ. ඇසේ ස්පර්ශයෙන් උපදින්නා වූ සැප වේවා, දුක් වේවා, දුක් සැප රහිත වේවා යම් විඳීමක් ඇත්ද, එයත් දුකයි. එය පිරිසිඳ දැකීම පිණිස තමයි භාග්‍යවතුන් වහන්සේගේ සසුනෙහි බඹසර වසන්නේ.
කන යනු දුකයි ….(පෙ)…. නාසය යනු දුකයි ….(පෙ)…. දිව යනු දුකයි ….(පෙ)…. කය යනු දුකයි ….(පෙ)…. මනස යනු දුකයි. එය පිරිසිඳ දැකීම පිණිස තමයි භාග්‍යවතුන් වහන්සේගේ සසුනෙහි බඹසර වසන්නේ ….(පෙ)…. මනසේ ස්පර්ශයෙන් උපදින්නා වූ සැප වේවා, දුක් වේවා, දුක් සැප රහිත වේවා යම් විඳීමක් ඇත්ද, එයත් දුකයි. එය පිරිසිඳ දැකීම පිණිස තමයි භාග්‍යවතුන් වහන්සේගේ සසුනෙහි බඹසර වසන්නේ. එම්බා ආයුෂ්මතුනි, භාග්‍යවතුන් වහන්සේගේ සසුනෙහි බඹසර වසන්නේ යමක් පිරිසිඳ දැකීමට නම් ඒ දුක යනු මෙයයි. පින්වත් මහණෙනි, ඔය විදිහට ඇසූ විට ඒ අන්‍යාගමික පිරිවැජියන්ට ඔබ පිළිතුරු දිය යුත්තේ මේ විදිහට තමයි.
සාදු! සාදු!! සාදු!!!
කිමත්ථිය සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_1-15-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M